හච්,‍ ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලේදී සම්මාන දිනූ ශ්‍රී ලංකාවේ එකම සන්නිවේදන සේවා සන්නාමය බවට පත් වෙයි

ජංගම දුරකතන බ්‍රෝඩ්බෑන්ඩ් සේවාවන් සඳහා ශ්‍රී ලාංකීය පාරිභෝගිකයින්ගේ අතර වඩාත් ප්‍රියතම තේරීම තේරීම වන හච්, පසුගියදා පැවති ශ්‍රී ලංකා සන්නාම නායකත්ව සම්මාන 2020 උළෙලෙහි, සම්මාන ලබාගත් එකම ශ්‍රී ලාංකීය ටෙලිකොම් සන්නාමය බවට පත් විණි.

මෙරට ප්‍රමුඛ පෙළේ සන්නාම ගණනාවක් සම්මානයට පාත්‍ර වුණු මෙම උළෙලේදී,‍් හච් සම්මාන ද්විත්වයක්ම දිනා ගැනීම විශේෂත්වයකි. 2020 නායකත්ව සම්මාන උළෙලේදී හච් දිනා ගත් එම සම්මාන ද්විත්වය වන්නේ, “වසරේ හොඳම අලෙවිකරණය ව්‍යාපාරය” වෙනුවෙන් පිරි නැමෙන සම්මානය හා “වසරේ නැගී එන සන්නාමය” වෙනුවෙන් පිරි නැමුණු සන්නාමයයි.

හච් දියත් කළ “Be Anywhere” – 4G ආවරණ ප්‍රවර්ධන වැඩසටහන වෙනුවෙන් “වසරේ හොඳම අලෙවිකරණ ව්‍යාපාරය” ලෙසින් සම්මාන හිමි වී ඇති අතර, “වසරේ නැගී එන සන්නාමය” සඳහා වන  සම්මානය පිරි නමා ඇත්තේ, 2020 වසර සඳහා සමාගමේ සමස්ත සන්නාම කාර්ය සාධනය ඇගයීමට ලක් කරමිනි.

මෙම ජයග‍්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් හච් හි ප‍්‍රධාන අලෙවිකරණ නිලධාරිනී, රම්සීනා මෝර්සෙත් ලායි සඳහන් කළේ මෙවැන්නකි. “ලෝකයේ වැඩිම අවධානයක් හිමිවන සම්මාන උළෙලවලින් එකක් වන මෙම සම්මාන උළෙලෙහි සම්මානයක් හිමි කර ගැනීමට ලැබීම අපට ගෞරවයක් වගේම, ඉතාමත් ආඩම්බරයක්. අපගේ සමස්ත කණ්ඩායමෙහි කැපවීම සහ උන්නදුව නිසාම අපට මෙම සම්මාන දිනා ගැනීමට හැකියාවක් ලැබුණා. මෙලෙස සම්මානයට පාත්‍රවීම, අපගේ කාර්යයන් තවදුරටත් ඉදිරියට ගෙන යාමට මෙන්ම, අද්විතීය ජංගම විසඳුම් පිරි නමමින් තවදුරටත් රටට සේවය සැලසීමට අපව පොළඹවවනවා.”

“ශ්‍රී ලංකා සන්නාම නායකත්ව” සම්මාන උළෙල යනු CMO Asia විසින්, අලෙවිකරණයෙහිලා කැපී පෙනෙන කාර්යයක් ඉටු කරන ආයතන ඇගයීමේ අරමුණින් වාර්ෂිකව සංවිධානය කරන ලබන සම්මාන ප්‍රදානෝත්සවයකි. කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන්, මෙම වසරේ දුරස්ථව පැවැත්වූ මෙම සම්මාන උළෙල මගින් සන්නාමකරණය, පාරිභෝගික සම්බන්ධතා සහ බලපෑම් සහගත දායකත්වය තුළින් සිදු කරන සමාජමය වෙනස ආදී කාරණා සලකා හොඳම ආයතන, වෙළඳ නාම සහ පුද්ගලයින් විදහා දක්වන කැපවීම ඇගයීමට ලක් කෙරිණි.

CMO Asia සමාගමේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය ආලෝක් පණ්ඩිත් මහතා සම්මාන උළෙල පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. “ශ්‍රී ලංකාවේ හොඳම සමාගම් සහ සන්නාම ගෞරවයට පාත්‍ර කරමින් පිරි නැමූ තවත් නායකත්ව සම්මාන උළෙලක් සාර්ථකව අවසන් කරන්නට අපට හැකි වුණා.  මෙම වසරේ නිර්දේශිත සමාගම් අතරට එක් වුණු ශ්‍රී ලංකාවේ එකම සන්නිවේදන සේවා සමාගම ලෙස හච් සම්මානයට පාත්‍ර වීම, අතිශයින්ම ආඩම්බරයටකරුණක්. උළෙලෙහි සම්මානයට පාත්‍ර වූ සියලු සම්මානලාභීන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් සහ අලෙවිකරණ ක්ෂේත්‍රයෙහි ඔවුන්ගේ දායකත්වය වෙනුවෙන්, අපගේ සුබ ප්‍රාර්ථනා එක් කිරීමට කැමතියි ”

මෙම සම්මාන උළෙලට ප්‍රශංසා එක් කරමින්, HUTCH හා අත්වැල් බැඳගෙන සිටින  නිර්මාණ  ආයතනයක් වන Wunderman Thompson ආයතනයේ ප්‍රධාන විධායක අලීනා හාජි ඕමාර් මහත්මිය මෙසේ පැවසීය. “මෙම අපූරු හවුල්කාරිත්වය ගැන අපට ආඩම්බරයට කාරණයක්! මෙම සම්මාන සමග අප සමරන්නේ,  සාර්ථකත්වය, හච් හි බැබලෙන වර්ධනයෙහි සාර්ථකත්වය, නවෝත්පාදනය, නිර්මාණාත්මක ධෛර්යය සහ අනගි සහයෝගීතාවයේ මාහැඟි ප්‍රතිඵලයයි.”

හොංකොං මූලස්ථානය කර ගත් CK හචිසන් සමාගම අනුබද්ධ දේශීය සමාගම වන හචිසන් ටෙලිකොමියුනිකේෂන් ලංකා පුද්ගලික සමාගම, මෙරට සන්නිවේදන සේවා සමාගම් අතරෙහි කැපී පෙනෙන සමාගමකි. 2019 වසරේදී එටිසලාට් සමාගම අත්පත් කර ගැනීමෙන් අනතුරුව, 078 හා 072 අංක දරන හච් පාරිභෝගිකයින්  හට සේවාවන් පිරිනමිමින්, හච් ජාලය දීප ව්‍යාප්ත දැවැන්ත 4G ජාලයක් ලෙසින් ව්‍යාප්ත කෙරිණි. ඒ සමග දිවයිනේ සෑම ප්‍රදේශයකම හච් පාරිභෝගිකයින්ගේ ජාල අවශ්‍යතා සපුරාලීම පිණිස ‘දැවැන්ත හා සමීප’ සේවාවක් පිරි නැමීමට හච් වෙත හැකියාව සැලසී තිබේ.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *