ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මාන උළෙලේ දී පැල්වත්ත සමාගම කුසලතා සම්මානය දිනා ගනී!

 2022 අප්‍රේල්, කොළඹ, ශ්‍රී ලංකාව: පැල්වත්ත සමාගම ජාතියේ වඩාත්ම ප්‍රිය කරන කිරි කර්මාන්ත ආයතනය වශයෙනුත්, බහුවිධ ඇගයීම් සහ ජයග්‍රහණ සහිත සන්නාමයක් ලෙසත්, ශ්‍රී ලංකා වෙළෙඳපොළ තුල තවත් තීරණාත්මක සම්මානයක් ලබා ගනී. මෙවර එය ජාතික වාණිජ මණ්ඩලය (NCCSL) විසින් සංවිධානය කරනු ලැබූ 2021 වර්ෂය සඳහා වන ජාතික ව්‍යාපාර විශිෂ්ටතා සම්මානයයි. එම උත්සවය 2022 මාර්තු 22 වන දින BMICH හිදී පැවැත්විණි. උත්සවය විවිධ අංශ සහ කර්මාන්ත ආයතනවල බොහෝ පිරිසකගේ සහභාගීත්වයන්ගෙන් අලංකාර විය.
 මෙම උත්සවය වසර 10 කට වැඩි කාලයක් තිස්සේ සිදුවෙමින් පැවතුනද පැල්වත්ත සමගම මේ සඳහා සහභාගී වූ පලමු අවස්ථාව මෙය වන අතර එහිදී ආහාර පාන අංශයේ නිෂ්පාදන කාණ්ඩයට අදාලව කුසලතා සම්මානය හිමිකර ගත්තේය. මෙම සම්මානය ශ්‍රී ලංකාවේ ආයතනික අංශ අතර පවතින, ව්‍යාපාරික විශිෂ්ටතා සම්මාන අතුරින් වඩාත්ම පිළිගත් සම්මානයකි. පැල්වත්ත සමාගම, ඔවුන් ජයග්‍රාහකයන් බවට පත් කරන බොහෝ කාණ්ඩ සහ සීමාවන් මත පදනම් වේ. එම සම්මාන සඳහා පදනම් වන බොහෝ ක්ෂේත්‍ර අතුරින් කිහිපයක් ලෙස පාර්ශ්වකරුවන්ගේ සුබසාධනය, භාණ්ඩයේ හෝ සේවාවේ ගුණාත්මකභාවය, ආයතනික වගකීම් යනාදිය පෙන්වාදිය හැකිය.
 මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ ප්‍රකාශ කර සිටියේය. “අපගේ විශ්වාසවන්ත පාරිභෝගිකයින්, සෑම විටම අපට සහය වූ වෙහෙස මහන්සි වී වැඩ කරන අපගේ කාර්ය මණ්ඩලය සහ අපව කිසි විටෙකත් පසුබට නොකරන කිරි ගොවි ප්‍රජාව නොවී නම් මෙම සම්මාන කිසිවක් අපට නොලැබී යාමට ඉඩ තිබුණි. පසුගිය වසරවල් පුරාවට අප වෙත රැඳී සිටි සෑම පාර්ශවකරුවෙකුටම සහ අනාගතයේදී අප කෙරෙහි විශ්වාසය තබන තවත් බොහෝ දෙනා වෙනුවෙන්ද මෙම සම්මානය කැප කිරීමට අපි කැමැත්තෙමු”
 “පැල්වත්ත සමාගම සිය නිෂ්පාදන පැය 48ක් ඇතුළත ගොවිපලේ සිට වෙළඳසල දක්වා ගෙනයන ජනතාවගේ සන්නාමයක් බව ජනතාව සහතික කරන අතර අපව ඉදිරියට ගෙන යන්නේ ද  ජනතාවයි. මෙම කණ්ඩායම මෙතරම් දුරක් පැමිණීම ගැන මා ආඩම්බර වන ආකාරය හුදු වචනවලින් විස්තර කරන්න බැහැ වගේම  අප පසුපසින් සිටින මේ කණ්ඩායමත් සමග පැල්වත්ත අනාගතය පෙළගැසී ඇතැයි යන්න මගේ විශ්වාසයයි”. විශේෂයෙන් සෑම කෙනෙකුටම බලපෑම් එල්ල කල පසුගිය වසර කිහිපය තුළ මෙන්ම සැම අවස්ථාවකම ආයතනය සමග සිටි පැල්වත්ත කණ්ඩායමට කෘතඥතාව පළ කරමින් ඔහු මේ බව පැවසීය. කෙසේ වෙතත්, පැල්වත්ත පවුලේ පිරිස  ඔවුන්ගේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට වග බලා ගන්නාවූ පිරිසකි.
 ඇත්තවශයෙන්ම, කිරි නිෂ්පාදනයෙන් අප ජාතිය ස්වයංපෝෂිත කරන බවට පැල්වත්තේ පොරොන්දුව වැඩි ඈතක නොවේ. 100% දේශීය කිරි ගොවීන්ගෙන් පැල්වත්ත සිය කිරි නිෂ්පාදන ලබා ගැනීමෙන් මෙම ඉලක්කය සඳහා සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. ඒ, එයට එහි කිරි ගොවීන්ගෙන්  සහ අභ්‍යන්තර කාර්ය මණ්ඩලය මගින් ලැබෙන නොපසුබට සහයෝගය නිසාය. පොහොර අර්බුදය ඇතුළුව ගොවිතැනට අභියෝග රැසක් තිබුණත් හොඳම දේ ලබා දීම වෙනුවෙන් ගොවි ප්‍රජාව ඔවුන්ගේ කැපවීම මත නොසැලී සිටිති. ඔවුන්ගේ සහයෝගය නොමැතිව මෙම සම්මානයන් කිසිවක් හිමි නොවනු ඇත.
 සංවිධානයක සෑම හස්තයකින්ම සැලකිය යුතු කාර්යභාරයක් ඉටු නොකර විශිෂ්ට ව්‍යාපාරික භාවිතයන් ක්‍රියාත්මක  කළ නොහැකිය. මෙම සම්මානය තුලින් පැල්වත්ත සන්නාමයක් හෝ සමාගමක් ලෙස පමණක් නොව ආනයනය මත යැපීම අවම කිරීම සහ සම්පූර්ණයෙන්ම දේශීය කිරි ගොවීන්ගෙන් ලබා ගන්නා ලද ගුණාත්මක, ගොවිපලවල  නැවුම් කිරි ලබා දීමේ මෙහෙවර ස්ථාපිත කිරීම සඳහා කණ්ඩායමක් සමග එක්ව වැඩ කරන පුද්ගලයින්ගේ වේදිකාවක් ලෙස පැල්වත්ත ප්‍රයත්නයට නායකත්වය දුන්නේය.
 අවිනිශ්චිත කාලයක් තිබියදීත්, පැල්වත්ත තම යුතුකම ඉටු කිරීමට නැවුම්ම නිෂ්පාදන සමඟ එහි විශ්වාසවන්ත පාරිභෝගිකයින්ට සේවය කරන බවට සහතික වේ. එහි පාරිභෝගිකයින්ට අවශ්‍ය සෑම අවස්ථාවකදීම කරන කැපවීම මෙම සම්මානයෙන් සංකේතවත් කරයි. ගොවීන්ට වඩාත් හොඳ ජීවනෝපායක් ලබා ගැනීමට සහාය වීමේ සිට කිරි නිෂ්පාදන සම්බන්ධයෙන් වඩාත් කැමති නිෂ්පාදන හොඳම ගුණාත්මක බව සහතික කරමින්, තම පාරිභෝගිකයින්ට ලබාදීම ද සිදුකරයි. විශ්වාසවන්ත පාරිභෝගිකයන් අද ආයතනය පවතින තත්ත්වයට විශාල හවුල්කරුවෝ වෙති. ඔවුන් සෑම කෙනෙකුටම ප්‍රයෝජනවත් වන හොඳම ව්‍යාපාරික භාවිතයන් පහසුවෙන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය හුදු මිලදී ගැනීමක් පමණක් නොකොට, වෙළඳ නාමයේ සහ එහි අරමුණෙහි ප්‍රබල දායකයින් නොවන්නේ නම් කිසි විටෙකත් මෙම ජයග්‍රහණය කරා සමාගම ළඟා නොවනු ඇත.
 සදාචාරාත්මක, පාරදෘශ්‍ය සහ ජනතා සන්නාමයක් වීමෙන් ව්‍යාපාරික භාවිතයන් මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් අනෙකුත් සියලුම ආයතනවලට ආදර්ශයක් ලෙස පැල්වත්ත ඉදිරිපත් කරයි. ආනයන සහ විදේශ මුදල් අවම කිරීම මගින් රටට සහ  ගොවීන්ට සහය දැක්වීමේ භාවිතයන් සමඟ වත්මන් සන්දර්භය තුළ අනෙකුත් සියලු නිෂ්පාදන සන්නාමයන්ට  ”පැල්වත්ත ආකෘතිය” අනුගමනය කරවීමට අපේක්ෂිත ය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *