රොසෙල් සිය අධ්‍යක්ෂ මණ්ඩලයට නව අධ්‍යක්ෂවරුන් දෙදෙනෙකු පත් කරයි

මෙරට ප්‍රමුඛ පෙළේ ටයිල් ඇතුළු බාත්වෙයා නිෂ්පාදන සමාගමක් වන රෝයල් සෙරමික් ලංකා පීඑල්සී විසින් සිය සමාගම් කළමනාකාරීත්වය තවදුරටත් ශක්තිමත් කරමින් ඔවුන්ගේ අධ්‍යක්ෂ මණ්ඩලය සඳහා නව අධ්‍යක්ෂකවරුන් ලෙස සංජීව රේණුක ජයවීර මහතා සහ ජිතේන්ද්‍ර ආර් ගුණරත්න මහතා පත් කළ බව නිවේදනය කරන ලදී. 

ජිතේන්ද්‍ර ආර් ගුණරත්න මහතා වසර 40කට අධික කාලයක් JKH සමූහයේ සාර්ථක ලෙස නායකත්වය දැරූ  ක්‍රියාකාරී සාමාජිකයෙකි. ඔහු 2005 සිට 2020 වර්ෂය දක්වා JKH  සමූහයේ සමූහ විධායක කමිටුවේ සාමාජිකයෙකු ලෙස ද, 2016-2018 කාල සීමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර උපදේශක සභාවේ සාමාජිකයෙකු ලෙසද, Beverage Association of Sri Lanka හි ආරම්භක සභාපති (2012-2018) ලෙස ද,  2018-2020 කාලය තුළ ලංකා සේව්‍ය සම්මේලනයේ හෝටල් සහ සංචාරක කවුන්සිලයේ සාමාජිකයෙකු ලෙස ද, JKH සමූහයේ සමාගම් කිහිපයක ද අධ්‍යක්ෂක තනතුරු කිහිපයක් දරමින් ක්‍රියා කර ඇත.  

සංජීව රේණුක ජයවීර මහතා ද රොසෙල් හා සම්බන්ධ වීමට පෙර ජ්‍යෙෂ්ඨ කළමනාකරණ තනතුරු කිහිපයකම ක්‍රියා කර ඇත.  JKH සමූහයේ මෙන්ම ප්‍රධාන පෙලේ සමාගම් කිහිපයක දශක දෙකකට අධික කාලයක අත්දැකීම් ඔහු සතුය. උසස් සදාචාරාත්මක ප්‍රමිතීන් හා අඛණ්ඩතාව පිළිපැදීම සම්බන්ධයෙන් ඔහු ප්‍රවීණ වන අතර ඔහුට මූල්‍ය ගිණුම්කරණය, කළමනාකරණ ගිණුම්කරණය, හෝටල් කළමනාකරණය, නිෂ්පාදන හා විගණන යන ක්ෂේත්‍රවල වසර ගණනාවක විශේෂඥ දැනුම ද හිමිය.  ජයවීර මහතා 1996 වර්ෂයේ දී මාලදිවයින් හෝටල් අංශය වෙත, JKH සමූහය ව්‍යාප්ත කරන ලද මූලික කණ්ඩායමේ සාමාජිකයෙකු මෙන්ම, 2012-2013 කාල සීමාව තුළ Keels සුපිරි වෙළඳසැල් ජාලයේ සහ 2015-2017 කාල සීමාව තුළ Ceylon Cold Stores PLC හි ඉහළ වර්ධනය වෙනුවෙන් කැපවී ක්‍රියා කල නායකයෙකි. 

නව අධ්‍යක්ෂවරුන්ගේ පැමිණීමත් සමඟ වර්තමාන සමාගමේ ශක්තිමත් නායකත්වය හොබවන සහාපති K.D.D.පෙරේරා,    නියෝජ්‍ය සභාපති A.M. වීරසිංහ,  කළමනාකාර අධ්‍යක්ෂ M.Y.A. පෙරේරා, අලෙවිකරණ හා ව්‍යාපාර සංවර්ධන අධ්‍යක්ෂ T.G. තෝරදෙණිය, N. තම්බයියා,  N.J. වීරකොන්, L.N.D.S. විජයරත්න, H. අමරසේකර, G.A.R.D. ප්‍රසන්න, R.N. අසිර්වතම් සහ S.M.  ලියනගේ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත  අධ්‍යක්ෂ මණ්ඩලය තව දුරටත් සවිමත් වනු ඇත. 

සුන්දර ජීවන අවකාශයන් සිය පාරිභෝගිකයින් වෙත නිර්මාණය කිරීමේ අරමුණින් රොසෙල් 1990 දී  සිය ව්‍යාපාර ගමන ආරම්භ කරන ලදි.  රොසෙල්, ශ්‍රී ලාංකීය නාමය ගෝලීය තලයට රැගෙන යමින් සෑම නිෂ්පාදනයක්ම ඉතා සැලසුම්ගතව, ඉහළ ගුණාත්මකභවින්, නවෝත්පාදනය සංකලනය කරමින් පාරිභෝගිකයාට ඉහළම තෘප්තියක් ලබා දෙන ආකාරයට නිපදවනු ලබයි.  දීප ව්‍යාප්ත ඕනෑම රොසෙල් ප්‍රදර්ශනාගාරයක් වෙත පැමිණ නූතන සහ අංග සම්පූර්ණ ටයිල් හා බාත්වෙයා මිලදී ගැනීමේ අවස්ථාව දැන් පාරිභෝගිකයින්ට හිමි වේ.

ඡායාරූප විස්තරය

සංජීව රේණුක ජයවීර සහ ජිතේන්ද්‍ර ආර් ගුණරත්න

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *