Huawei විසින් නවතම නිෂ්පාදන රැසක් දේශීය වෙළඳ පොළට හඳුන්වා දෙයි

ලොව ප්‍රමුඛ තාක්ෂණික උපාංග නිෂ්පාදකයෙකු වන Huawei විසින්, පසුගියදා පැවති නිල නිෂ්පාදන දියත් කිරීමේ සුවිශේෂී වැඩසටහනකදී දේශීය වෙළඳ පොළ වෙත තාක්ෂණික උපාංග පහක් හඳුන්වා දෙන ලදී. මෙම සුවිශේෂී උපාංග වන්නේ, Huawei Matebook X Pro 2021, Huawei Mate Pad 11, Huawei Watch 3, Huawei Freebuds 4 සහ  Huawei Mate View මොනිටරයයි. 

මෙම අවස්ථාව සඳහා Huawei ශ්‍රී ලංකාහි කළමනාකාරීත්වය සහ ප්‍රසිද්ධ සමාජ මාධ්‍ය තාරකාවක් වන Chanux Bro එක්ව සිටි අතර, ඔහු විසින් නව නිෂ්පාදන පිළිබඳ සවිස්තරාත්මක හඳුන්වා දීමක් සිදුකරන ලදී.  මෙහිදී වැඩසටහන නැරඹීම සඳහා එක්වූ පිරිස වෙත, ත්‍යාග ලබාදීමේ අංගයක් ද සංවිධානය කරතිබූ අතර, මෙහිදී Huawei විසින් අසන ලද ප්‍රශ්නයක් සඳහා නිවැරදි පිළිතුරු ලබාදුන් 14දෙනෙකු සඳහා වටිනා Huawei උපාංග දිනාගැනීමේ අවස්ථාව හිමි විය.  

දේශීය පාරිභෝගිකයින්ගේ විවිධ අවශ්‍යතා වෙනුවෙන් හඳුන්වා දුන් නවතම නිෂ්පාදන සඳහා දැඩි වෙළඳ පොළ ඉල්ලුමක් නිර්මාණය වන බව පෙනී යන්නේ, එම උපාංග තුළ වූ ඉහළ මට්ටටමේ විශේෂාංග හේතුවෙන්ය.

පරිශීලකයාට ඉහළ කාර්යක්ෂමතාවයකින් සිය එදිනෙදා කාර්යයන් ඉටුකර ගැනීමට අවශ්‍ය සුවිශේෂී තාක්ෂණික විශේෂාංග රැසකින් සමන්විත Huawei MateBook X Pro 2021, මනරම් නිමාවක් සමඟින් අද්විතීය කාර්යසාධනයක් එක්කොට නිර්මාණය කර ඇත. MateBook X Pro හි ප්‍රධාන විශේෂාංග අතර, ආකර්ෂණීය අඟල් 13.9 ක FullView display සහ දිගුකාලීන බැටරි ධාරිතාව, පුළුල් නැරඹුම් අත්දැකීමක් ලබාදෙන  3K high-definition ඡායාරූප ගුණාත්මකභාවය ප්‍රධාන වේ.  කාර්යසාධනය (performance) පිළිබඳ සැළකීමේදී, මෙහි අන්තර්ගත 11th Gen Intel® Core™ ප්‍රොසෙසරය සහ 16GB LPDDR4x මතක ධාරිතාවය ඉතා සුවිශේෂී වන්නේ එමඟින් ලබාදෙන ඉහළ කාර්යක්ෂමතාව මූලික කර ගෙනයි. 

වර්තමානයේ බොහෝ දෙනෙකු ප්‍රිය කරන තාක්ෂණික විශේෂාංග හා ඉහළ කාර්යසාධනයක් එක් කරමින් නිපදවා ඇති Huawei MatePad 11 ටැබ්ලට් පරිගණකය එහි වූ අසමසම විශේෂාංග හේතුවෙන් ඉහළ පාරිභෝගික ආකර්ෂණයක් දිනාගනු ඇති බව නොඅනුමානයි.  ඩෙක්ස්ටොප් පරිගණකයක අත්දැකීම් වර්ධනය කරමින්,  ටච් ස්ක්‍රීන් පාලනය සහ වැඩිදියුණු කළ Huawei M-Pencil අන්තර්ගත කරමින් නිෂ්පාදනය කර ඇති Huawei MatePad 11, පරිශීලක කාර්යන් ඉතාමත් පහසු සහ කාර්යක්ෂම කරනු ඇත. Huawei MatePad 11 හි පරිශීලකයාට පහසුවෙන් අල්ලාගැනීමට පහසු සියුම් දාර, 120Hzක Full View ඩිස්ප්ලේ  පරිශීලක නැරඹුම් අත්දැකීම් වඩාත් පැහැදිළි සහ උසස් කරනු ඇත. 

අඟල් 1.43 ක AMOLED ඩිස්ප්ල්යේ එකක් සහිත නවතම Huawei Watch 3, එහි මනරම් නිමාව මෙන්ම විශේෂාංග හේතුවෙන් සුවිශේෂී වනු ඇත.  දින 3ක කාලයක් පුරා පවතින බැට්රි ධාරිතාවය මෙහි විශේෂ වන අතර, touch-sensitive ස්ක්‍රීන් එක සහ පහසුවෙන් ඔරලෝසුව හැසිරිය හැකි side button එක මෙහි අනෙකුත් විශේෂාංග අතර වේ.  නවතම Huawei Freebuds 4 ඉතාමත් පහසුවෙන් පැළඳිය හැකි නිමාවකින් වෙළඳ පොළට පැමිණෙන අතර, පරිශීලකයට ඉතාමත් පැහැදිළි ලෙස සිය ඇමතුම් ඇතුළු සන්නිවේදන ක්‍රියා සිදුකරගැනීමට හැකිවන අයුරින් අදාළ තාක්ෂණයන් භාවිත කරමින් මෙය නිපදවා ඇත.  Huawei MateView මොනිටරය ද ශ්‍රී ලාංකිකයින්ට නවතම තාක්ෂණික අත්දැකීමක් හිමිකර දෙනු ඇත. 4K+ Ultra HD ඩිස්ප්ල්යේ, cinema-level colour gamut, wireless projection,  Smart Bar මෙහි ඇති අද්විතීය විශේෂාංග අතරින් කිහිපයකි.

මෙම නවතම උපාංග නුදුරේදීම Huawei experience centers, Singer showrooms, Daraz.lk සහ Singer.lk වෙතින් මිලදී ගත හැකිය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *