vivo, වෙළෙඳ පොළ ප්‍රවණතා අපේක්ෂා කරමින් ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ්-19 සටනට සැරසෙයි

ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකතන අතරෙහි නවතම ගෝලීය සන්නාමය වන vivo, කොවිඩ් -19 ගෝලීය වසංගතය හා එමගින් සිදු වන ආර්ථික හානිවලින් ජය ගැනීමේ සටනට සාර්ථක ලෙසින් එක්වන බව පාරිභෝගිකයන් වෙත සහතික වෙයි. ශ්‍රී ලංකාවේ පශ්චාත් කොවිඩ්-19 තත්ත්වය තුළ, ස්මාර්ට් ජංගම දුරකතන හා උපාංග කර්මාන්තයේ ස්ථාවරත්වය පිළිබඳව මෙන්ම අලෙවිය පිළිබඳව දැනටමත් ක්ෂේත්‍රය තුළ සෘණාත්මක පුරෝකතනයන් තිබියදී, ව්‍යාපාරය නොනැසී පවත්වාගෙන යනු ඇතැයි විශ්වාස කරන සමාගම මෙම කාල පරිච්ඡේදය තුළ, පාරිභෝගික අවශ්‍යතා හඳුනා ගැනීමට හා සිය ව්‍යාපාරය නවීකරණය කිරීමට කටයුතු කරමින් සිටියි. පශ්චාත් කොවිඩ්-19 තත්ත්වය තුළ vivo මෙලෙස ධනාත්මක වන තරමට රට තුළ ස්මාර්ට් ජංගම දුරකතන පාරිභෝගික අවශ්‍යතා ඉටුවීම පමණක් නොව,‍ ඒවා වඩාත් සඵල වීම සාර්ථකව සිදු වේ.

වසංගතය හේතුවෙන් මුහුණ දී සිටින අභියෝග මධ්‍යයේ වුවද, පාරිභෝගිකයින් වෙනුවෙන් කැපවුණු සන්නාමයක් ලෙසින් ඔවුන්ගේ අවශ්‍යතා කිසිදු බාධාවකින් තොරව ඉටු කළ හැකි බව අපට විශ්වාසයි. ඒ සඳහා ශක්තිමත් කණ්ඩායමක් අප සතුව සිටින අතරම, අපගේ දේශීය හවුල්කරුවන් සමග අත්වැල් බැද ගනිමින්, වත්මන් තත්ත්වය සාමාන්‍ය අතට හැරෙන තෙක්ම දිගටම ශක්තිමත්ව කටයුතු කිරීමට අප සූදානම්” vivo Mobile Lanka හි ප්‍රධාන විධායක නිලධාරී කෙවින් ජියැන්ග් මහතා පැවසීය.

vivo සැම විටම අපි  ̓(V) මිස මම ̓(I) නොවේ.

ඉතාමත් ඵලදායී ගෝලීය වෙළඳ සන්නාමයක් වශයෙන්, කොවිඩ්-19 වසංගතය හේතුවෙන් මතුවිය හැකි ආර්ථික හානි පිළිබඳව vivo අවබෝධ කර ගෙන ඇති අතර, පශ්චාත් කොවිඩ්-19 සමයේ ආර්ථික වශයෙන් රට නගා සිටුවීමේ ශ්‍රී ලංකා රජයේ උත්සාහයන් ගෙන හැර දක්වන #RestartSriLanka සංකල්පය හා සිය සන්නාමය පෙළ ගැස්වීමට එම සමාගම සූදානම් වෙයි. ඒ සඳහා vivo සන්නාමය නියෝජනය කරන 350 කට අධික කාර්ය මණ්ඩලය හා 1200 කට අධික අලෙවි නියෝජිතයින් හා අන් කවරදාටත්  වඩා ශක්තිමත්ව අත්වැල් බැඳ ගනිමීන් සමීපව කටයුතු කීරීමටත් සමාගම වගබලා ගනියි. ශ්‍රී ලංකාව තුළ ඉතා වේගයෙන් ව්‍යාප්ත වන සමාගමක් වශයෙන් තමන්ගේ ප්‍රධානතම ශක්තිය වන්නේ, දේශීය කාර්ය මණ්ඩලය සහ හවුල්කරුවන් බවත්, පශ්චාත් කොවිඩ්-19 අභියෝග හමුවේ සාර්ථක ලෙස ජය ගැනීමට එම ශක්තිය ඉවහල් වන බවත් vivo විශ්වාස කරයි. ඕනැම අවස්ථාවක පාරිභෝගිකයින් හට vivo උපාංග ලබා ගත හැකි බව සහතික කරමින්, මෙම නවතම සන්නාමය සතු විශාලතම වත්කම ලෙසින්, දේශීය කාර්ය මණ්ඩලය හා අලෙවි නියෝජිතයෝ ඉතා දක්ෂ ලෙස කැපවීමෙන් යුක්තව කටයුතු කරති.

2017 වසරේදී ශ්‍රී ලංකාවේ ස්මාර්ට් ජංගම දුරකතන වෙළඳපොළට පිවිසි සමාගම, කලාපයේ ජංගම දුරකතන අලෙවියේ ප්‍රවණතාවයක් පිළිබඳ නිරීක්ෂණය කර තිබේ. ඒ වන විටත්, දේශීය පාරිභෝගිකයෝ vivo නිෂ්පාදන සොයමින් සිටියහ. ශ්‍රී ලංකාව තුළ නිරන්තරයෙන් සිය අලෙවි ජාල සහ අලෙවියෙන් පසු සහාය සේවා පුළුල් කරන vivo Mobile Lanka සමාගමට, වර්තමාන වෙළඳ පොළ විෂය පථයේ පෙර නොවූ විරූ අභියෝගය ජය ගනිමින්, විශේෂයෙන් අන්තර්ජාල හා අන්තර්ජාල නොවන ක්‍රම මගින් පාරිභෝගිකයින් හට ළඟා වීමට හැකි වී තිබේ. ඒ හේතුවෙන් මෙම සන්නාමය වෙළෙඳ පොළ තරඟකාරීත්වය අතින් ඉහළම මට්ටමක පවතින අතරම ඔවුහු දේශීය ශක්‍යතාව පිළිබඳ නිරතුරු විශ්වාසය තබා කටයුතු කරති.

දේශීය වෙළෙඳපොළ තුළ ප්‍රමුඛ පෙළේ නිෂ්පාදන කිහිපයක්ම ස්ථාපිත කිරීමෙන් අනතුරුව, vivo හි අදහස වී ඇත්තේ ඉලක්කගත පාරිභෝගිකයින්ගේ පුද්ගලික අවශ්‍යතා සපුරාලන සන්නාමයක් ලෙසින් සිය සන්නාමය තවදුරටත් ස්ථාපිත කිරීමට දැන් කාලය එළඹ ඇති බවයි. වඩාත්ම වැදගත් කාරණය ලෙසින්, මෙම ස්මාර්ට් ජංගම දුරකතනයෙහි විශේෂාංග වැඩිදියුණු කිරීම පිළිබඳවද නිරතුරු අවධානය යොමු කෙරේ.

 “වෙළෙඳ පොළ තුළ අප දෙවැනියා ද, තුන්වැනියා ද එසේත් නැතිනම්, පළමුවැනියා ද යන්න ගැන අපට තැකීමක් නැහැ. අප සැළකිලිමත් වන්නේ පාර්ශවකරුවන් සිව්දෙනා වන ගනුදෙනුකරුවන්ගේ, අලෙවි නියෝජිතයින්ගේ කොටස් හිමියන්ගේ සහ සේවකයින්ගේ තෘප්තියයි. එය ඇරඹෙන්නේ පාරිභෝගිකයින්ගේ තෘප්තියෙන්. පාරිභෝගිකයාගේ තෘප්තිය අපගේ පූර්ව කොන්දේසියක්. අපගේ පාර්ශවකරුවන් හතර දෙනා නිවැරදි ව කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් අප ලබන ලාභය හෝ වෙළඳපොළ කොටස රඳා පවතිනවා. තරුණ පරපුරේ කේන්ද්‍රීය සන්නාමයක් ලෙසින් අපගේ මුල් පෙළ පාරිභෝගිකයින් වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ, වැඩි දියුණු කළ විශේෂාංගවලින් සමන්විත හොඳම ස්මාර්ට් ජංගම දුරකතනයක් සොයන තරුණ පිරිසයි. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සෙල්ෆි ලෝලීන් වන අතරම, දුරකතන භාවිතයේදී බොහෝ apps භාවිතා කරනවා.” යනුවෙන් ජියැන්ග් මහතා වැඩි දුරටත් පැවසීය.

2017 වසරේදී මෙම නවතම සන්නාමය ශ්‍රී ලංකාව තුළ දියත් කළ දින සිට, vivo Mobile Lanka විසින් මධ්‍යම හා ඉහළ මාදිලිවලින් ප්‍රමුඛ පෙළේ ස්මාර්ට් ජංගම දුරකතන මාදිලි මාලාවක් හඳුන්වා දී තිබේ. ඒවා අතර සුවිශේෂී උපාංග වන්නේ V17 Pro, S1 Pro වැනි පසුගිය වසර කිහිපය තුළ වෙළඳපොළට හඳුන්වා දුන් අති නවීන විශේෂාංගවලින් යුත් නව්‍යතම  නිෂ්පාදනයන් ය. වර්තමානයේදී, vivo ස්මාර්ට් ජංගම දුරකතන උපාංග මාදිලි පෙළ‍, වඩා සතුටුදායක ලෙසින් ධනාත්මක අලෙවි වර්ධනයක් පෙන්නුම් කරමින්, රටේ තරුණ පිරිස අතර ඉතාමත් ජනප්‍රියව තිබේ.

නිරන්තරයෙන් වර්ධනය වන වෙළෙඳ පොළ ඉල්ලුම සපුරාලීම සඳහා, දිවයින පුරා විසිරී සිටින ගනුදෙනුකරුවන් වැඩි පිරිසක් වෙත ළඟා වීමට vivo සිය ව්‍යාපාරය වෙන කවරදාටත් වඩා පුළුල් කර තිබේ. ඒ හේතුවෙන් vivo ස්මාර්ට් ජංගම දුරකතන නිෂ්පාදන දැන් බෙදාහරින්නන් සහ අලෙවි නියෝජිත ජාල මගින් දිවයින පුරා මිලදී ගැනීමට හැකියාව පවතී.  මෑතකදී, මෙම නවතම සන්නාමයේ සුවිශේෂී සේවා මධ්‍යස්ථානයක් ගාල්ලේදී විවෘත කෙරුණු  අතර එමගින් සුවිශේෂී  ප්‍රතිලාභ රැසක් සමගින් පාරිභෝගිකයින් හට vivo අලෙවියෙන් පසු විශිෂ්ට ‍සේවාවක් අත්විඳීමට අවස්ථාව සලසා තිබේ.  

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *