හැදෙන රටට ජීවය දෙන මල්ටිලැක් සමාජ සත්කාරය

ජාතික රුධිර පාරවිලයනය මධ්‍යස්ථානයට සවියක් වෙමින් රාජ්‍ය දැව සංස්ථාව මඟින් සිව් වන වරටත් සංවිධානය කරන ලද ලේ දන් දීමේ සමාජ සත්කාර්යය පසුගියදා රාජ්‍ය දැව සංස්ථාවේ කල්දෙමුල්ල සංකීර්ණයේ දී සාර්ථකව අවසන් විය. එහිදී මෙම මහඟු සමාජ මෙහෙවරට දායකත්වයක් ලබා දෙමින් අනුග්‍රාහකත්වය දරනු ලැබුවේ තීන්ත ලොව දේශීය සන්නාමය ලෙසින් ඉමහත් කීර්තියක් දිනා සිටින මල්ටිලැක් ආයතනයයි.

තරගකාරී ව්‍යාපාර ලෝකයේ දේශීය අනන්‍යතාවය පෙරටු කරගනිමින් අති සාර්ථක නමක් දිනා සිටින මල්ටිලැක් ආයතනය මෙබඳු සමාජමය සත් කාර්යයන් සමඟ නිරන්තරයෙන් අත්වැල් බැඳගන්නා ආයතනයකි. දේශීයත්වය අගය කිරීමෙන් සංවර්ධනය අපේක්ෂා කරනා වර්තමාන රජයේ ප්‍රමුඛ වැඩපිළිවෙලට නිරන්තර සවියක් වෙමින් හැදෙන රට හදන අපි යන තේමාව ඔස්සේ මෙම ලේ දන්දීමේ ක්‍රියාන්විතයට අනුග්‍රාහකත්වය ලබාදෙන මල්ටිලැක් ආයතනය දේශීය ව්‍යවසායකයින්ට ආදර්ශයක් වෙමින් සිය සාර්ථක්වයන් අත්පත් කරගනිමින් සිටියි.

කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානයේ රුධිර හිඟයක් පවතින බව අනාවරණය කරනු ලැබිණි. රාජ්‍ය දැව සංස්ථාව මඟින් සංවිධානය කරනු ලැබූ ලේ පරිත්‍යාග කිරීමේ කඳවුරට අනුග්‍රාහක දායකත්වය ලබා දීමට මල්ටිලැක් ආයතනය කටයුතු කරන්නේ එවන් පසුබිමකය. මල්ටිලැක් ආයතනය සෑම විටම කටයුතු කරනු ලබන්නේ ව්‍යාපාර අරමුණු ඉක්මවා ගිය පුළුල් සමාජමය වගකීමක් සහිත ආයතනයක් ලෙසයි.

පරිත්‍යාගශීලී එක් ලේ බිඳුවකට වටිනා ජීවිතයක් බේරා ගැනීමේ හැකියාව ඇත. එකී දාන පාරමිතාව සම්පූර්ණ කරගැනීමට ශ්‍රී ලාංකේය පරිත්‍යාගශීලී ජනතාවට වේදිකාවක් තනා දෙමින් පහසුකම් සපයනු ලැබූ මල්ටිලැක් ආයතනය ඉදිරියේදීත් මෙබඳු සත් කාර්යයන් සමඟ එකතුවනු ඇත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *