“හච් දැනුමයි මිලියනයයි” වැඩසටහනේ ජයග්‍රාහකයින් හට ආකර්ෂණීය මුදල් ත්‍යාග ප්‍රදානය කෙරේ

ශ්‍රී ලංකාවේ සීඝ්‍රයෙන් වර්ධනය වන ජංගම බ්‍රෝඩ්බෑන්ඩ් සේවා සැපයුම්කරු වන හච්, ස්වකීය පාරිභෝගිකයින්ගේ දැනුම උරගාමින් පැවැත්වූ 27 වන ” හච් දැනුමයි මිලියනයයි” ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනේ ජයග්‍රාහකයින් හට මිලියනයක මුදල් ත්‍යාග පිරිනැමීම කොළඹ පිහිටි හච් මූලස්ථානයේ දී පසුගියදා පැවැත්විණි.

මෙහි පළමු ත්‍යාගය හිමිකර ගැනීමට අතුරුගිරියේ පදිංචි කේ.එල්.එස්.කුමාර මහතා සමත්වූ අතර දෙවැනි සහ තුන්වැනි ත්‍යාග සීදූව පදිංචි ඒ.ඒ.එම්.සී.ප්‍රේමලාල් මහතා සහ බුත්තල පදිංචි ජී.එච්.එස්.ඒ.ශාන්ත මහතා දිනා ගන්නා ලදී.

hSenid Mobile Solutions අනුබද්ධ Beyond M, මෙම වැඩසටහන් මාලාවේ මාධ්‍ය සහ සේවා හවුල්කරු වේ. Beyond M යනු, ලොව පුරා ව්‍යාප්ත පාරිභෝගික ජාලයක් සතු මෘදුකාංග නිෂ්පාදන සහ සේවාවන් සපයන සමාගමකි. දැනුමයි මිලියනයයි යනු මාස 6 කාලපරිච්ඡේදයක් පුරා දිවෙන ප්‍රශ්න විචාරාත්මක වැඩසටහනක් වන අතර පාරිභෝගිකයින් හට SMS, web හෝ දැනුමයි මිලියනයයි app ඔස්සේ ඒ සඳහා සහභාගී විය හැක.

දිනකට රුපියල් 5ක් වැනි සුළු මුදලකට ලියාපදිංචි වීමෙන් ඕනෑම අයෙකුට තරඟයට සහභාගී විය හැකි අතර බෝනස් ප්‍රශ්න වලට පිළිතුරු දීමෙන්  තම ලකුණු මට්ටම ඉහළ නංවා ගැනීමටද හැකියාව පවතී.

මෙය සහභාගී වන සියලු දෙනාට සමාන දිනුම් අවස්ථා සහ ඉහළ ප්‍රතිලාභ ලබාදෙන තරඟයකි. මේ සඳහා සහභාගි වීමට කැමැත්තෙන් සිටිනා හච් පාරිභෝගිකයින් හට සිය ජංගම දුරකතනය මගින් WIN ලෙස type කර 6633 ට SMS කිරීම මඟින් හෝ play store මගින් Danumai Miliyanayai app ඩවුන්ලෝඩ් කර ඒ සඳහා ලියාපදිංචි වියහැක. මාස හයක් අවසානයේ දිනුම් ඇදීමෙන් ජයග්‍රාහකයින් තිදෙනෙක් තෝරා ගනු ලබන අතර ඒ සඳහා සුදුසුකම් ලබන්නේ වැඩිම ලකුණු ලාභීන් පමණි.

ඡායාරූප විස්තර :

හච් හි VAS කළමණාකාර මනෝජ් බෙනිල්ඩස් මහතා, හච් දැනුමයි මිලියනයයි වැඩසටහනේ ජයග්‍රාහකයා වන අතුරුගිරියේ පදිංචි කේ.එල්.එස්.කුමාර මහතා සහ hSenid Mobile Solutions VAS හි ප්‍රධානී දනසිරි විජේදාස මහතා සමඟින්
හච් හි VAS කළමණාකාර මනෝජ් බෙනිල්ඩස් මහතා, හච් දැනුමයි මිලියනයයි වැඩසටහනේ දෙවැනි ජයග්‍රාහකයා වන සීදූව පදිංචි ඒ.ඒ.එම්.සී.ප්‍රේමලාල් මහතා සහ hSenid Mobile Solutions VAS හි ප්‍රධානී දනසිරි විජේදාස මහතා සමඟින්
හච් හි VAS සහකාර කළමණාකාර කසුන් ජයසූරිය මහතා, හච් දැනුමයි මිලියනයයි වැඩසටහනේ තෙවැනි ජයග්‍රාහකයා වන බුත්තල පදිංචි ජී.එච්.එස්.ඒ.ශාන්ත මහතා සහ hSenidMobile Solutions හි ගිණුම් කළමණාකාර ඉසුරු එදිරිමාන්නගේ මහත්මිය සමඟින්
Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *