ශ්‍රී ලංකාවේ පරිසරය සහ ශ්‍රී පාද උරුමය සුරැකීමට ක්ලෝගාඩ් වෙතින් අතහිත.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ මුඛ සෞඛ්‍ය සන්නාමයක් වන ක්ලෝගාඩ්,  වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ එක්ව පූජනීය ශ්‍රී පාද අඩවිය අවට පරිසර පද්ධතිය ආරක්ෂා කිරීමේ අරමුණු කරගත් සත්කාරයකට දායක වෙන ලදී. මෙහිදී වටිනා ජෛව විවිධත්වයකින් යුත් ශ්‍රී පාද අඩවිය අවට ප්ලාස්ටික් දුෂණය අවම කිරීම උදෙසා විවිධ ආකාරයේ මුලපිරීම් රාශියක් සිදු කළේය.

‘ජල මුල රකිමු සමනොළ ගිර’ යන නාමය යටතේ සිදු කරන ලද මෙම කර්තව්‍ය ශ්‍රී ලාංකීය සංස්කෘතිය පිළිබඳව දැනුවත්භාවයක් ඇති කිරීම සහ මහජනතාවට නිසි ආකාරයෙන්  ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැරකිරීම පිළිබඳව දැනුමක් ලබා දීම යන කාරණා  දෙකයි. අප්‍රේල් සිට මැයි දක්වා පවත්වන ලද මෙම ව්‍යාපෘතියේ මුලික අරමුණ වුයේ ශ්‍රී පාද අඩවියට පැමිණෙන බැතිමතුන්ව නිවැරදි ප්ලාස්ටික් බැහැරකිරීමේ ආකාරයන් පිළිබඳව දැනුවත් කිරීම වූ අතර, ඒ සදහා ක්ලෝගාඩ් කණ්ඩායම සිය දායකත්වය දැක්වූ අතර, ශ්‍රී පාද මාර්ගයේ දැනුවත් කිරීමේ පුවරු සවිකිරීම සහ ස්වෙච්ඡාවෙන්  ශ්‍රී පාද අඩවිය අවට ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැරකිරීම මගින් ඔවුන් මේ සදහා සම්බන්ධ  විය. තවද, ක්ලෝගාඩ්  විසින් ප්ලාස්ටික් පරිහරණය අවම කිරීමේ අරමුණින් බැතිමතුන්ට මැටි බෝතල් ලබා දීම සිදු කරන ලද අතර, ඉදිකටුපාන,සීත ගඟුල සහ රතු අම්බලම යන ස්ථානවල පිරිසිදු පානීය ජල පහසුකම් ඇති කිරීම මගින් ද ඔවුන්ගේ දායකත්වය දක්වන ලදී.

වන්දනාකරුවන්ට ඔවුන්ගේ ගමනේ දී මුළුමනින්ම නැවුම්බවක් ලබා දීම සඳහා තුනම එකතු කර (කරාබු නැටි,සූකිරි සහ එනසාල්) මිශ්‍රණයක් ලබා දෙන ලද අතර, එය සාදා ඇත්තේ විෂබීජ වලට එරෙහි සටන්කාරකයක් වන කරාබු නැටි වලින් සහ උගුරට පහසුවක් ලබා දෙන සූකිරි වලින් සහ එනසාල් වලිනි. ක්ලෝගාඩ් දන්තාලේපයේ ප්‍රධාන සංඝටකය වන කරාබු නැටි සහස්‍ර ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකිකයන් සිය මුඛ සෞඛ්‍ය හා සනීපාරක්ෂාව උදෙසා භාවිතා කරන ලද්දකි.

මෙම ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දක්වමින් හේමාස්  හි අලෙවි හා වෙළඳනාම අංශයේ අලෙවිකරණ සාමාන්‍යාධිකාරී ඩෙරික් ඇන්තනි මහතා පවසා සිටියේ ඔවුන් මෙම ක්‍රියාන්විතයට දායක වී මෙම පූජනීය භුමියෙහි ආරක්ෂාව උදෙසා යම් කර්තව්‍යක් සිදු කිරීමට ලැබීම පිළිබඳව ආඩම්බර වන බවත්, දිවයිනේ සියලුම ප්‍රදේශ වල පාහේ පවතින මෙම ප්ලාස්ටික් දුෂණය අවම කිරීමට දැනුවත් කිරීමේ වැඩසටහන් තුලින් විශාල කාර්යභාරයක් ඉටු කරනු ලබන බවත්, එසේම ප්ලාස්ටික් දුෂණය අවම කිරීමට ක්‍රියා කිරීම සියලු දෙනාගේම වගකීමක් බවත්ය.

සැබවින්ම ශ්‍රී ලාංකික වටිනාකම් හඳුනන සන්නමයක් වශයෙන් ක්ලෝගාඩ්  විසින් මෙම කර්තව්‍යට එළඹෙනු  ලැබුවේ ශ්‍රී පාද අඩවිය ප්ලාස්ටික් දුෂණය හේතුවෙන් පීඩා විදින සමයක වන අතර එසේම මුළු ලෝකයම Covid-19 වසංගතය සහ දේශගුණික විපර්යාස සමඟ පොරබදමින් සිටින මොහොතක අපට ඉතිරිව පවතින පරිසර පද්ධතිය වන විනාශයන්ගෙන් සහ මිනිස් ක්‍රියාකාරකම් වලින් ආරක්ෂා කරගතයුතු අවදියකය. මේ නිසාවෙන් පරිසර දුෂණය අවම කරමින් ජෛව විවිධත්වය ආරක්ෂා කරගනිමින් ක්ලෝගාඩ්  විසින් ඉදිරියටත් අපේ උරුමයන් රැක ගැනීම උදෙසා විවිධ ආකාරයෙන් කැපවීමට බලාපොරොත්තුවෙන් සිටි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *