Huawei හා Dronetech සහයෝගීතාව තිරසාර කෘෂිකර්මාන්තයකට පහසුකම් සපයයි

වර්ෂ 1323 වැනි ඈත අතීතයේ දී, ලියවිල්ලක සඳහන් වූ මුල් ම වතු යාය ලෙස ඉතිහාසගත වන ඔස්ට්‍රියාවේ පිහිටා ඇති සියවස් ගණනාවක් පැරණි වතුයායක් වන Nussböckgut මිදි වත්තේ දී, එහි මෙහෙයුම් සමාගම් දෙක පසුගිය වසරේ දී ආරම්භ කළ පුරෝගාමී ව්‍යාපෘතිය පිළිබඳව යාවත්කාලීන තොරතුරු ලබා දුන් අතර, එහි දී එම වතුයාය 5G හා IoT තාක්ෂණයන් තිරසාරත්වය කරා ගෙන යා හැකි ආකාරය පිළිබඳව ද අවධානය යොමු කෙරිණි. මෙම මෙහෙයුම් සමාගම් දෙක විසින් තාක්ෂණික නවෝත්පාදනයන් හා 5G තාක්ෂණය ඔස්සේ ආහාර සුරක්ෂිතතාව පිළිබඳ ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව තිරසාර කෘෂිකර්මාන්තයක් ප්‍රවර්ධනය කළ හැකි ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඩිජිටල්කරණය හා කෘෂිකර්මාන්තය පිළිබඳ විශේෂඥයින්ගෙන් සැදුම්ලත් මණ්ඩලයක් සඳහා සිය සත්කාරකත්වය ලබා දීමට කටයුතු කෙරිණි.

Processed with VSCO with l4 preset

මෙම සමාගම් දෙක නිවේදනය කළේ ඔවුන්ගේ සහයෝගීතාව ‘Digital Sky’ තේමාව යටතේ එහි දෙවන අදියරට පිවිසීමට නියමිත බවයි.  Huawei සමාගම විසින් 5G තාක්ෂණය මත Cloud සේවාවන් සපයනු ලබන අතර, එය තත්‍ය කාලීන කෘත්‍රිම බුද්ධිය විශ්ලේෂණය සඳහා පදනම ලෙස සැලකිය හැකිය.  එහි දී අධි-විභේදන කැමරා සහ සංවේදකවලින් සමන්විත ඩ්‍රෝන්ටෙක් හි ඩ්‍රෝන යානා, ගොඩබිම හා ඒ ආශ්‍රිත වස්තූන් සමීක්ෂණය කර, කෘත්‍රිම බුද්ධිය මගින් සකසන ලද ඡායාරූප හා දත්ත ග්‍රහණය කර ගැනීමට එහි පරිශීලකයින් සඳහා කාර්‍යක්ෂම සේවාවක් ලබා දෙයි.

මෙම තාක්‍ෂණය ගොවියන්ට කුඩා කෘමීන් හඳුනා ගැනීම, බෝග තත්ත්වය නිරීක්ෂණය කිරීම, අස්වැන්න සම්බන්ධව අනාවැකි පළ කිරීම සහ ජලය, රසායනික ද්‍රව්‍ය හා පළිබෝධනාශක භාවිතය ක්‍රමවත්ව සිදු කිරීම යන ක්ෂේත්‍ර සඳහා ඉතා හොඳ සහයක් ලබා දෙයි.

දෙවන අදියරේ දී ඩ්‍රෝන් සේවා සඳහා හවුල් ආර්ථික ප්‍රවේශයක් සංවර්ධනය කිරීමට ද ව්‍යාපෘතිය සැලසුම් කරන අතර, ආයතනික හා පෞද්ගලික මට්ටමේ ඇතුළු විවිධ අංශවල පරිශීලකයින්ට සූර්ය පැනල පරීක්ෂා කිරීම, රථවාහන කළමනාකරණය, විදුලි රැහැන් දිරාපත් වීම් හඳුනාගැනීම වැනි පුළුල් පරාසයක අවශ්‍යතා සඳහා ඩ්‍රෝන යානා හා ඒ ආශ්‍රිත කෘත්‍රිම බුද්ධිය  කුලී පදනම මත ලබා ගත හැකිය.

කෘෂිකර්මාන්තයට 5G සක්‍රීය ඩ්‍රෝන තාක්ෂණය හඳුන්වා දීමේ දී මුහුණ දීමට සිදුවන විශාලතම අභියෝගය වන්නේ ජාල ආවරණයයි.  දැනට, 5G ජාල මූලික වශයෙන් නිර්මාණය කර ඇත්තේ බොහෝ දුරට බිම් මට්ටමේ හෝ ගෘහස්ථ පරිශීලකයින් සඳහා වන අතර, සාමාන්‍යයෙන් පොළොවේ සිට මීටර් 50ක් පමණ ඉහළින් පියාසර කරන ඩ්‍රෝන යානා සඳහා උසස් තත්ත්වයෙන් යුත් ආවරණයක් ලබා දීම අත්‍යවශ්‍ය කරුණකි.

මේ පිළිබඳව තව දුරටත් දැන ගැනීමට අවශ්‍යනම් https://www.huawei.com/en/sustainability/the-latest/events/5g-smart-farming-tour වෙත පිවිසෙන්න.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *