රෙදි සෝදන යන්ත්‍ර දිනාගැනීමට අවස්ථාව සලසා දුන් “Diva Power Washing විප්ලවය”

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්හි ප්‍රමුඛතම රෙදි සෝදන නිෂ්පාදන සන්නාමය වන දීවා, “Diva Power Washing විප්ලවය” වැඩසටහන පසුගියදා සාර්ථකව අවසන් කරන ලදී. මෙම වැඩසටහනේ මුලික අරමුණ වූයේ සිය පාරිභෝගිකයින්ට ඔවුන්ගේ දෛනික රෙදි සේදීම සඳහා උපකාරී වන කිලෝග්‍රෑම් 7.5 ක පූර්ණ  ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර දිනා ගැනීමට අවස්ථාව සලසා දීමයි. මෙම තරඟය පළාත් හතරක් ආවරණය වන පරිදි මාස දෙකක කාලයක් පුරාවට පැවැත්වූ අතර ජයග්‍රාහකයින් සඳහා සුපිරි ත්‍යාගය වශයෙන් පූර්ණ ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර පිරිනමන ලදී.

දීවා පවර් ජර්ම් ගාඩ්  සහ කලර් ගාඩ් යන නිෂ්පාදන දෙකෙහි ප්‍රතිලාභ සහ පූර්ණ ස්වයංක්‍රීය රෙදි සෝදන යන්ත්‍ර දිනා ගැනීමේ අවස්ථාව පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීමේ ප්‍රවර්ධන වැඩසටහනක් කුඩා හා මධ්‍යම නවීන වෙළඳසැල් (SMMT) තුළ ක්‍රියාත්මක වූ අතර දීවා පවර් ජර්ම් ගාඩ්  හෝ  කලර් ගාඩ් කිලෝග්‍රෑම් 1ක්, ලීටර් 1ක් හෝ මිලි ලීටර් 600ක් මිලදී ගත් පාරිභෝගිකයන් මෙම දිනුම් ඇදීම සඳහා සුදුසුකම් ලැබූහ.

රෙදි සෝදන සබන් භාවිතා කරන්නන් සඳහා පහසු විකල්පයක් ලබා දීමේ සහ රෙදි සෝදන කුඩු වල ඇති වාසි පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් 2003 වසරේදී දීවා සිය රෙදි සෝදන කුඩු හඳුන්වාදෙන ලදී. 2020 වසරේ ඔක්තෝම්බර් මස දීවා පවර් ජර්ම් ගාඩ් සහ කලර් ගාඩ් නිෂ්පාදන ද්විත්වය වෙළඳපොළට හඳුන්වාදුන් අතර එම වසරේදීම සිය නිෂ්පාදන පෙළ තවදුරටත් පුළුල් කරමින් දීවා රෙදි සේදුම් දියර හඳුන්වා දෙමින් සේදුම් දියර refill සංකල්පය හඳුන්වාදුන් ප්‍රථමයා බවටද දීවා පත්විය.

දෙහි සහ කොහොඹ වැනි  ස්වභාවික අමුද්‍රව්‍ය භාවිතා කරමින් නිෂ්පාදනය කර ඇති දීවා පවර් ජර්ම් ගාඩ්, සියයට 99.9 ක් විෂබීජ සමඟ සටන් කිරීමට උපකාරී වන අතර ඇඳුම් සඳහා උසස් පිරිසිදු කිරීමක් සහ දිගුකාලීන ආරක්ෂාවක් සපයයි. එක්සත් රාජධානියේ රෙදි සෝදන විශේෂඥයින්ගේ සහාය ඇතිව සංවර්ධනය කරන ලද දීවා පවර් කලර් ගාඩ්, ඇඳුම්වල වර්ණ ආරක්ෂා කරමින් උසස් පිරිසිදු කිරීමක් ලබාදීම සඳහා නිර්මාණය කර ඇති අතර කල් පවතින සුවඳක් ලබා දීම සඳහා රෝස පැහැති කානේෂන් සුවඳ අන්තර්ගත කර ඇත. දීවා පවර් ජර්ම් ගාඩ් සහ දීවා පවර් කලර් ගාඩ් යන ද්විත්වයම අතින් රෙදි සේදීම සඳහා හෝ Top loader රෙදි සෝදන යන්ත්‍ර සඳහා භාවිතා කළහැකිය.

වසර ගණනාවක් පුරා පාරිභෝගිකයින්ගේ අවශ්‍යතා හඳුනාගත් ජනප්‍රිය ගෘහස්ථ සන්නාමයක් ලෙස උසස් රෙදි සේදීමේ විසඳුම් මඟින් ශ්‍රී ලාංකිකයින්ට සහයෝගය දැක්වීමට දීවා සමත් විය. දීවා විසින් ශ්‍රී ලාංකිකයින්ගේ ජීවිත නගා සිටුවමින් ඔවුන්ගේ අවශ්‍යතා විශිෂ්ට ලෙස ඉටු කිරීම සඳහා සිය අඛණ්ඩ දායකත්වය ලබාදෙනු ඇත.

ඡායාරූප විස්තරය:

“Diva Power Washing විප්ලවය” දිනුම් ඇදීමේ ජයග්‍රහකයින්ට ත්‍යාග පිරිනැමීම.

Hemas Consumer පිළිබඳ

Hemas Consumer Brands   ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනයක් වන අතර ශක්තිමත් අරමුණු සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් ඔස්සේ වසර ගණනාවක් පුරා පාරිභෝගික හදවත් දිනා ගෙන ඇත.  ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ පෞද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට  Hemas Consumer Brands උත්සාහ දරයි. වර්ධනය කෙරෙහි මඟ පෙන්වන නවෝත්පාදන කණ්ඩායම්වලින් පෝෂණය වන දේශීය දැනුම අනාවරණය කරමින් උසස් වෙළෙඳ පොළ ප්‍රමුඛ සහ  සම්මානනීය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් පිළිගැනීමට ලක්ව ඇත. දිවයින පුරා අර්ථවත් පරිත්‍යාගයන් සිදු කිරීම, විශ්වාසදායි සහයෝගීතාවන් ඇති කිරීම සහ පරිසර හිතකාමී ලොවක් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම යනාදියෙන්  Hemas Consumer Brands ශ්‍රී  ලාංකේය ජනයාගේ හදවත් ස්පර්ශ කරයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *