PEPSI® විසින් නවතම අලෙවි ප්‍රයත්නයක් දියත් කරයි

– PEPSI® හි SWAG දර්ශනය මත පදනම්ව දියත් කෙරෙන මෙම අලෙවි ප්‍රයත්නය හරහා තරුණ තරුණියන්ගේ ආත්ම විශ්වාසය විදහා දක්වයි

ලොවපුරා මිලියන ගණනක පාරිභෝගික පදනමකගේ විශ්වාසය දිනාගත් PEPSI® හි SWAG දර්ශනය ලොවපුරා ඉහළ ප්‍රසිද්ධියක් උසුළයි. SWAG සමඟින් තරුණ තරුණියන් අන් කවරදාකටත් වඩා අභියෝග ජයගනිමින්, දැඩි ආත්ම විශ්වාසයෙන් යුතුව ඉදිරියට ගමන් කිරීම PEPSI® හි අලෙවි වැඩසටහන් හරහා සමාජයට පෙන්නුම් කරන අතර, මෙවර ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ඉලක්ක කරගනිමින් SWAG දර්ශනය මත පදනම්වූ තවත් විශිෂ්ට අලෙවි ප්‍රචාරණ වැඩසටහනක් දියත් කිරීමට PEPSI® සුදානම් වේ. 

Pepsi® හි නවතම අලෙවි ප්‍රචාරණ වැඩසටහන “#Pepsi එක්ක SWAG” තේමාවෙන් ක්‍රියාත්මක වන අතර, මෙම නිර්මාණාත්මක ප්‍රචාරණ දැන්වීම් වැඩසටහන ආරම්භ වන්නේ, ශිෂ්‍යකු විසින් විශ්ව විද්‍යාල ආපන ශාලාව වෙත ගොස් සිය ආහාර සහ Pepsi® බෝතලයක් මිලදී ගැනීම හා බැඳුනු කතාවක් තුලිනි. මෙහිදී තරුණ ශිෂ්‍යයා අදාල මිලදී ගැනීම සිදුකිරීමෙන් පසු  ආපනශාලා හිමිකරු විසින් ඔහු ලබාදුන් මුදලේ ඉතුරු මුදල් වශයෙන් ටොෆී කිහිපයක් ලබාදෙයි.  එහිදී ශිෂ්‍යයා ඒ සඳහා ස්මාර්ට් ආකාරයෙන් ප්‍රතිචාර දැක්වූ ආකාරය වෙළඳ දැන්වීම තුළින් නිර්මාණාත්මක අන්දමින් පෙන්නුම් කරයි. 

මෙම නව ප්‍රචාරණ දැන්වීම පිළිබඳ අදහස් දක්වමින්, PepsiCo හි ශ්‍රී ලංකා කලාපය සඳහා ජ්‍යෙෂ්ඨ අලෙවි අධ්‍යක්ෂ (Flavors),  නාසීබ් පූරි මහතා මෙලෙස පවසයි.  ” ලොව ප්‍රමුඛ සන්නාමයක් වන Pepsi, ලොවපුරා විසිරුණු තරුණ තරුණියන් අතර වඩාත් ප්‍රචලිත පානයක් වී හමාරයි. “#Pepsi එක්ක SWAG වෙන්න” වාක්‍ය කාණ්ඩය ශ්‍රී ලාංකේය ප්‍රජාව අතර ඉතා ප්‍රචලිත වන අතර, මින් ලොවට පෙන්නුම් කරන්නේ නවතම අවස්ථා සහ අභියෝග හඳුනා ගනිමින් ඒවාට නොබියව මුහුණ දෙමින් සෑම අවස්ථාවකම සතුටින් ගත කිරීම යන්නයි. වර්තමාන පරම්පරාවේ ආත්ම විශ්වාසය සැබවින්ම පිළිබිඹු කරන මෙම අලෙවි වැඩසටහන  සඳහා ශ්‍රී ලංකාවේ තරුණ තරුණියන් දැඩිලෙස ප්‍රිය කරනු ඇතැයි අපට විශ්වාසයි”.

Pepsi®  දැන් දිවයින පුරා විසිරුණු අලෙවිසැල් තුළින් මිලදී ගැනීමේ හැකියාව පාරිභෝගිකයාට හිමි වන අතර, මෙම සුවිශේෂී අලෙවි දැන්වීම නුදුරේදීම රුපවාහිනී, ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ඔස්සේ ඔබට නැරඹිය හැකිය.

නවතම වැඩසටහන පිළිබඳ විස්තර සඳහා මෙහි ක්ලික් කරන්න  – https://youtu.be/DQ93beugiXM

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *