පාරිභෝගිකයාට සහන රැසක් ලබා දෙමින් Huawei Service Mid-year Fiesta දියත් කරයි

ස්මාර්ට් උපාංග නිෂ්පාදනයේ ලොව ප්‍රමුඛයන් වන Huawei විසින් දේශීය පාරිභෝගිකයින් ඉලක්ක කර ගනිමින් ඔවුන්ට සහන සැපයීමේ අරමුණ ඇතුව පසු ගිය කාලය පුරාවට විවිධ සහන වැඩසටහන් රැසක් ඉදිරිපත් කෙරිණි. එහි තවත් එක අදියරක් ලෙස පාරිභෝගිකයාට උසස් තාක්ෂණික අත්දැකීමක් ළඟා කරලීමේ අරමුණ ඇතුව  ජුනි මස පළමු වනදා සිට ජූලි මස 31 වනදා දක්වා ක්‍රියාත්මක වන ‘’Huawei Service Mid-year Fiesta’’ වැඩසටහන දියත් කිරීමට Huawei සමාගම කටයුතු කර ඇත. මෙම වැඩසටහන හරහා සියලුම Huawei ස්මාර්ට් දුරකථන අලුත් වැඩියා කිරීම් (Repairs) සඳහා ඉහළ වට්ටම් සහ වටිනා ත්‍යාග හිමි කර ගැනීමේ අවස්ථාව Huawei පාරිභෝගිකයින්ට හිමි වේ.

මෙම වැඩසටහන හරහා දුරකථන අලුත් වැඩියා කිරීම උදෙසා Huawei සේවා මධ්‍යස්ථාන වෙත යන සියලුම පාරිභෝගිකයින්ට තෝරාගත් Huawei ස්මාර්ට්ෆෝන් අමතර කොටස් සඳහා 20% ක සුවිශේෂී වට්ටම් සහ නොමිලයේම screen protective film ඇතුළු විවිධ ත්‍යාග හිමි කර ගැනීමේ අවස්ථාව හිමි වේ. මෙහිදී විශේෂයෙන්ම සඳහන් කල යුතු දෙය නම්, සියලුම දුරකථන අළුත්වැඩියා කිරීම Huawei සහතිකලත් මොබයිල් ඉංජිනේරුවන් විසින් සිදු කරනු ලැබීමත්, සියලුම අලුත්වැඩියාවන් සඳහා මාස තුනක වගකීම් කාලයක් හිමි වීමත්ය.  තවද, මෙහිදී සියලුම battery replacements සඳහා විශේෂ වට්ටම් ද හිමි කර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයින්ට හිමි වේ.

“සිය පාරිභෝගිකයින් මහත් උනන්දුවෙන් බලා සිටින සුවිශේෂී වැඩසටහනක් වන Huawei Service Mid-year Fiesta හරහා  පාරිභෝගිකයින්ට සහන රැසක් හිමි කර දීමට හැකි වීම පිළිබඳ අප සතුටට පත් වනවා. මෙම වැඩසටහන හරහා ඉතා අඩු මිලකට Huawei දුරකතනයන්ට  අවශ්‍ය අමතර උපාංග මිලදී ගැනීමේ අවස්ථාව සමගින් වටිනා ත්‍යාග හිමි කර ගැනීමේ අවස්ථාව හිමි කර දී තිබෙනවා. මෙවැනිම ආකාරයේ වැඩසටහන් රැසක් ඉදිරියේදී පාරිභෝගිකයා වෙත ළඟා කිරීමට අප සූදානම්. ළඟම ඇති Huawei සේවා මධ්‍යස්ථානය වෙත ගොස් මෙම අඟනා ප්‍රතිලාභ භුක්ති විඳීමට Huawei පාරිභෝගිකයින්ට හැකි වේ යයි අප බලාපොරොත්තු වනවා”. Huawei මෙරට ප්‍රධානී පීටර් ලියු මහතා මේ පිළිබඳ අදහස් දක්වමින් පවසා සිටියේය. 

තවද එලෙස සේවා මධ්‍යස්ථාන වෙත යාමට නොහැකි වන පාරිභෝගිකයින්ට සිය Huawei දුරකථනයන් තුල පෙර ස්ථාපනය කර ඇති Huawei support app හරහා විවිධ තාක්ෂණික සේවාවන් රැසක් ලබා ගත හැකිය.  සිය පාරිභෝගිකයන්ගේ තාක්ෂණික අත්දැකීම් තව දුරටත් පුළුල්  කිරීමේ අරමුණ ඇතුව Huawei Support App වෙත නවතම විශේෂාංග රැසක් එක් කිරීමට Huawei පසු ගියදා සමත් වූ අතර,  මෙම වැඩි දියුණු කල විශේෂාංග අතරට  Device center, online troubleshooting, smart diagnosis, locating service centers ඇතුළු තවත් ආකර්ෂණීය සේවාවන් රැසක් අයත් වේ.

Huawei Support App හි  නවතම Huawei Device center හරහා  Huawei උපාංගයන් කිහිපයක් වුවද එක් උපාංගයක් හරහා කළමනාකරණය කිරීමේ හැකියාව පරිශීලකයින්ට හිමි වන අතර ඒ අතර එක් එක් උපාංගයෙහි  device parameters, benefits, warranty සහ විවිධ සේවාවන්හි තත්ත්වය පරීක්ෂා කිරීමේ හැකියාවද ඒ තුළින් හිමි වේ.

Device center වෙත  Huawei උපාංගයන් එක් කිරීම සඳහා Support App වෙත පිවිස,  Me>MY DEVICES තෝරා  Device center වෙත ප්‍රවේශ විය හැකි අතර එහි දකුණු කෙලවරේ ධන ලකුණ click කිරීම මගින්  ඉතා පහසුවෙන්ම උපාංගයන් එක් කල හැකිය. තවද උපාංගය මත වූ  barcode අංකය හෝ  QR code scan කිරීම හරහා තවත් පහසුවෙන් උපාංගයන් එක් කිරීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ. 

support app ඇතුලත් ‘’Help’’ option හරහා screen color distortion ගැටළු සඳහා පිළියම් දැන ගැනීම සහ බල පරිභෝජනය අවම කර ගැනීමේ ක්‍රම වේදයන් පිළිබඳ පාරිභෝගිකයාට දැනුවත් වීමේ අවස්ථාව හිමි වේ.  තවද පරිශීලකයාගේ device details තුල ඇති  barcode අංකය Huawei service center වෙත පෙන්වීම මගින් එහි කාර්ය මණ්ඩලයට ඔබගේ දුරකතනයේ ගැටළු සඳහා කඩිනමින් ප්‍රවේශ වීමේ හැකියාව හිමි වේ.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *