Mid Range මාදිලියේ ස්මාර්ට් දුරකථන අතර පෙරළිකාරයා HUAWEI nova 7i

ඉතා අඩු මිලකට, විශේෂාංග රැසකින් යුත් ස්මාර්ට් දුරකථන අත්දැකීමක් පාරිභෝගිකයාට හිමි කර දෙමින් Huawei සමාගම මෑතකදී  වෙළද පොළට දියත් කරන ලද nova 7i, විශිෂ්ඨ  ස්මාර්ට් දුරකතන මාදිලියක් වේ. අද්විතීය ස්මාර්ට් දුරකථන  අත්දැකීමක් හිමි කර ගැනීමේ අරමුණින් සිටින ඕනෑම අයකුට ඔවුන්ගේ තාක්ෂණික අරමුණු සාක්ෂාත් කර ගැනීම උදෙසා HUAWEI nova 7i කදිම විසඳුමක් ලෙසද හැඳින්විය හැකිය.

ආකර්ෂණීය ඡායාරූප හා ගුණාත්මක බවින් ඉහළ වීඩියෝ ලබා ගැනීමේ හැකියාව ලබා දෙන nova 7i, 4K වීඩියෝ Recording සහිත ප්‍රධාන කැමරාවක් සමග එන 48MP AI-powered all-scenario quad කැමරා පද්ධතියකින් සමන්විත වේ. සාමාන්‍ය ස්මාර්ට් දුරකථන වල දක්නට ලැබෙන facial enhancement වලට අමතරව HUAWEI nova 7i මඟින් වීඩියෝ ගත කිරීම් සිදු කිරීමේදී  AI computing හරහා තත්කාලීනව body outline, postures සහ  surroundings හඳුනා ගැනීම සිදු කරයි. තවද අලංකාර ලෙස ඡායාරූප සහ වීඩියෝ ලබා ගැනීම පහසු කරන  “Beauty” සහ  “Shaping” විශේෂාංග මෙහිදී සුවිශේෂී වේ. nova 7i හි වැඩි දියුණු කරන ලද   AI computing තාක්ෂණය හරහා one-tap music editing tool ඇතුළු  තවත් බොහෝ එකතු කිරීම් වීඩියෝ සඳහා එකතු කල හැකි අතර උසස් ගුණාත්මක බවින් යුත් වීඩියෝවක් නිර්මාණය කිරීම සඳහා මෙම සියලුම විශේෂාංග ඉවහල් වේ. 

HUAWEI nova 7i හි අධි බලැති Kirin 810 ප්‍රොසෙසරය දුරකතනයේ අවම බල පරිභෝජනයක්  සනාථ කරන අතර, Mali-G52 GPU මගින් දුරකථන ක්‍රීඩා සිදු කිරීමේදී සිදු වන විවිධ බාධා අවම කරයි. HUAWEI nova 7i හි ඡායාරූප ලබා ගැනීම, වීඩියෝ ගත කිරීම්, ජංගම දුරකථන ක්‍රීඩා සිදු කිරීම ඇතුළු බොහෝ කාර්යන් සීමාවක් නොමැතිව සිදු කිරීම සඳහා දිගු වෙලාවක් භාවිත කල හැකි බැට්රිය සහ ඉතාමත් ඉක්මනින් දුරකථනය charge කර ගැනීමේ හැකියාව ලබා දෙන fast charging පහසුකම විශේෂ වේ. තවද දුරකතනයේ 4200mAh බැට්රිය නිසා දවස පුරාම කිසිදු බාධාවකින් තොරව තාක්ෂණික කාර්යන්හි නිරත වීමේ හැකියාව පරිශීලකයාට හිමි වන අතර, පැය භාගයක් වැනි ඉතා කෙටි කාලයක් තුලදී දුරකතනය 70% ක් charge කර ගැනීමේ අවස්ථාව 40W HUAWEI SuperCharge හරහා හිමි වේ.

nova 7i දුරකතනයේ එක් පැත්තක පිහිටා තිබෙන fingerprint power button හරහා ඉතාමත් ආරක්ෂාකාරීව ඉක්මනින්  දුරකථනය unlock කර ගැනීමේ හැකියාව පරිශීලකයාට හිමි වේ.

වෙළද පොළේ අනෙකුත් තරඟකාරී නිෂ්පාදන හා සසඳා බැලීමේදී ඉතා අවම  මිලකට මිලදී ගැනීමේ හැකියාව සහිත HUAWEI nova 7i, දීප ව්‍යාප්ත Huawei අලෙවි නියෝජිත ජාලය හරහා දැන් ලබා ගත හැක.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *