හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් සිය සමාජ සත්කාරක වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීමට කැපවී සිටියි

වසංගත කාලයකට මුහුණ දුන් ශ්‍රී ලංකාව, 2021 වසර අවසන් වන විට ‘නව සාමාන්‍ය’ තත්වයට අනුවර්තනය විය. කෙසේ නමුත්, වසංගතය සහ සමාජ-ආර්ථික අභියෝගවලට මුහුණ දුන් ප්‍රාදේශීය ප්‍රජාවන්ට ඉන් පසුව ඇති වූ ආර්ථික අභියෝගවලට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාවය අති විශාල විය. මෙම තත්වය අවබෝධ කර ගනිමින්, ශ්‍රී ලංකාවේ FMCG අංශයේ ප්‍රමුඛයා වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්, බහුවිධ සහය මැදිහත්වීම් හරහා පීඩාවට පත් වූ ප්‍රජාවන්ට සහාය වීමට වැදගත් කාර්යභාරයක් ඉටු කර ඇත.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස්  විසින්  ක්ෂණික සහ ස්ථාවර සහයෝගයක් මෙම ප්‍රජාවන්ට ලබා දුන් අතර, වියළි සලාක, පුද්ගලික සහ ගෘහ ආරක්ෂණ නිෂ්පාදන, ලිපි ද්‍රව්‍ය ඇතුළු තවත් දේ පවුල් සහ අනෙකුත් ප්‍රජාවන්ට පරිත්‍යාග කරන ලදි.  අනුරාධපුර ප්‍රදේශයේ වියළි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් සිදු කරන අතරතුර,  ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් පීඩාවට පත් වූ පවුල් සඳහා ද උපකාර කිරීමට සමාගම ඉදිරිපත් විය. පසුගිය කාර්තුව තුළ මධ්‍යම, බස්නාහිර, දකුණ, වයඹ සහ ඌව යන ප්‍රදේශවල ප්‍රජාවන්ගෙන් ආසන්න වශයෙන් පුද්ගලයින් 1000ක් වෙත බහුවිධ පරිත්‍යාග ලැබී ඇත.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි  ව්‍යාපාර සංවර්ධන හා නවෝත්පාදන අධ්‍යක්ෂිකා සබ්‍රිනා යුසුෆාලී මෙසේ අදහස් දැක්වීය. “වසංගතය සහ ව‍ර්තමානයේ පවතින ආර්ථික අර්බුදය දිවයින පුරා සිටින ප්‍රජාවන්ට විශාල පීඩනයක් එල්ල කර තිබෙනවා. ප්‍රජාවන්ගේ යහපැවැත්ම නඟා සිටුවීමට හේමාස් හි අපි ඇප කැපවී සිටිනවා.  අතිශය දුෂ්කරතා සහිත මේ කාලය තුළ, හේමාස් අපගේ බහුවිධ වේදිකා හරහා බලමුලු ගන්වන අතර එමඟින් සමාජයේ වඩාත් අවදානමට ලක්විය හැකි කොටස් සඳහා කඩිනමින් සහය ලබා දීමට අපට හැකි වේ.

ගුණාත්මක සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා සීමිත ප්‍රවේශයක් සහිත තෙල්දෙණියේ පාසලකට පරිත්‍යාග කිරීමට හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් විසින්  කොළඹ විශ්ව විද්‍යාලයේ ලියෝ සමාජයට නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දෙන ලදි.  එසේම සමාගම විසින් අතලේ ප්‍රදේශවාසීන්ට ආධාර පිණිස සෞඛ්‍ය කඳවුරකට  සනීපාරක්ෂක තුවා ලබා දීම සඳහා ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයේ සහ විශාඛා විද්‍යාලයේ සමාජ සේවා සංගම් වෙත සහය ලබා දෙන ලදි.

වසර ගණනාවක් පුරා, හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් අවශ්‍යතා ඇති ශ්‍රී ලාංකේය ප්‍රජාවන්ට උපකාර කිරීමට කැපවී සිටින අතර ඉදිරි වසරවලදී ද එය අඛණ්ඩව සිදු කරනු ඇත.

Hemas Consumer Brands පිළිබඳව

Hemas Consumer Brands   ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛතම ශ්‍රී ලාංකේය ආයතනයක් වන අතර ශක්තිමත් අරමුණු  සහිත වෙළඳ නාම සහ ප්‍රගතිශීලී තිරසාර භාවිතයන් ඔස්සේ වසර ගණනාවක් පුරා පාරිභෝගික හදවත් දිනා ගෙන ඇත.  ලෝක මට්ටමේ නිෂ්පාදන කළඹ තුළින් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් සහ පෞද්ගලික සත්කාර විසඳුම් ගෙන ඒමට  Hemas Consumer Brands උත්සාහ දරයි. වර්ධනය කෙරෙහි මඟ පෙන්වන නවෝත්පාදන කණ්ඩායම්වලින් පෝෂණය වන දේශීය දැනුම අනාවරණය කරමින් උසස් වෙළෙඳ පොළ ප්‍රමුඛ සහ  සම්මානනීය නිෂ්පාදන නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන් පිළිගැනීමට ලක්ව ඇත. දිවයින පුරා අර්ථවත් පරිත්‍යාගයන් සිදු කිරීම, විශ්වාසදායි සහයෝගීතාවන් ඇති කිරීම සහ පරිසර හිතකාමී ලොවක් වෙනුවෙන් ප්‍රමුඛත්වය දෙමින් කටයුතු කිරීම යනාදියෙන්  Hemas Consumer Brands ශ්‍රී  ලාංකේය ජනයාගේ හදවත් ස්පර්ශ කර‍යි.

Photo Caption

අනුරාධපුරයේ ප්‍රාදේශීය ප්‍රජාවකට වියළි සලාක පරිත්‍යාග කිරීම

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *