අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත විශාලතම අන්තර්ජාල අලෙවිය වන Daraz Mobile Week හිදී realme විසින් සිය “Dare to Leap” සංකල්පය ප්රදර්ශනයට

අගෝස්තු මාසයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල ස්මාර්ට්ෆෝන් සහ ඉලෙක්ට්‍රොනික් අලෙවියෙහිදී, ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන realme විසින් සිය නවීනතම ජංගම දුරකථන සහ උපාංග ප්‍රදර්ශනය කිරීම සඳහා සැදී පැහැදී සිටී.

ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල සාප්පු සවාරි වෙබ් අඩවිය වන Daraz.lk සිය විශාලතම අන්තර්ජාල අලෙවිය අගෝස්තු 27 වන දින එළිදක්වනු ඇත. Daraz Mobile Week (DMW) ලෙස නම් කර ඇති මෙය අගෝස්තු මාසයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකාවේ විශාලතම අන්තර්ජාල අලෙවිය වේ. පාරිභෝගිකයින්ට පැරණි දේ වෙනුවට අලුත් දේ සඳහා යොමු වීමට අවස්ථාවක් ලබා දෙමින් DMW වෙතින් එකම තැනකින් විවිධ අංග සැපයීමට  කටයුතු කිරීමට නියමිතය. මෙම අංග අතර විවිධ ගනයේ ස්මාර්ට් ජංගම දුරකතන, ටැබ්ලට් සහ විදුලි උපකරණ, free shipping පහසුකම යටතේ සැපයීමට නියමිතය.

realme  මෑතකදී Daraz.lk හි ජංගම සහ ටැබ්ලට් සන්නාම ලැයිස්තුගත කිරීම් වලින් ඉහළම ස්ථාන තුනෙන් එකක් උපයා ගත්  අතර, අන්තර්ජාල සාප්පු සවාරි යන්නන් සඳහා විවිධ කේවල් කිරීම් සහිතව DMWහි පෙනී සිටීමට සුදානමින් සිටී.

මෙහිදී සිය අදහස් දක්වමින් realme හි අලෙවිකරණ අංශ ප්‍රධානී ෂෝන් යන් මහතා මෙසේ පැවසීය. “ශ්‍රී ලංකා වෙළඳපොලේ වේගයෙන් වර්ධනය වන ස්මාර්ට්ෆෝන් සන්නාමය බවට realme මේ වනවිට පත්වී තිබෙනවා.realme මෑතකදී Daraz.lk හි ජංගම සහ ටැබ්ලට් සන්නාම ලැයිස්තුගත කිරීම්වල තෙවන ස්ථානය ද දිනා ගනු ලැබුවා. එසේම Flagship Storeහි 93% ක ධනාත්මක විකුණුම් ශ්‍රේණිගත කිරීම් වලටද realme ඇතුලත් වී තිබෙනවා. Darazහි Flagship Store ඇතුලත https://click.daraz.lk/e/_7nBJg මගින් DMW අලෙවියට සම්බන්ධ විය හැකිය. එසේම DMW අලෙවියට සම්බන්ධ වන පාරිභෝගිකයන්ට නොමිලේ තෑගි දිනාගැනීමේ හැකියාවද පවතිනවා.realme  යනු තාරුණ්‍යය ඉලක්ක කරගත් ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමයක් වන අතර  මුල්ම ආගමනයෙන් අවුරුදු තුනක් ඇතුලත ගෝලීය වෙළදපලවල් 61කට ඇතුළු වීමට  අපට  හැකියාව ලැබුනා. realme සිය “Dare to Leap” සමඟ  2018 දී  ආරම්භ කරන ලද්දේ ජංගම දුරකථන සන්නාම  200 කට වැඩි ප්‍රමාණයක් වෙළඳපොලේ තිබියදීය. . මේ සියල්ල නොතකා වර්තමානයේ ලොව වේගයෙන්ම වර්ධනය වන ස්මාර්ට් ජංගම දුරකතන සන්නාමය  බවට අද වන විට realme පත්ව සිටිනවා. DMW අලෙවිය තුලදීද සිය “Dare to Leap” සංකල්පය ප්‍රදර්ශනය කිරීමට realme සැදී පැහැදී සිටිනවා”

ශ්‍රී ලාංකික realme පාරිභෝගිකයන්ට සහ අන්තර්ජාල කේවල්කරුවන්ට https://click.daraz.lk/e/_7nBJg ඔස්සේ realme, Flagship Store වෙත පිවිසිය හැකිය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *