Apps මිලියනයකටත් වඩා ප්‍රමාණයක් ඩවුන්ලෝඩ් කර ගත හැකි Huawei Find Apps search widget

ජංගම දුරකථන තාක්ෂණයේ නවෝත්පාදකයා වන Huawei විසින් පසුගියදා සිය පාරිභෝගිකයින් වෙත නවතම අත්දැකීමක් එක් කරමින් සිය ස්මාර්ට් දුරකථන සඳහා Huawei Find Apps search widget  හඳුන්වා දීම සිදු කෙරිණි. ඉතාමත් පහසුවෙන් පරිශීලකයින්ට අවශ්‍ය ඕනෑම App එකක් ඉතා ආරක්ෂාකාරීව Huawei උපාංගයන් වෙතට ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව Find Apps search widget  හරහා හිමි වේ. 

වර්තමානයේ බොහෝ දෙනුකු අතර කතා බහට ලක්ව ඇති මෙම Huawei Find Apps search widget, Petal Search මඟින් බල ගන්වා තිබේ.  Petal Search යනු app හෝ games විශාල ප්‍රමාණයක් ඉතාමත් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකි search engine එකකි.  ගෝලීයව විහිදුණු  search engine  නිර්මාණ ක්ෂේත්‍ර ප්‍රමුඛයින් හා එක්ව Huawei විසින් දියුණු කල , Petal Search engine සිය පරිශීලකයින්ට විශිෂ්ට සෙවුම් අත්දැකීමක් ලබා දීම සඳහා දියුණු කර ඇති බව කිව හැකිය.

Huawei Find Apps search widget  දැන් Huawei AppGallery හරහා ඩවුන්ලෝඩ් කර ගැනීමේ හැකියාව පරිශීලකයින්ට හිමි වේ.  මෑතකදී ලොව තෙවන විශාලතම මෙහෙයුම් පද්ධතිය ලෙස Huawei විසින් හඳුන්වා දුන්  AppGallery  මසකට මිලියන 420කට අධික පරිශීලකයින් ප්‍රමාණයක් භාවිත කරයි. දිනෙන් දින Huawei AppGallery සඳහා ලොව ප්‍රසිද්ධම Apps විශාල ප්‍රමාණයක් එකතු වන අතර, ඕනෑම Huawei HMS උපාංගයක් තුළින් Huawei AppGallery සඳහා පිවිසිය හැකිය. මේ හරහා ලොව ප්‍රසිද්ධ සහ වඩාත් ජනප්‍රිය apps මිලියනයකට අධික ප්‍රමාණයක් install කර ගැනීමට අවස්ථාව හිමි වේ.  Huawei AppGallery හි 4-layer detection mechanism තුළින් ඔබට අවශ්‍ය ඕනෑම App එකක් ඉතා ආරක්ෂාකාරීව ඩවුලෝඩ් කර භාවිත ගත හැකි බව සනාථ කරන නිසා පරිශීලකයින්ට කිසිඳු ගැටලුවකින් තොරව ඕනෑම App එකක් ඉතා පහසුවෙන් ලබා ගැනීමේ හැකියාව හිමි වේ. 

Huawei HMS උපාංගයන් වන Huawei Y7P , Huawei Nova 7i , Huawei Y6P , Huawei Y5P , Huawei P40 Pro භාවිත කරන ඕනෑම අයකුට සිය එදිනෙදා කාර්යන් සඳහා අවශ්‍ය ඕනෑම Application එකක් සිය උපාංගයන් තුළට ලබා ගත හැකි ක්‍රම ත්‍රිත්වයක් පවතී. මෑතකදී හඳුන්වා දුන් Find Apps search widget, ඉහත කතා කරන ලද Huawei AppGallery සහ  Phone Clone යන ක්‍රම ත්‍රිත්වය වේ.  Phone Clone හරහා ඉතාමත් පහසුවෙන් ඔබගේ පැරණි Huawei දුරකථනයේ තිබෙන apps, contacts, data, files සහ photos ඉතාමත් ඉක්මනින්, පහසුවෙන් නව Huawei උපාංගයන් වෙත හුවමාරු කල හැකිය.

Petal Search engine මඟින් බල ගන්වා ඇති Find Apps search widget සියලුම Huawei ස්මාර්ට් උපාංග පරිශීලකයින්ට වඩාත් දියුණු අත්දැකීමක් හිමි කර දෙමින්  විශ්වාසදායක මුලාශ්‍රයන් රැසක් තුළින් ඉතාමත් ඉක්මනින් තමන්ට අවශ්‍ය Apps ස්මාර්ට් දුරකථනයට ලබා ගැනීමේ හැකියාව ලබා දී ඇත. Huawei AppGallery හා Find Apps search widget  ඒකාබද්ධව පවතින නිසා  AppGallery තුළ ඇති සියලුම Apps ද Find Apps search widget තුළ පෙන්වයි.  සෑම සතියකම 100කට අධික නව apps ප්‍රමාණයක් Huawei AppGallery සඳහා එක් වීම විශේෂ වේ. 

ගෝලීය search engine නිර්මාණයේ විශිෂ්ටයින් සමඟ එක්ව නිර්මාණය කරන ලද Find Apps search widget ඉහළම තාක්ෂණික ආරක්ෂාවක් සහ ඉහළම තාක්ෂණය යොදා ගනිමින් නිර්මාණය කර ඇත. මෙමගින් පරිශීලකයින්ගේ පෞද්ගලික දත්ත වල ආරක්ෂාව ඉහළින්ම සනාථ කර ඇත. දැනට භාෂා 40කට අධික ප්‍රමාණයක් සඳහා Find Apps search widget support කරන අතර, රටවල් 45ක පරිශීලකයින් බාවිත කරයි. මෙම සියලු රටවල් වල පරිශීලකයින්ගෙන් ඉතා හොඳ ප්‍රතිචාර මේ සඳහා හිමි වන අතර ඉදිරියේදී ලොව පුරා විසිර සිටින Huawei පරිශිලකියින්ට මෙම අත්දැකීම හිමි වනු ඇත. 

Huawei AppGallery වෙත ගොස් Petal Search – Find Apps ලෙස search කිරීමෙන් ඉතාමත් පහසුවෙන් Petal Search ඩවුන්ලෝඩ් කර Install කර ගත හැකිය.

ඉන් පසු ස්මාර්ට් දුරකතනයේ Home Screen තුළට ගොස් ඇඟිලි තුඩු දෙකෙන් දුරකතනයේ තිරය එක වර ටච් කරන්න. එවිට ඔබට Widget ලෙසින් Icon එකක් දිස්වන අතර,  එය click කර එම මෙනුවේ හරස් අතට ගමන් කරන්න.  එහිදී ඔබට Petal Search icon එක දිස්වේ.  එය click කර home screen තුළට එක් කරන්න.  දැන් දුරකතනයේ ප්‍රධාන තිරයේ Find Apps ලෙස තීරුවක් දිස්වේ.  මේ තුළින් ඔබට ඕනෑම App එකක් පහසුවෙන් ඩවුන්ලෝඩ් කර ගත හැකිය. 

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *