අමානා තකාෆුල් රක්ෂණ සමාගම අඛණ්ඩව තුන්වන කාර්තුව සඳහාත් සිය වර්ධනය තහවුරු කරයි

අමානා තකාෆුල් රක්ෂණ සමාගම (ATI) මෙරට සමස්ත රක්ෂණ ක්ෂේත්‍රය සමග සසඳන විට 2021 වසරේ තුන්වන කාර්තුව සඳහාත් අඛණ්ඩ වර්ධනයක් වාර්තා කිරීමට සමත් වූ බව එම සමාගම නිවේදනය කරයි.  පසුගිය වසරේ තුන්වන කාර්තුව හා සැසඳීමේ දී ද සියලුම ප්‍රධාන රක්ෂණ අංශ හරහා සුවිශේෂී  වර්ධනයක් සාක්ෂාත් කරගැනීමට අමානා තකාෆුල් රක්ෂණ සමාගම සමත් වී ඇත.

අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ මෙට්‍රො අලෙවිකරණය සඳහා වන නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී නෞෂාර්ඩ් කාසිම් මහතා එම සමාගමේ  කාර්ය සාධනය පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසුවේ ය.  “මේ වසරේ තුන්වන කාර්තුව තුළ අප සමාගමේ කාර්ය සාධනය පිළිබඳ සිදුකළ විශ්ලේෂණයේ දී, අපගේ වර්ධන අනුපාතය මේ රටේ රක්ෂණ ක්ෂේත්‍රය තුළ වාර්තා වුණු ඉහළම වර්ධන අනුපාතයන් අතර පවතින බව තහවුරු වුණා.  එහි ප්‍රතිඵලයක් විදියට 2021 වසරේ දී අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ  සමස්ත වෙළෙඳපොළ ප්‍රතිශතය අඛණ්ඩව වර්ධන වෙමින් පවතිනවා. මෙම වර්ධනය වාර්තා කිරීමට අප සමාගම සමත් වන්නේ කොවිඩ් වසංගතයේ තුන්වන රැල්ලත් සමගින්, ශ්‍රී ලංකාවේ රක්‍ෂණ ක්‍ෂේත්‍රය ඉතා අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දී සිටින අතරතුර වීම විශේෂත්වයක්.”

අමානා තකාෆුල් රක්ෂණ සමාගම 2021 වසරේ තුන්වන කාර්තුව තුළ  වාර්ෂික පදනම මත, සිය සියලු ම ප්‍රධාන රක්ෂණ කාණ්ඩවල වර්ධනයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එහි දී සියලු ම වර්ගයේ මෝටර් නොවන රක්ෂණ 45% කින් සහ මෝටර් රථ රක්ෂණ අංශය 11% කින් වර්ධනය වී ඇත. එහි දී විශාලතම වර්ධනයක් පෙන්නුම් කළ මෝටර් රථ නොවන රක්ෂණ අංශය වූයේ සමුද්‍ර රක්ෂණය වන අතර, එය ප්‍රතිශතයක් ලෙස ගත් කල 79% කි. දෙවන විශාලතම වර්ධනයක් වර්තා කළේ 77% ක වර්ධන අනුපාතයක් වාර්තා කළ වෛද්‍ය රක්ෂණ අංශයයි. එමෙන් ම අමානා තකාෆුල් ගිනි හා ඉංජිනේරු අංශය ද 36% කින් වර්ධනය විය.  මෙම සියලු වර්ධන ප්‍රතිශතයන් මෙරට සමස්ත රක්ෂණ ක්ෂේත්‍රය සමග සසඳන විට සැලකිය යුතු ලෙස ඉහළ අගයක් ගනී.

අමානා තකාෆුල් රක්ෂණ සමාගමේ මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව අදහස් දැක් වූ එම සමාගමේ ප්‍රධාන අලෙවි නිලධාරී සුරේෂ් බස්නායක මහතා පැවසුවේ මෙවන් අදහසකි. “රට අගුලු දැමීමෙන් සහ සංචරණ සීමාවන් ඉවත් කිරීමෙන් පසුව මේ රටේ රක්ෂණ  ක්ෂේත්‍රය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙනවා. තත්ත්වය එසේ වුණත්, අපගේ ආයතනික දැක්ම ශක්තිමත් කරමින්, සේවාවන් ව්‍යප්ත කිරීම සඳහා වඩ වඩාත් ගනුදෙනුකරුවන් ආකර්ෂණය කර ගැනීමට අපගේ කණ්ඩායම සමත් වෙලා තිබෙනවා. අප සමාගමේ මෙම අඛණ්ඩ වර්ධනය 2021 වසරේ මුල සිටම දැක ගැනීමට හැකි වුණා. එම ජයග්‍රහණයේ සියලුම පාර්ශ්ව කරුවන්ගේ විශ්වාසය සහ නොසැලෙන කැපවීම වෙනුවෙන් මම ඔවුන්ට මුළු හදවතින්ම ස්තූතිය පුද කිරීමට කැමතියි.”

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *