තිරසාර සංවර්ධනය වෙනුවෙන් එලායන්ස් ෆිනෑන්ස් සමාගමේ නොපසුබට කැපවීම 2021 කාල්ෂූ තිරසාර මූල්‍ය සම්මාන උලෙලේ උසස්ම සම්මානයෙන් පිදුම් ලබයි…

ශ්‍රී ලාංකේය ජාතිය සවිබල ගැන්වීම වෙනුවෙන් අංගසම්පූර්ණ, තිරසාර මූල්‍ය විසඳුම් නිර්මාණය කිරීම  හා පිරිනැමීම පිළිබඳව වසර 65කට අධික කාලයක් පුරා විශේෂඥභාවයකින් යුතුව කටයුතු කරන මෙරට පැරණිත ම මූල්‍ය සමාගම වන එලායන්ස් ෆිනෑන්ස් (Alliance Finance Co. PLc) තිරසාරභාවය පිළිබඳ තවත් ජාත්‍යන්තර සම්මානයක් දිනා ගැනීමට සමත් විය. තිරසාර සංවර්ධනය සඳහා වූ යුරෝපීය සංවිධානය (EOSD) විසින් පවත්වනු ලැබූ ‘Karlsruhe තිරසාර මූල්‍ය සම්මාන 2021’ මගින් මූල්‍ය ක්ෂේත්‍රය තුළ ගෝලීය වශයෙන් ධනාත්මක බලපෑමක් සිදු කිරීමට සමත් වූ තිරසාර   ව්‍යාපෘති ඇගයීමට ලක් කරමින් සම්මාන ප්‍රදානය කළ අතර, එලායන්ස්  ෆිනෑන්ස් මගින් දියත් කළ ‘එකමුතු බව වෙනුවෙන් ගස් මිලියනයක්’ නම්  සුවිශේෂී රුක් රෝපණ වැඩසටහන එහි දී සම්මානයට පාත්‍ර විය.  මෙම සම්මානය, තිරසාරත්වය වෙනුවෙන් එලායන්ස් සමාගම දක්වන නොමඳ කැපවීම අගයමින්, ආයතනය වෙත 2021 දී පිරිනැමුණු තෙවන සම්මානයයි.

 2018 වසරේ දී එලායන්ස්  ෆිනෑන්ස් සමාගම විසින් ආරම්භ කරන ලද ‘එකමුතුබව වෙනුවෙන් ගස් මිලියනයක්’ රුක් රෝපණ ව්‍යාපෘතිය 2025 වසර වන විට ශ්‍රී ලංකාව පුරා පැළ මිලියන 1.33ක් සිටුවීමේ අරමුණින් ක්‍රියාත්මක වන වැඩසටහනකි. එමෙන් ම මෙම  ව්‍යාපෘතිය වර්ෂ 2030 වන විට ශ්‍රී ලංකාවේ කාබන් පියසටහන කාබන් මෙට්‍රික් ටොන් 120,000කින් අඩු කරලීමට දායක වන අතරම, දිවයිනේ වන ආවරණය 32% දක්වා ඉහළ නැංවීමේ ජාතික වැඩසටහනට ද  (National Bonn Challenge) ඉහල දායකත්වයක් ලබා දීමට අරමුණු කරයි. මෙම ව්‍යාපෘතිය යටතේ මේ වන විට මාර්ග  සංවර්ධන අධිකාරිය (RDA), ශ්‍රී ලංකා සිංහ සමාජය, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාව, විවිධ විශ්වවිද්‍යාල, පාසල්, ආගමික පරිශ්‍ර, මහ නගර සභා සහ නගර සභා යන ආයතන සමඟ එක්වෙමින් පැල 380,000කට අධික ප්‍රමාණයක් සිටුවීමට එලායන්ස්  ෆිනෑන්ස් සමාගම කටයුතු කර ඇත.  එමෙන් ම මෙම ව්‍යාපෘතිය මගින්  මහාමාර්ග, මාර්ග ජාල, නොරොච්චෝලේ බලාගාරය, පාසල් සහ විශේෂයෙන් පූජනීය ස්ථාන ආදී බොහෝ තැන් මේ වනවිටත් ආවරණය කර ඇති බව ද පැවසිය යුතු ම කරුණකි. මෙම ව්‍යාපෘතිය මගින් ශ්‍රී ලංකාව වෙත ප්‍රතිලාභ රැසක් ලබා දීමට අරමුණු කරන අතර, ඉන් ප්‍රධානත ම අරමුණක් වන ජාතික කාබන් පිය සටහන අවම කරලීමට අමතරව විවිධ සමාජයීය ප්‍රතිලාභ රැසක්ද ජනිත කිරීමට ආයතනය බලාපොරොත්තු වේ. මෙම ව්‍යාපෘතියේ ප්‍රධානතම  පැල සැපයුම්කරුවා ලෙස කටයුතු කරන්නේ  ‘ඇත් පවුර’ ව්‍යාපෘතිය මගින් බිහි වූ අද්විතීය ව්‍යවසායකයෙකු වන ජයන්ත බාලසිංහ මහතා යි.  බාලසිංහ මහතාගේ ‘තුරු වියන’ සංවිධානය මගින්  වගා කර ඇති ගුණාත්මක බවින් ඉහළ පැල මෙම ව්‍යාපෘතිය සඳහා ලබාගැනීම තුළින් ව්‍යාපෘතියේ සාර්ථකත්වය තහවුරු කරනවා සේම, අපගේ ව්‍යාපෘතියට සම්බන්ධ වීම හරහා   ‘තුරු වියන’ සංවිධායේ සේවක සේවිකාවන්ගේ ජීවනෝපාය මාර්ගය සංවර්ධනය කිරීම සඳහා  ද දායකත්වය ලබා දෙයි.  මෙවන් සුවිශේෂී ප්‍රථිපල ජනිත කරවන මෙම ව්‍යාපෘතියේ බලපෑම එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක කිහිපයකට ම සෘජු දායකත්වය ලබා දේ.

රුක් රෝපණ වැඩසටහන් වලට අමතරව එලායන්ස්  ෆිනෑන්ස් සමාගම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ආරම්භ කරන ලද රුක් රෝපණ වැඩසටහන් නිරීක්ෂණය කිරීම සඳහා විශේෂ  වෙබ් අඩවියක් හා ජංගම යෙදුමක් නිර්මාණය කිරීමට  සහාය ලබා දී ඇත. එමගින් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් දියත් කළ ‘මග දෙපස තුරු සෙවණ’ පැළ මිලියන දෙකක් වගා කිරීමේ  රුක් රෝපණ ව්‍යාපෘතිය වඩාත් ඵලදායී කරගැනීමට සහ එහි ප්‍රගතිය අධීක්‍ෂණය කිරීමට සුවිශේෂී  දායකත්වයක් ලබා දේ. වසර 4ක කාලයක් පුරා ක්‍රියාත්මක වීමට නියමිත මෙම ව්‍යාපෘතියට එහි ප්‍රධානතම පාර්ශවකරුවකු වන එලායන්ස් ආයතනයේ දායකත්වය පැල ලක්ෂ අටක් වේ.  

මෙම සම්මානය පිළිබඳව අදහස් දක්වමින් එලායන්ස්  ෆිනෑන්ස්  නියෝජ්‍ය සභාපති හා කළමණාකාර අධ්‍යක්ෂ රොමානි ද සිල්වා මහතා පැවසුවේ, “මෙම  සම්මානය අපට විශාල ගෞරවයක්.  එලායන්ස්  ෆිනෑන්ස් සමාගම ක්‍රියාත්මක කරන සෑම ව්‍යාපෘතියක් ම ඉහළ ප්‍රමිතියෙන් යුතුව සිදු කිරීමට අප නිරන්තරයෙන් වග බලා ගන්නවා. මෙම සම්මානය එයට හොඳ ම  සාක්ෂියක්.  නව වසරේ දී අපගේ තිරසාර ව්‍යාපෘති අඛණ්ඩව කරගෙන යාමට වගේ ම, තවත් වැඩිදියුණු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.”

එලායන්ස්  ෆිනෑන්ස් සමාගම සාමාජීය හා පාරිසරික වැඩසටහන් වෙනුවෙන්  සිය වාර්ෂික ලාභාංශයෙන්  4%ක් වෙන් කරයි.  සමාජ සවිබල ගැන්වීමේ වැඩසටහන් වලට අමතරව, විවිධ මූල්‍ය පරිත්‍යාගයන් හා මූල්‍ය අනුග්‍රහයන් සිදු කරන එලායන්ස්  ෆිනෑන්ස් සමාගම, දියත්  කරන සියලු ම තිරසාර වැඩසටහන් මගින් පරිසරයට හා සමාජයට ප්‍රතිලාභ රාශියක් සපයයි.  එලායන්ස්  ෆිනෑන්ස් සමාගම  2020/21 මූල්‍ය වර්ෂය තුළ සමාජ ශුභසාධන වැඩසටහන් සඳහා  ආයෝජනය කළ මුදල රුපියල් මිලියන 12 ඉක්ම වූ අතර, 2022/2023 සඳහා යෙදවීමට බලාපොරොත්තු වන මුදල රුපියල් මිලියන 40 කි.

ව්‍යාපාරයේ නිර්මාතෘවරුන්ගේ මූලික දැක්ම ආයතනිකකරණයට ලක් කරමින් 2012 දී, සමාජය; පරිසරය සහ ලාභය යන මූලික තිරසාරත්ව සංකල්පයන්  ත්‍රිත්වය සිය ව්‍යාපාරයට ඒකාබද්ධ කරගන්නට යෙදුනු  එලායන්ස්  ෆිනෑන්ස් සමාගම, එදා මෙදාතුර කාලයේදී  ජාත්‍යන්තර ප්‍රමිතීන්ට සමගාමී තිරසාරත්වයේ මූලධර්ම හා හොඳ ම භාවිතයන් සිය ප්‍රධාන ව්‍යාපාරික ආකෘතියට එක් කරගැනීමට සමත් වී ඇත. 2018 වසරේ දී,  තිරසාර ප්‍රමිතින් සහ සහතිකකරණ වැඩසටහනට (SSCI) සඳහා අයදුම් කළ එලායන්ස්  ෆිනෑන්ස් සමාගම,  තිරසාරත්ව සංකල්ප පූර්ණ  වශයෙන් ව්‍යාපාරයට අනුගත කිරීම වෙනුවෙන් සහතික ලත්, දකුණු ආසියාවේ පළමු , අගය මත පදනම් වූ ප්‍රමුඛතම මූල්‍ය සමාගම බවට පත් වීමට 2020 දී සමත් විය.  මෑත කාලීනව එලායන්ස්  ෆිනෑන්ස් සමාගම  පාරිසරික සහ සමාජ යහපැවැත්ම කෙරෙහි අවධානය යොමු කරමින් විවිධ වැඩසටහන් ආරම්භ කරමින් ක්‍රියාත්මක කළ අතර, ඒ හා  සමාන අදහස් ඇති පාර්ශ්වකරුවන් සමඟ බහු ආයෝජන හවුල්කාරිත්වයන් ගොඩනගාගැනීමට ද කටයුතු කර ඇත.

තිරසාර සංවර්ධනය සඳහා වූ යුරෝපීය සංවිධානය (EOSD) පිළිබඳව

 තිරසාර සංවර්ධනය සඳහා වූ යුරෝපීය සංවිධානය (EOSD)  යනු, ජර්මනියේ, කාල්ෂූ නගරයේ ස්ථාපිත , නව්‍ය මෙන් ම පාරිසරික වශයෙන් තිරසාර උපාය මාර්ග, වෙළෙඳපොළ  සංවර්ධන වැඩසටහන් සහ තිරසාර සංවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපාය මාර්ග ක්‍රියාවට නැංවීම සඳහා දායක වන ගෝලීය පුරෝගාමියෙකි.  ලොව පුරා රාජ්‍ය ආයතන, උපාය මාර්ගික සංවිධාන, තිරසාර ආර්ථික සංවර්ධනය හා පාරිසරික ආරක්ෂාව වේගවත් කිරීම සඳහා කටයුතු කරන මූල්‍ය අංශයේ ප්‍රධාන ආයතන සමග සහයෝගීතාවන් ගොඩනගාගෙන සිටින මෙම සංවිධානය  ලොව පුරා තිරසාරත්වය ගොඩනැංවීම සඳහා කැප වෙයි.

එලායන්ස්  ෆිනෑන්ස් සමාගම පිළිබඳව

එලායන්ස්  ෆිනෑන්ස් සමාගම වසර 65 කට වැඩි ඉතිහාසයකට උරුමකම් කියන  පැරණිතම ශ්‍රී ලාංකේය මූල්‍ය සමාගමක් වන අතර, සිය ගනුදෙනුකරුවන් වෙත විශ්වසනීය මූල්‍ය සේවාවන් මගින් තිරසාරත්වය ගොඩනැංවීම සඳහා දායක වන පුරෝගාමී ආයතනයකි.  තිරසාර ප්‍රමිති සහ සහතිකකරණ ක්‍රියාවලිය (SSCI) මගින් පරිපූර්ණ තිරසාරත්වය පිළිබඳ සහතික ලත් ප්‍රථම දකුණු ආසියානු මූල්‍ය සමාගම බවට පත් වූ එලායන්ස්  ෆිනෑන්ස් සමාගම  සිය ගනුදෙනුකරුවන්ගේ විශ්වාසය දිනා ගනිමින් මෙන් ම ඔවුන්ගේ සංවර්ධනය හා සමෘද්ධිමත් බව ගොඩනැංවීමේ අරමුණින් ක්‍රියාත්මක වන සමාගමකි. පාරිසරික සහ තිරසාර වැඩසටහන් එලායන්ස්  ෆිනෑන්ස් සමාගමේ ප්‍රධානතම ව්‍යාපෘතීන් ලෙස දැක්විය හැකි අතර, එමගින් එම සමාගමේ අරමුණ වන ‘තිරසාර මූල්‍ය විසඳුම් හරහා ලෝකය වඩා යහපත් තැනක් බවට පත් කිරීම’ සඳහා මහත් ශක්තියක් ලබා දෙයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *