භාවිතා කළ විද්‍යුත් රථ වාහන ආනයනයෙන් ඇති විය හැකි අනිසි බලපෑම් ගැන CMTA පාරිභෝගිකයන්ට අනතුරු අඟවයි

ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම  රථ වාහන වෙළෙද සංගමය වන සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA), භාවිතා කරන ලද විද්‍යුත් රථ වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීම නිසා ඇති විය හැකි අයහපත් බලපෑම්  පිළිබඳව දැඩි අවධානයක් යොමු කරයි. විද්‍යුත් රථ වාහන හරහා මෙරට පාරිභෝගිකයාට, පරිසරයට, සමාජයට සහ ආර්ථිකයට ඇති විය හැකි ඍනාත්මක බලපෑම අවම කිරීම සඳහා මෙරට දේශගුණ තත්වයන්ට අනුකූල වන ලෙස නිෂ්පාදකයාගේ නිර්දේෂයන් සහිතව  නිෂ්පාදකයා විසින් සෘජුවම කර්මාන්ත ශාලාවෙන් නැව්ගත කරන විද්‍යුත් වාහන ශ්‍රී ලංකාවට ආනයනය කිරීමේ  වැදගත්කම CMTA පෙන්වා දෙයි.

ශීත දේශගුණයක් සහිත රටවල්වලට අනුකූලව නිපද වූ  විද්‍යුත් රථ වාහන, ශ්‍රී ලංකාව වැනි නිවර්තන කලාපයක් සහිත රටවල්වලට සුදුසු නොවීමේ හැකියාවක් පවතින්නේ ඒවායේ ඉහළ වෝල්ටීයතා (HV) බැටරිවලට අවශ්‍ය සිසිලන පද්ධති  නොතිබිය හැකි බැවිනි. එනම් CMTA අවධාරණය කරන්නේ ඉහළ වෝල්ටීයතාවක් ඇති බැටරි (HV) සහ විද්‍යුත් රථ වාහනවල පද්ධති දේශීය තත්වයන්ට යෝග්‍ය විය යුතු බවයි. අදාළ රථ වාහන සන්නාමයේ බලයලත් ඒජන්තවරුන් නොවන ආනයනකරුවන්ගෙන් මිල දී ගන්නා සහ ආනයනය කරන ලද විද්‍යුත් වාහන, පාරිභෝගිකයා ආරක්ෂා කිරීමට විධිමත් වගකීම් ආවරණයක් සමඟින් නොපැමිණීමට ඉඩකඩ තිබිය හැකි බවට CMTA තවදුරටත් අනතුරු  අඟවයි. ශ්‍රී ලංකාව වෙත නැව්ගත කරන, භාවිතා කළ ලද විද්‍යුත් වාහනවල HV බැටරිවල පිටතට නොපෙනෙන හානිවීම් පැවතීමේ ඉඩකඩ ඇත.  පාරිභෝගික ආරක්ෂාව උදෙසා, බොහෝ විට නිෂ්පාදකයාගේ වගකීම් කාලය මෝටර් රථ වාහන සඳහා අවම අවුරුදු 05ක් දක්වා ද, මෝටර් බයිසිකල් සඳහා අවුරුදු 03ක් දක්වා ද ලබා දෙයි.    

CMTA දැඩිව අවධානය යොමු කරන තවත් කරුණක් වන්නේ, ඉහළ වෝල්ටීයතාවක් ඇති බැටරි (HV) බැහැර කිරීමේ ක්‍රියාවලියයි. මේවා නිසි කළමනාකරණයකින් තොරව බැහැර කළ හොත්, පරිසරයට මෙන්ම භූගත ජල පද්ධතියට ද විශාල ලෙස අහිතකර බලපෑම් ඇති කිරීමේ අවදානමක් ඇති වීමට ද ඉඩකඩ පවතියි. මේ නිසා ඉහළ වෝල්ටීයතා බැටරි සහ අනෙකුත් උපාංග අනිසි ලෙස බැහැර කිරීම නිසා ඇති විය හැකි බලපෑම අවම කිරීමට, විද්‍යුත් රථ වාහන ආනයනකරුවන් බැටරි ප්‍රතිචක්‍රීකරණ / ප්‍රතිඅපනයන සමාගමක් සමඟ එකඟතාවයකට පැමිණ සිටීම වඩාත් යෝග්‍ය  බව CMTA නිර්දේශයයි. මෙසේ අනිසි බැහැර කිරීම් සිදු කරන පුද්ගලයන්ට නීතීමය රාමුවක් ස්ථාපිත කිරීම ද වැදගත් බව CMTA   පවසන්නේ ඒ හරහා ඇති විය හැකි අහිතකර බලපෑම් අවම කළ හැකි බැවිනි.

බොහෝ විද්‍යුත් වාහනවල ඉහළ වෝල්ටීයතා බැටරි රුපියල් මිලියන 5 සිට ඉහළට හෝ  වාහනයේ CIF අගයෙන් (පිරිවැය, රක්ෂණය සහ ප්‍රවාහනය) ආසන්න වශයෙන් 50%ක් හෝ දක්වා විය හැකි බව සැළකිල්ලට ගැනීම වැදගත් වේ. එබැවින් මෙරටට ආනයනය කරන සෑම විද්‍යුත් රථ වාහනයක්ම නිෂ්පාදනයෙන් මාස 06ක් ඇතුළත ආනයනය කරන්නේ නම් එය වැදගත් වනු ඇත. එසේ කිරීමෙන් ඉහළ වෝල්ටීයතා බැටරිවලට ඇති විය හැකි අහිතකර බලපෑම් නිෂේධනය කිරීමට ඉඩකඩ හිමිවේ.       

CMTA හි සභාපති චාරක පෙරේරා, “භාවිතා කරන ලද විද්‍යුත් වාහන වෙනුවට නිෂ්පාදකයාගෙන් සෘජුවම නවතම විද්‍යුත් වාහන ආනයනය කිරීමට දිරිමත් කිරීම අත්‍යවශ්‍යයි. රථ වාහන විද්‍යුත්කරණයෙන් ශ්‍රී ලංකාවට යහපත් ප්‍රතිඵල ලැබිය හැකියි.  මෙම වාහන නිසි ලෙස ආනයනය කිරීම සහතික කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවටත්, ඒවා මෙරටට පාරිසරික හෝ ආර්ථික වශයෙන් තර්ජනයක් නොවන බවටත් සියළු බලධාරීන් සහ ආනයනකරුවන් ක්‍රියා මාර්ග ගත යුතුයි” යනුවෙන් සිය අදහස් දැක්විය.

විද්‍යුත් රථ වාහන මිල දී ගැනීමට පෙර ඒ සම්බන්ධ සියලු වැදගත් කරුණු පිළිබඳ දැනුවත් විය යුතු බවට, අන්තර්ජාතික විද්‍යුත් රථ වාහන නිෂ්පාදකයන් නියෝජනය කරන එකම සංගමය වශයෙන් CMTA, මහ ජනතාව දැනුවත් කරයි. විද්‍යුත් රථ වාහනවල ආනයනය  අධික ලෙස  සිදු වූ 2014 වසරේ දී  විද්‍යුත් රථ වාහන මාදිලි මිල දී ගත් පාරිභෝගිකයන් මුහුණ දුන් ගැටලු නැවත සිදු නොවීමට මෙවන් දැනුවත් කිරීම් මගින් හැකියාව ලැබෙයි. 

ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයට අනුබද්ධිත, 1919 වසරේ දී ආරම්භ කරන ලද සිලෝන් මෝටර් ට්‍රේඩර්ස් සංගමය (CMTA) දේශීයව පත් කරන ලද බලයලත් ඒජන්තවරුන් හරහා වාහන නිෂ්පාදකයින් නියෝජනය කරන එකම වෙළඳ ආයතනයයි. මෙය ආසියානු කලාපයේ ජ්‍යෙෂ්ඨතම රථ වාහන වෙළෙද සංගමය ද වේ. CMTA සාමාජික ආයතන විසින් ශ්‍රී ලාංකික පුරවැසියන් දස දහස් ගණනක් සේවයේ යොදවා පුහුණු කරන අතර ඉංජිනේරු හා කළමනාකරණයේ වඩාත් හොඳ අන්තර්ජාතික ප්‍රායෝගික භාවිතයන් ලබා දෙමින් ජාත්‍යන්තර මට්ටමින් රැකියා කළ හැකි පිරිසක් නිර්මාණය කිරීමට දායක වෙයි. CMTA සාමාජිකයින් සියලු දෙනාවම ඔවුන් නියෝජනය මෝටර් රථ නිෂ්පාදකයන් විසින් නිසි ලෙස අධීක්ෂණය කරනු ලබයි. 

මීට අමතරව CMTA හි අනාගත වැඩසටහන් සදහා වාර්ෂික ආයතනික අනුග්‍රහය ලබා දීමට, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් කෝපරේෂන් (SLIC), HNB ලීසින් සහ SLT- මොබිටෙල් සමාගම් ඉදිරිපත් වී ඇත.

END

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *