තිරසාර සංවර්ධන ඉලක්ක දේශීයකරණය සඳහා #ActionToImpact ජාතික වැඩසටහන දියත් කෙරේ

මෑත කාලීනව මුළු ලෝකයම විශාලතම සෞඛ්‍ය අර්බුදයකට මුහුණ දී සිටී. කොවිඩ් 19 වෛරසය විසින් සොබාදහම, මිනිසුන්, ආර්ථිකය සහ එක් එක් තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) අතර අන්තර් සම්බන්ධතාවයේ වැදගත්කම ඔප්පු කර ඇත. 2030 වන විට මෙම ගෝලීය අරමුණු සාක්ෂාත් කර ගැනීමට යම් ප්‍රමාදයක් සිදුව ඇති බව පෙනේ. එසේම වසංගත තත්ත්වය ලෝකය ඉදිරියේ විශාල අභියෝගයක් ඉදිරිපත් කර ඇති අතර සෞඛ්‍ය රැකවරණය වැනි වැඩි අවධානයක් යොමු කළ යුතු අංශ පිළිබඳව අනාවරණය කර තිබේ.  දරිද්‍රතාවය දිගු කලක් තිස්සේ මුළු ලෝකයටම තීරණාත්මක කාරණයක් වී ඇත. ඉදිරියේදී කෝවිඩ් 19 සහ එහි ප්‍රතිඵල හේතුවෙන් බිලියන භාගයක් පමණ ජනතාව දරිද්‍රතාවයට ඇද වැටෙනු ඇතැයි ගණන් බලා තිබේ. සෞඛ්‍ය ආරක්ෂණය, ශුන්‍ය සාගින්න, යහපත් ක්‍රියාමාර්ග, ගුණාත්මක අධ්‍යාපනය සහ නියමිත වේලාවට අදාළ අනෙකුත් අරමුණු සාක්ෂාත් කර ගැනීම වෛරසය පරාජය කිරීමේ උත්සාහයන් හේතුවෙන් පසුබෑමකට ලක්ව ඇත. කෙසේ වෙතත්, කොවිඩ් -19 යනු SDGs කෙරෙහි නැවත අවධානය යොමු කිරීම සහ අනාගත අභියෝග සඳහා වඩා හොඳින් සූදානම් වීම සඳහා වන අවදි කිරීමේ කැඳවීමක් ලෙසද දැකිය හැකිය.

මෙම පසුබිම තුළ, ප්‍රජා ආධාරක වැඩසටහන වල පෙරමුණ ගෙන සිටින Road to Rights ජාත්‍යන්තර තරුණ සංවිධානය අගෝස්තු මාසයේ දී #ActionToImpact ජාතික වැඩසටහන දියත් කරනු ඇත. ඔවුන් මෙම වැඩසටහන  දියත් කරනු ලබන්නේ ශ්‍රී ලංකාව පමණක් නොව මුළු ලෝකයම මානව වර්ගයාගේ විශාලතම අභියෝග සමඟ පොරබදමින් සිටින අවස්ථාවකය. කොවිඩ් 19 ව්‍යාප්තිය ලොව පුරා විශාල විනාශයක් ඇති කර ඇති අතර දේශගුණික විපර්යාසයන්ගේ බලපෑම් ද එලෙසම පවතී. එබැවින් තිරසාර සංවර්ධන ඉලක්කයක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය වෙන කවරදාටත් වඩා දැකගත හැකි අතර එවා ක්‍රියාත්මක කිරීමට වර්තමානය තරම් සුදුසු කාලයක් නොමැති තරම්ය.

SDGs  සහ එම අරමුණු වල ප්‍රධාන ඉලක්කය කුමක්ද යන්න පිළිබඳව බොහෝ අය නොදන්නා බව නිරීක්ෂණය වී තිබේ. සංසද, සාකච්ඡා, සමාජ මාධ්‍ය වැනි විවිධ ක්‍රියාකාරකම් තුළින් SDGs පිළිබඳ දැනුවත්භාවය ඇති කිරීම සඳහා ActionToImpact වැඩසටහන ඉවහල් වනු ඇත. ඒ අනුව වසර 9 ක් පුරා පැවැත්වෙන මෙම වැඩසටහන මාලාවේ මෙවර ActionToImpact වැඩසටහනේ මූලික පරමාර්ථය වනුයේ පාර්ශවකරුවන්ට, ව්‍යාපාරවලට, සිවිල් සමාජයට, තරුණයින්ට සහ රජයට තිරසාර සංවර්ධන ඉලක්ක (SDGs) සාක්ෂාත් කර ගැනීම සඳහා සහයෝගයෙන් කටයුතු කළ හැකි වේදිකාවක් නිර්මාණය කිරීමයි.

එහිදී  තිරසාර සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කරන ශ්‍රී ලංකාවේ ප්‍රථම බහු පාර්ශ්වකරුවන්ගේ වේදිකාව වන www.srilanka2030.lk වෙබ් අඩවිය දියත් කිරීමත් සමඟ මෙම සියලු අංශ ඒකාබද්ධ වනු ඇත. මෙම වෙබ් අඩවිය දැනුම හා සම්පත්, තිරසාර භාවිතයන් සහ පර්යේෂණ දත්ත හුවමාරු කර ගැනීම සහ දිගුකාලීනව වැඩසටහනෙහි ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහාවන ද්වාරයකි. ප්‍රවර්ධන වැඩසටහන දියත් කිරීමට සමගාමීව SDGs කෙරෙහි අවධානය යොමු කිරීමේ වැදගත්කම පැහැදිලි කිරීම සඳහා කීර්තිමත් කථිකයින් සමඟ සාකච්ඡා මාලාවක් පැවැත්වේ. එහිදී ගෝලීය තිරසාර සංවර්ධනය සහ දේශීය වශයෙන් අවධානය යොමු කලයුතු ප්‍රධාන තිරසාර සංවර්ධන ඉලක්ක වඩාත් දේශීයකරණය කරමින් මෙරට ජනතාවට හෘදයාංගමව සමීප කරවනු ඇත.

වර්තමානයේදී ලොව පුරා තිරසාර සංවර්ධනය පිළිබඳ වූ පර්යේෂණ සම්බන්ධයෙන් බොහෝ කතාබහක් ඇතිවී ඇති නමුත් දේශීය වශයෙන් සම්පත් සොයා ගත නොහැක. ActionTo Impact වැඩසටහන මඟින් SDGs පිළිබඳ පර්යේෂණ ආරම්භ කිරීමට අඩිතාලම දමනු ඇති අතර එමඟින් එම පර්යේෂණ දිගු කාලීනව සංවර්ධන ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කිරීමට යොදා ගත හැකිය. SDGs උපාය මාර්ග සාක්ෂාත් කර ගැනීම සඳහා පියවර ගැනීමට තරුණයින් බල ගැන්වීම මෙම වැඩසටහනේ තවත් ප්‍රධාන අරමුණකි. මේ සඳහා ශ්‍රී ලංකාවේ ජාතික තිරසාර සංවර්ධන කවුන්සිලය, තිරසාර සංවර්ධනය සඳහා කටයුතු කරන අනෙකුත් ආයතන හා සංවිධාන සමඟ එක්ව කටයුතු කරනු ලබයි.

ActionToImpact හි දිගුකාලීන සැලසුම් සම්බන්ධයෙන් විමසීමේදී මෙම වැඩසටහන පළාත් සහ දිස්ත්‍රික් මට්ටමේ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ලැබේ. බිම් මට්ටමේ සිට ප්‍රාදේශීය ගැටලු හඳුනාගෙන ඒවා පාර්ශවකරුවන්ගේ සහ ස්වේච්ඡා සේවකයන්ගේ සහාය ඇතිව විසඳනු ලබයි. SDGs සාක්ෂාත් කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කිරීම  සහ දිරිගැන්වීම සඳහා එක් එක් තිරසාර සංවර්ධන ඉලක්ක වෙනුවෙන් වූ කීර්තිමත් තානාපතිවරුන් 17 දෙනෙකු දැනටමත් පත් කර ඇත. මෙම තානාපතිවරු අර්ථවත් ප්‍රවර්ධන වැඩසටහන් හරහා ප්‍රජාවන් සමඟ සම්බන්ධ වී නම් කරන ලද SDGs ප්‍රවර්ධනය කරනු ඇත. එමෙන්ම SDGs පිළිබඳ ප්‍රමාණවත් පර්යේෂණ ද්‍රව්‍ය නොමැතිකම පිළිබඳව අවධානය යොමු කරමින් සංවිධායකයින් 2022 දී තිරසාර සංවර්ධනය පිළිබඳ ජාතික පර්යේෂණ සම්මන්ත්‍රණයක් පැවැත්වීමට ද අපේක්ෂා කරයි.

SDGs කෙරෙහි අවධානය යොමු කර ඇති විශාලතම උපාධි අපේක්ෂක ජාලය ආරම්භ කිරීම ද ActionToImpact වැඩසටහන තුළ දැකගත හැකි සුවිශේෂී කටයුත්තකි. තිරසාර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා ඊළඟ පරම්පරාවේ තරුණ වෘත්තිකයින් පෝෂණය කිරීමට G17 විශ්වවිද්‍යාල තානාපති සම්මේලනය මගින් අපේක්ෂා කරයි. මෙම වැඩසටහන මඟින් ළමයින් # KIDS4SDGs ජාතික වේදිකාව හරහා SDGs කෙරෙහි යොමු කරවීම සහ අනාගතයේ දී තිරසාර භාවිතයන් සඳහා ඔවුන් දායක වන බවට වග බලා ගැනීම සඳහා බලමුලු ගන්වනු ඇත. එපමණක් නොව, ව්‍යාපාර, තරුණ සංවිධාන, රජයේ සංවිධාන සහ ශාස්ත්‍රාලිකයින්ට ActionToImpact වැඩසටහන සඳහා ප්‍රතිඥා ලබා දීමටත්, SDGs කෙරෙහි ඔවුන්ගේ කැපවීම සහතික කිරීමටත් අවස්ථාවක් හිමිවනු ඇත. ඒ අනුව තිරසාර සංවර්ධනය ඉදිරියට ගෙන යාමේ පුරෝගාමියා වන රටේ විශාලතම බහු පාර්ශවකරුවන්ගේ වැඩසටහන මෙමගින් සවිබල ගැන්වෙනු ඇත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *