පැල්වත්ත කිරි සමාගම අලුත් අවුරුදු ආහාර වට්ටෝරු අභියෝගය සාර්ථකව අවසන් කරයි.

පැල්වත්ත කිරි සමාගම අලුත් අවුරුදු සමයේ සතුට සහ විනෝදය ගෙන දෙමින් සමාජ මාධ්‍ය හරහා දියත් කරන ලද “පැල්වත්ත අලුත් අවුරුදු ආහාර වට්ටෝරු අභියෝගය” තරඟාවලියේ ජයග්‍රාහකයින් තෝරා ගනිමින් සාර්ථකව අවසන් කෙරිණි. Facebook සහ Instagram හරහා සිදුකරන ලද මෙම තරඟාවලිය සඳහා පුළුල් පරාසයක විහිදුනු පැල්වත්ත නිෂ්පාදන භාවිතා කරමින් අලුත් අවුරුදු ආහාර වට්ටෝරු සහ ඡායා රූප බෙදා හදා ගැනීමට පාරිභෝගික ජනතාවට ආරාධනා කළේය. මෙම තරඟාවලිය 2021 අප්‍රියෙල් 1 සිට අප්‍රේල් 20 දක්වා පැවති අතර එහිදී කැවිලි සහ ආහාර පාන 100කට අධික ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණි.

මෙහිදී තරඟයට සහභාගීවන්නන්ට පැල්වත්ත ෆේස් බුක් පිටුවෙහි ටයිම් ලයින් එකෙහි සිය කෑම වට්ටෝරු ප්‍රදර්ශනය කිරීමට සහ මැසෙන්ජර් හරහා සෘජුවම යොමු කිරීමටත් පැල්වත්ත ෆේස් බුක් පිටුව මෙන්ෂන් කිරීමෙන් හා හැෂ් ටැග් භාවිත කරමින් සහභාගී වීමේ අවස්ථාව සලසා තිබුණි. එහිදී #pelwatteඅලුත්අවුරුදුrecipe2021 යන හැෂ් ටැගය හරහා සියලුම ඉදිරිපත් කිරීම් සිදු කර තිබුණි. මෙම තරඟාවලිය හරහා අලුත් අවුරුදු සමයේ සුන්දරත්වය වඩාත් විදහා දැක්වීමට හා යහපත් සම්බන්දතා ගොඩ නංවා ගැනීමට මෙන්ම නිවෙසේදීම ආහාර සකස් කර ගැනීම පිළිබඳව අවධානය යොමු කර වීමටත් සමත් විය. එපමණක් නොව මේ හරහා තරඟකරුවන්ගේ ආහාර පිළියෙළ කිරීම පිළිබඳ නිර්මාණාත්මක හැකියාවන් වැඩි දියුණු කරමින් ප්‍රදර්ශනය කිරීමටද හැකි විය.

අලුත් අවුරුදු සමය යනු සුබ පැතුම් වලින් පිරි සමෘධිමත් සිතුවිලි ගෙන දෙන එකිනෙකා කෙරෙහි පවතින සබඳතා අලුත්වන ආහාර පාන කැවිලි ආදියෙන් පොහොසත් වසන්ත සමය වේ. සූර්යයා තම ගමන් මග වෙනස් කරමින් නව ගමනක් අරඹන මේ කාලයේ ජනතා සිතුම් පැතුම්ද නව පණකින් නැවුම් බලාපොරොත්තුවලින් පිරී යයි. පසුගිය වසරේ වසංගත තත්ත්වය හේතුවෙන් සැමරීම් සිදු කිරීමට බාධා ගෙන දුන්නද මේ වසරේ තරමක් බලාපොරොත්තු සහගත කාලයක් බවට පත් වූ අතර ශාරීරික වශයෙන් දුරස්ථ භාවය මෙවරද යම් දුරකට පැවතියත් අවුරුදු සමයේ ආශ්වාදය එලෙසම පැවතුනි.

පැල්වත්ත කිරි සමාගමේ මෙම ප්‍රවර්ධන ව්‍යාපාරය පිළිබඳව අදහස් දක්වමින් එහි අලෙවි කළමනාකාර පණ්ඩුක නුවන් මහතා මෙසේ පැවසීය. “අලුත් අවුරුද්ද කියන්නේ අපේ හදවතට වඩාත් සමීප කාල වකවානුවක්. මේ කාලය තුළ අපගේ ගනුදෙනුකරුවන්ට ඔවුන්ගේ ඉවුම් පිහුම් කුසලතා සඳහා ඉඩ කඩ ලබා දෙමින් ඔවුන්ගේ නිර්මාණාත්මක ආහාර සකස් කිරීමේ හැකියාවන් ප්‍රදර්ශනය කිරීමට හැකිවීම ගැන අපි සැබවින්ම සතුටුවනවා. මෙහිදී ආහාර සකස් කිරීමට පැල්වත්ත නිෂ්පාදන විවිධ ආකාරවලින් භාවිතා කර ඇති බව දැන ගැනීමට ලැබීම ගැන මම අතිශයින්ම ආඩම්බරවනවා. එමඟින් අපගේ නිෂ්පාදන වල ගුණාත්මකභාවය ඉතා හොඳින් නිරූපණය වී තිබෙනවා. සියලුම ශ්‍රී ලාංකිකයින්ට සිය හැකියාවන් ඉදිරිපත් කිරීමට අප මෙහිදී අවස්ථාව සලසා දුන්නා. අපගේ සමාගමේ විශ්වාසය, ගුණාත්මකභාවය සහ සබඳතාවය යන මුලික ප්‍රතිපත්තීන්ට අනුකුලව ගනුදෙනුකරුවන්ට, පාර්ශවකරුවන්ට සහ මුළු රටටම සහයෝගය දැක්වීමට පැල්වත්ත සමාගම පෙරමුණ ගෙන සිටිනවා.”

මෙම තරඟාවලියේදී ජයග්‍රාහකයන් තෝරා ගැනීම සඳහා නිර්ණායකයන් කිහිපයක් භාවිත කෙරිණි. එහිදී වට්ටෝරුවේ සුවිශේෂත්වය සහ එහි බහුලත්වය මෙන්ම එය සෑදීමට ඇති අභියෝගාත්මකභාවය, ඉදිරිපත් කිරීමේ ගුණාත්මකභාවය, අපගේ නිෂ්පාදන භාවිතා කරමින් ඔවුන් විසින් සාදන ලද වට්ටෝරු ගණන සහ ඔවුන්ගේ වට්ටෝරු සඳහා ඔවුන් භාවිතා කළ පැල්වත්ත නිෂ්පාදන ගණන කෙරෙහි අවධානය යොමු කරන ලදී.

ඒ අනුව තරඟයේ ජයග්‍රාහකයින් පහත පරිදි වේ. Pelwatte Sheer Pira – ඒ. නෙත්මා දේවින්දි, Pani Pol Kata – එම්.කේ කහර, Pelwatte Butter Garlic Prawns , Pelwatte Butter Mix Biscuits – සුබෝධා ජයමිණි වැන්ඩොට්, Rulang Aluwa, Donuts, Coconut Ice coffee, Kiri Aluwa – නිශ්ශංකා අනුරධිනි, Biscuit Pudding, Milk Pudding – එම්.කේ නුවනි ශ්‍රී නානි, Soft Butter Cake – ඩබ්.ඒ. යූ. නදීශානි ජයතිලක, Ghee, Honey සහ  Cashew Mixed Rulang Aluwa – නදීෂා ලින්ඩන්, Youghurt Mixed Fruit Dessert – ආර්. කෞෂල්‍යා, Pelwatte Ghee + Butter mixed Kathurumurunga Pappadam, Pizza Recipe, Milk Toffee සහ  Pelwatte Butter Cake – ඩී.එන් නයන විශාකා, Chocolate Glazed Donuts, Pelwatte Breudher Cake Recipe – කේ. ඒ රංගනී ශ්‍රීනිකා

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *