පැල්වත්ත සමාගම යටතේ කිරි ගොවි ප්‍රජාව සඳහා ක්‍රියාත්මක, “පැල්වත්ත ගොවි දිවි සවිය” ව්‍යාපෘතියේ සමාරම්භක උත්සවය කැකිරාවේදී..

‘’පැල්වත්ත ගොවි දිවි සවිය’’ ව්‍යාපෘති‍ය සමග එක්ව පැවැත්වෙන කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර සහභාගිත්ව වැඩසටහන, (Smallholder Agribusiness Partnership Program- SAPP), ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ කෘෂිකර්ම අමාත්‍යංශය යටතේ බලාත්මක වන ව්‍යාපෘති‍යක් වන අතර, දේශයේ ප්‍රමුඛතම කිරි නිෂ්පාදකයා වන පැල්වත්ත සමාගම එහි සක්‍රීය සාමාජිකයෙකි. මෙම ව්‍යාපෘතිය හරහා දිවයිනේ නන්දෙසින් පැල්වත්ත කිරි කර්මාන්ත ආයතනය යටතේ ලියාපදිංචි වී ඇති කිරි ගොවි මහත්ම මහත්මීන්ගේ ජීවනෝපාය නඟාසිටුවිමටත්, ඔවුන්ගේ ගොවිපළවල දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, සමාගම අපේක්ෂා කෙරේ. මෙම වැඩසටහනට සමගාමීව පැල්වත්ත සමාගම විසින් පවත්වනු ලැබූ,  SAPP ව්‍යාපෘති සමාරම්භක උත්සවය 2022 ජුලි 8 වන දින Smallholder Agribusiness Partnership Program (SAPP), Market Oriented Dairy (MOD) සහ  ග්‍රාම සංවර්ධන බැංකුව (RDB) යන අංශවල සහභාගීත්වයෙන් කැකිරාව කිරි එකතු කිරීමේ මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්විණි. මීට අමතරව පැල්වත්ත සමාගම විසින් තෝරාගත් කිරි ගොවීන්ගේ පෞද්ගලික අවශ්‍යතාවයන් සදහා ද මූල්‍යාධාර සපයා තිබේ.

තවද, මූල්‍ය ආධාර වලට අමතරව, මෙම ව්‍යාපෘතිය මගින් ගොවි මහතුන් සවිබල ගැන්වීම සඳහා අවශ්‍ය වන ගෝලීය වශයෙන් පිළිගත් කාර්මික දැනුම හා පුහුණුවීම ලබාදීම සඳහා වන වැඩසටහන් Market Oriented Dairy මගින් ක්‍රියාත්මක කෙරේ. ඒ සඳහා දායකත්වය US Department of Agriculture (USDA) සහ International Executive Corporation (IESC) හරහා සපයනු ලබයි. මෙම විද්‍යාත්මකව ඔප්පු කර ඇති ගුණාත්මකභාවයෙන් යුත් ගොවිතැන් ක්‍රම මගින් අවසාන නිෂ්පාදිතය වර්ධනය වීමත් නිෂ්පාදිතයේ ගුණාත්මකභාවය ඉහලනැංවීමත් සිදුවේ.

මේ අවස්ථාව අමතමින් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අක්මාල් වික්‍රමනායක මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “රටේ වත්මන් ආර්ථික තත්ත්වය අපි කිසිවෙකුටත් පහසු නැහැ. විශේෂයෙන්ම කිරි ගොවි ප්‍රජාවට. කෙසේවෙතත්, උසස් තත්වයෙන් කිරි නිෂ්පාදන සැපයීමේ කර්තව්‍යට ඔවුන් එය බාධාවක් කොටගෙන නැහැ. එ් නිසා පැල්වත්ත සමාගම වශයෙන් අපි SAPP ව්‍යාපෘතිය හරහා මෙම කැපවීමට සහය වෙමින් දේශීය කිරි කර්මාන්තය තුළ ආදර්ශයක් වීම, අපගේ යුතුකමක් වශයෙන් සලකනවා.”

යම් දිනයකදී කිරි නිෂ්පාදනය අතින් ස්වයංපෝෂිත වීමේ, දේශීය කිරි කර්මාන්තයේ මෙහෙවරට විශාල කාර්යභාරයක් ඉටු කරන මෙම වැඩසටහන තුළින්, දිවයිනේ දිස්ත්‍රික්ක අටකින් තෝරාගත් කිරි ගොවීන් දහසක් (1000) සඳහා ආධාර උපකාර කිරීමට අදහස් කරයි. ඒ අනුව අනුරාධපුර, නුවරඑළිය, කුරුණෑගල, මොනරාගල, පොළොන්නරුව, බදුල්ල, අම්පාර සහ පුත්තලම යන දිස්ත්‍රික්ක ඒ යටතට ගැනේ.

ශ්‍රී ලංකාව තුල නිෂ්පාදනය වන කිරි, දෙශීය කිරි නිෂ්පාදන අවශ්‍යතා සියල්ල සපුරාලන තැනට පත්කිරීම උදෙසා විශාල මෙහෙවරක පැල්වත්ත සමාගම යෙදී සිටී. එහිදී ගෝලීය ප්‍රමිතීන් අනුගමනය කරන අතරවාරයේම ශ්‍රී ලාංකීය කිරි නිෂ්පාදන ගුණාත්මකබව සහ විශ්වාසයේ සංකේතයක් ලෙස ලොවට හඳුන්වාදීම ප්‍රධාන අරමුණකි. සෑම විටම සිය කිරි නිෂ්පාදකයා වශයෙන් පැල්වත්ත තෝරා ගන්නා අපගේ විශ්වාසවන්ත පාරිභෝගිකයින් සහ වෙහෙස මහන්සි වී සිය කාර්යන් ඉටු කරන කිරි ගොවි ප්‍රජාව නොවන්නට අපට මේ සියල්ල සිදුකිරීමට නොහැකි වනු ඇත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *