ශ්‍රී ලංකාව තුළින් ඔසප් දරිද්‍රතාවය තුරන් කිරීම උදෙසා “Fems” වෙතින් තවත් පියවරක්

වර්තමානය වන විට කාන්තාවන්, එදිනෙදා ගෙදර දොර සහ රැකියාව ආශ්‍රිත වගකීම් හේතුවෙන් ඉහළ කාර්යබහුලත්වයකට  පත්වී සිටී. මෙම කාර්යබහුලත්වය හේතුවෙන් කාන්තාවන් සැළකිය යුතු ප්‍රමාණයක් සිය සෞඛ්‍යය හා සනීපාරක්‍ෂාව කෙරෙහි  ප්‍රමුඛතාවක් නොදක්වයි. Kantar LMRB විසින් සිදුකරන ලද ගෘහාශ්‍රිත සමීක්ෂණයකට අනුව සියයට 70ක ප්‍රතිශතයක කාන්තාවන් ප්‍රමාණයක් තවමත් කර්මාන්තශාලා තුළ සාදන ලද  සනීපාරක්ෂක තුවා භාවිතා නොකරයි. ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂාව පිළිබඳව ඇති නොදැනුවත්භාවය සහ සිය පෞද්ගලික සනීපාරක්ෂාව පිළිබඳව ප්‍රමුඛතාවයක් නොදැක්වීම වැනි හේතු ගණනාවක් මෙයට බලපානු ලබයි.

මෙම තත්ත්වය රට තුල දැනටමත් පවතින විශාල ගැටළුවක් කෙරෙහි ඇස යොමු කරන රතු සංඥාවක් වන අතර එයට හේතුව, ඔසප් වීමේදී කාන්තාවන්ගෙන් බහුතරයක් සනීපාරක්ෂක තුවා භාවිතා නොකිරීම තුළ ඔවුන්ගේ සෞඛ්‍යට වන ඍණාත්මක බලපෑම පමණක් නොව , මේ හේතුවෙන් ඔවුන්ගේ ජීවිත වලට සෑම මසකම දින කිහිපයක් පුරා ඇතිවන බලපෑම හේතුවෙන් ඔවුන්ට ඔවුන්ගේ සිහින කරා හඹා යාමේ හැකියාව අවම කිරීමයි. උදාහරණ වශයෙන්  තරුණ ගැහැණු දරුවන් මෙම කාලය තුල පාසල් යාමෙන් වැලකි සිටීම හේතුවෙන් එය ඔවුන්ගේ අධ්‍යාපනයට බලපාන අතර රැකියා කරන සහ තම පවුල් නඩත්තු කරන කාන්තාවන් රැකියාවට නොයා යාම හේතුවෙන්  ආදායම අහිමි වීමටද හේතු වේ.

කාන්තාවන්ගේ යහපැවැත්ම සහ සෞඛ්‍ය කෙරෙහි  ප්‍රමුඛත්වය දෙන වෙළඳ නාමයක් ලෙස Hemas Consumer Brands හි ප්‍රමුඛ කාන්තා සනීපාරක්‍ෂක සන්නාමයක් වන Fems විසින් මෙම ඔසප් දරිද්‍රතාවයට බලපානු ලබන මූලික හේතු දෙකක් හඳුනාගෙන ඇත. ඔසප් සෞඛ්‍යය හා සනීපාරක්ෂක පිළිවෙත් පිළිබඳව ඇති නොදැනුවත්භාවය සහ  ගුණත්වයෙන් යුත් සෞඛ්‍යයට හිතකර, නමුත් අඩු මුදලකට මිලදී ගත හැකි සනීපාරක්ෂක තුවා වෙළඳපල තුල නොමැති වීමත්ය. මෙම නොදනුවත්භාවයට පිළිතුරු සැපයීමේ අරමුණින් ජාත්‍යාන්තර කාන්තා දිනයට සමගාමීව  “Fems AYA” මුලපිරීම අරඹන ලද අතර The Merrill J. Fernando foundation, the Arka Initiative, Sarvodaya Women’s movement සහ  Sarvodaya Fusion යන ආයතන ද මේ සඳහා සිය දායකත්වය දක්වයි. මෙම වැඩසටහනේ මූලික පරමාර්ථය නම් යහපත්  ඔසප් සනීපාරක්ෂාවක්  පවත්වාගෙන යාම පිළබඳව කාන්තාවන් තුල ඇති නොදැනුවත්භාවය දුරු කිරීමයි.

මෙම වැඩසටහන තුළින් Fems විසින්  Arka Initiative සමඟ එක්ව ග්‍රාමීය ප්‍රදේශවල ජනතාව, වතු කම්කරුවන් සහ තරුණ පිරිස එක් කරගත්  ප්‍රාදේශීය ප්‍රජාවන් අතර දැනුවත් කිරීම අඛණ්ඩව සිදු කරයි. MJF foundation සමඟ එක්ව වතු කම්කරු ජනතාවට මෙම පුහුණු වැඩසටහන් පවත්වනු ලබන අතර Sarvodaya Women’s Movement විසින් ග්‍රාමීය කාන්තාවන් වෙතට මෙම වැඩසටහන රැගෙන යනු ලබයි. තවද Sarvodaya Fusion විසින් ඔන්ලයින් ක්‍රමයක් හරහා තරුණ පරපුර සඳහා දැනුවත් කිරීමේ වැඩසටහන් පවත්වනු ලබයි. මෙම පුහුණු වැඩසටහන් තුලින් ඔසප් සෞඛ්‍යය සහ සනීපාරක්ෂාව පිළිබඳ මනා දැනුමක් ලබා දෙන අතරම අනෙකුත් සියලු දෙනාටද එම දැනුම ලබා දීම උදෙසා කාන්තාවන් සවි බල ගැන්වීමද සිදු කරනු ලබයි.

Fems විසින් මෑතකදී උසස් තත්ත්වයෙන් යුතු, පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට සනීපාරක්ෂක තුවායක් හඳුන්වා දෙන ලදී. තත්වයෙන් උසස්  කපු මතුපිටකින් යුතු  පියාපත් සහිත සනීපාරක්ෂක තුවායක් වන “Fems ඇය” ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කර ඇති අතර කාන්තාවන්ට සුවපහසුව කැන්දන  සහ විශ්වාසයයෙන් යුතුව භාවිත කල හැකි නිෂ්පාදනයකි. මෙහි  නිෂ්පාදන ක්‍රියාවලියේදී භාවිත කරන සියලුම අමුද්‍රව්‍යය ආරක්‍ෂිත ප්‍රමිතීන්ට අනුකූල වන අතර උපරිම ආරක්‍ෂාව සැපයීම සඳහා   පියාපත් සහිත  මෘදු කපු මතු පිටකින් පැමිණේ. “Fems ඇය” කාන්තා සනීපාරක්‍ෂාව කෙරෙහි අවධානය යොමු කරන ඉතා වටිනා නිෂ්පාදනයකි.

Fems ඇය වැඩසටහන සහ සනීපාරක්ෂක තුවා දියත් කිරීම පිළිබඳව අදහස් දක්වමින් හේමාස් පාරිභෝගික වෙළඳ නාම අලෙවි අධ්‍යක්ෂිකා ෆියෝනා ජුරියන්ස් මුණසිංහ මහත්මිය මෙසේ පැවසීය “ශ්‍රී ලංකාවේ මුල් බැස ගත් වගකිව යුතු දේශීය සමාගමක් වශයෙන් මෙවැනි  කර්තව්‍යයකට   නායකත්වය දීම අපේ වගකීමක් කියල අපි හිතනවා. සෑම ෆෙම්ස් ඇය පුහුණු වැඩසටහනක් සඳහාම  සැලකිය යුතු පිරිසක්  සම්බන්ධ වූ බැවින්  එම දැනුවත්  කිරීමේ ව්‍යාපාරය ඉතා ඵලදායී බව ඔප්පු වීම සතුටට කරුණක්. අඩු මිලකට සපයනු ලබන උසස් තත්ත්වයේ සනීපාරක්ෂක තුවායක් වන “Fems ඇය”  දියත් කිරීම කාන්තාවන්ට විශ්වාසයෙන් නොනැවතී ඉදිරියටම යන  ගමනේ දී ඔවුන්ට දිරියක් වීම සඳහා අප ගන්නා ලද සුවිශේෂී පියවරක්”

මෙම නව “Fems ඇය”  සනීපාරක්ෂක තුවාය, තුවා 10ක ඇසුරුමක් ලෙස   රු. 99/- වැනි ඉතා  සාධාරණ මිලකට වෙළඳපොලෙන් මිලදී ගත හැකිය.

Fems යනු Hemas Consumer Brands විසින් නිෂ්පාදනය කර අලෙවි කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සනීපාරක්ෂක වෙළෙද සන්නාමයකි. ෆෙම්ස් තත්ත්වයෙන් උසස්  අමුද්‍රව්‍ය සහ නවීන තාක්‍ෂණයන් භාවිත කරන අතර සියළුම කාන්තා සනීපාරක්‍ෂක නැප්කින්  නිෂ්පාදනය කිරීමේදී 100% ආරක්‍ෂිත ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරයි.SLS  සහතිකය සහ සායනික පරීක්‍ෂණ  මගින් තහවුරු කළ  පිළිගත් සන්නාමයක් වන Fems  වසර ගණනාවක් පුරා බොහෝ ලාංකික කාන්තාවන්ගේ හදවත් දිනාගෙන ඇති අතර කාන්තාවන්ට නොනැවතී ඉදිරියට යාමට අවශ්‍ය අත්වැල නොනවත්වාම සපයනු ලබයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *