EDEX EXPO 2023 ඔබේ සාර්ථකත්වයේ මාවතයි

උසස්පෙළින් පසු මීළඟට කුමක් කළ යුතු දැයි කල්පනා කරන, තම සුදුසුකම් වැඩිදියුණු  කර ගැනීමට  අදහස් කරන, නව රැකියා අවස්ථා සොයන (වෘත්තීය ජීවිතයේ කුමන වයසක හෝ කුමන තත්වයක සිටියද) සහ තම වෘත්තීය ජීවිතයේ මීළග පියවර වෙත අවතීර්ණ වීමට සැලසුම් කරන ඔබ සැම වෙනුවෙන්ම, ඒ සඳහා ඇති විශිෂ්ටතම තෝරාගැනීමේ විකල්ප සහ අවස්ථාවන්ගෙන් සමන්විත EDEX Expo 2023 මෙවරත් පෙබරවාරි මාස 24 සිට 26 දක්වා කොළඹ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේ (SLECC)දී සහ මාර්තු මාස 4 සහ 5 යන දිනවල මහනුවර, කැන්ඩි සිටි සෙන්ටර් (KCC) හිදී පැවැත්වේ.  

EDEX, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම හා විශාලතම අධ්‍යාපනික හා රැකියා ප්‍රදර්ශනය වන අතර ශ්‍රී ලංකාවේ සහ විදේශයන්හි ප්‍රමුඛ පෙළේ උසස් අධ්‍යාපන ආයතන සහ විශ්වවිද්‍යාල සමඟින් එක්ව අතිවිශිෂ්ට තෝරාගැනීමේ අවස්ථා (ගුණාත්මක හා ප්‍රමාණාත්මක යන දෙඅංශන්ම) සැපයීම පිළිබඳව ඉමහත් කීර්තියක් උසුලයි. EDEX දශක දෙකකට ආසන්න කාලයක් පුරා “ශ්‍රී ලාංකේය තාරුණ්‍ය ජාත්‍යන්තර වශයෙන් තරඟකාරී මට්ටමකට පත්කිරීමේ” පොරොන්දුව ඉටු කරමින් 2023 දී සිය 19 වන සංවත්සරය සමරයි.

“Covid වසංගතය සහ ඉන්ධන අර්බුදය දැවෙන ප්‍රශ්නයක්ව පැවති කාලවකවානුවක් වූ 2022 මාර්තු මාසයේදී, EDEX විසින් දේශීය තරුණ තරුණියන්ට ඩිජිටල් අත්දැකීමක් සහිත නවීන තාක්‍ෂණයෙන් බලගැන්වූ Hybrid Expo ඔන්ලයින් අධ්‍යාපනික ප්‍රදර්ශනය හඳුන්වාදෙමින් සිය සමාරම්භය සනිටුහන් කළා. EDEX සැමවිටම සිය දැක්ම වෙනුවෙන් කැපවී සිටින අතර, අධ්‍යාපනික ප්‍රදර්ශන ක්ෂේත්‍රය ඉහළ තලයකට ගෙන යාම සඳහා සිය කාලය, මුදල් හා ශ්‍රමය අඛණ්ඩව ආයෝජනය කරමින් සිටිනවා,” EDEX හි සභාපති මහින්ද ගලගෙදර මහතා ප්‍රකාශ කළේය.

මෙම වසරේ ශ්‍රී ලංකා ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී (SLECC) පවත්වනු ලබන EDEX Expo ප්‍රදර්ශනය සඳහා ඔස්ට්‍රේලියාව, ජපානය, ප්‍රංශය, ඩුබායි, පකිස්ථානය සහ ඉන්දියාව නියෝජනය කරමින් දේශීය හා ජාත්‍යන්තර උසස් අධ්‍යාපන ආයතන රැසක් සහභාගී වීමට නියමිත අතර EDEX Expo 2023 ප්‍රදර්ශනය සඳහා සහභාගී වීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් වෙනුවෙන් 1,000කට අධික ශිෂ්‍යත්ව අවස්ථා සහ අනෙකුත් ප්‍රතිලාභ පිරිනැමෙනු ඇත.

EDEX Expo 2023 රැකියා ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ ආයතන රැසක නියෝජිතයින් සම්බන්ධ වන අතර, ඔවුන් විසින් එම ස්ථානයේදීම පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණ මඟින් ක්ෂණික බඳවා ගැනීමේ අවස්ථා පිරිනමනු ලබයි. EDEX Careers, ප්‍රමුඛ පෙලේ වෘත්තිකයන් සමඟින් එක්ව සිසුන් සහ රැකියා අපේක්ෂකයින් යන දෙපාර්ශවයම සඳහා අවශ්‍ය වෘත්තීය මාර්ගෝපදේශන, සම්මන්ත්‍රණ, රැකියා ප්‍රවණතා පිලිබඳ තොරතුරු සහ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දීමට අවශ්‍ය දැනුම ප්‍රදර්ශනය පුරාවට ලබාදෙනු ඇත.

EDEX Expo 2023 ට සමගාමීව EDEX ව්‍යවසායකත්ව ඒකකය විසින් “Entrepreneurs Club” දියත් කරනු ලබන්නේ, රට පුරා සිටින නැඟී එන ව්‍යවසායකයින්ගේ දායකත්වය තුළින් ශ්‍රී ලාංකේය සමාජ පරතරයට බලපෑමක් ඇති කිරීමේ දැක්ම ඇතිවය. පවතින ආර්ථික අභියෝගවලට එරෙහිව සටන් කිරීම සඳහා ව්‍යවසායකත්ව කුසලතාවල අවශ්‍යතාවය හඳුනා ගනිමින්, තරුණ ව්‍යවසායකයින්ගේ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට සහයක් වීම සඳහා දිවයිනේ ප්‍රසිද්ධ සහ පළපුරුදු ව්‍යවසායකයින් විසින් පවත්වනු ලබන සැසි මාලාවක්ද EDEX විසින් සංවිධානය කර ඇත.

දීපව්‍යාප්ත ග්‍රාමීය පාසල්වල අවශ්‍යතා සහිත සිසුන්ට පොත්පත් පරිත්‍යාග කළ හැකි නැණපහන කුටියක් සහ ක්‍රීඩා කලාපයක් ඇතුළුව තවත් සුවිශේෂී අංග රැසකින් මෙම ප්‍රදර්ශනය සමන්විත වේ. EDEX – Think Green විසින් සංවිධානය කරන ලද ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන සහ EDEX සිතුවම් චිත්‍ර තරගයේ ජයග්‍රාහකයින් සඳහා සහතිකපත් ප්‍රදානය කිරීම ද මෙහිදී ඔබට දැක ගත හැකිවනු ඇත.

උසස් අධ්‍යාපන සහ රැකියා අවස්ථා, වෘත්තීය සහ ව්‍යවසායකත්වය පිළිබඳ උපදෙස් සහ මඟපෙන්වීම්, පොත් පරිත්‍යාග කිරීම්, ක්‍රීඩා යන මේ සියල්ලේම සංයෝගයක් EDEX Expo 2023 හි ඔබ වෙනුවෙන්ම සුදානම් කර ඇත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *