vivo V20, ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම EYE AUTOFOCUS සහ ULTRA-SLEEK AG GLASS DESIGN විශේෂාංග සමගින් ළගදීම වෙළඳපොලට

vivo V20  ස්මාර්ට් ජංගම දුරකථනය එදිනෙදා ජිවිතයේ ඡායාරුපකරණයට හුරුවී සිටින ඡායා රූප ලෝලීන් අමන්දානන්දයට පත් කරමින් ස්මාර්ට් ජංගම දුරකථන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම camera විශේෂාංග සහ top-notch ultra-sleek AG Glass technology සමගින් හඳුන්වා දීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ වඩාත්ම තාරුණ්‍ය කේන්ද්‍ර කර ගත් සන්නාමයෙහි ගෞරවයට මේ වනවිට vivo උරුමකම් කියමින් සිටී. එසේම රටපුරා සිටින සෙල්ෆි ලෝලීන් සහ ඡායාරූප ලෝලීන් විශාල වශයෙන් ආකර්ෂණය කර ගනිමින් vivo V20, නවෝත්පාදනය කරන ලද camera සහ ස්මාර්ට් ජංගම දුරකථන නිර්මාණාත්මක සැලසුම් කෙරෙහි නව මානයක් විදහා දැක්වීමට අපේක්ෂා කෙරේ.

නව්‍යතම camera විශේෂාංග වලින් සමන්විතව වෙළඳ පොළට පැමිණීමට නියමිත vivo V20 ස්මාර්ට් ජංගම දුරකථනය ඔබට Eye Autofocus  විශේෂාංගය හඳුන්වා දෙයි. මේ පිළිබඳව වැඩි දුර අවධානය යොමු කිරීමේදී V20 ස්මාර්ට් ජංගම දුරකථනය smart photography ක්ෂේත්‍රයේ නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරනු ඇති බවට විශ්වාසය තැබිය හැකිය.

Intelligent Eye Autofocus විශේෂාංගය මගින් ඔබේ ඇස් කොතැනට ගියත්, කුමන හැඟීමක් ප්‍රකාශ කළත් ඒවා නිරීක්ෂණය කළ හැකිය. වර්ණයන්ගෙන් සහ සුපැහැදිලි බවින් පොහොසත්ව වඩාත් දුරස්ථ ඡායාරූප හෝ වීඩියෝ ග්‍රහණය කර ගැනීමට මෙමගින් පරිශීලකයින්ට හැකි වේ. සාමාන්‍ය ස්මාර්ට් ජංගම දුරකථන වල fixed focus විශේෂාංගයක් ඇති නමුත්, vivo හි Intelligent Eye Autofocus විශේෂාංගය ඡායාරූපකරණයේ නව මානයක් විවර කරයි. ඒ අනුව දැන් බොඳ වූ සෙල්ෆි, ඡායා රූප සහ වීඩියෝ පසෙක තැබීමට කාලය පැමිණ ඇත. ප්‍රබල හා බුද්ධිමත් Eye Autofocus විශේෂාංගය හඳුන්වා දීමත් සමඟ V20 තරුණ නිර්මාණකරුවන් සහ වෘත්තිකයන් වෙනුවෙන් ඡායාරූපකරණය නැවත නිර්වචනය කරමින් ‘Be the Focus’ අවස්ථාවක් ලබා දී ඇත.

නිරතුරුව ගමනේ යෙදෙන තරුණ තරුණියන් සවිබල ගැන්වීම සඳහා ස්මාර්ට් ජංගම දුරකථන හඳුන්වා දීමේ පොරොන්දුව ඉටු කිරීමේ  ගෞරවනීය ඉතිහාසයක් vivo සතුව ඇත. vivo V20 ස්මාර්ට් ජංගම දුරකථනය සිහින් මෝස්තරයක් සහ විලාසිතාත්මක පෙනුමක් සහිත AG Glass තාක්‍ෂණයෙන් ද අලංකාරවත් කර ඇත.

AG Glass තාක්ෂණය V20 හී මුහුණත සිරීම් ප්‍රතිරෝධකයක් ලෙස ක්‍රියා කරන අතර මතු පිට ඔප දැමු ශක්තිමත් ස්මාර්ට් ජංගම දුරකතනයට උසස් ස්පර්ශක හැකියාවක් ලබා දේ. නවීනත්වය උසස් අන්දමින් දියුණු කරන Back Cover එක මගින් දුරකතනයේ අලංකාරවත් භාවය වඩාත් ඉහළ නංවයි.එසේම එය සුමට ග්‍රහණයක් සහතික කරන අතර ඇඟිලි සලකුණු මගින් අපිරිසිදු වීම වළක්වයි. එලෙසම ස්මාර්ට් ජංගම දුරකතනයේ අලංකාරය තව දුරටත් ඉහළ නංවන camera matrix ද  AG Matte Glass එක මගින් සපුරා දෙනු ලබයි. V20 හි සංවේදී Dual Tone Step camera සැලසුමක් ද ඇති අතර එය ස්මාර්ට් ජංගම දුරකතනයේ සියුම් මෝස්තරයට හා ආකර්ෂණීය පෙනුම තව තවත් ඉහළ නංවන වෙනම ලේයරයක් ලෙස අද්විතීය පෙනුමක් එක් කරයි. V20 ඉතාමත් බරින් අඩු සැහැල්ලු ස්මාර්ට් ජංගම දුරකතනයක් වනු ඇතියි අපේක්ෂා කෙරෙන අතර  AG Glass සියුම් ස්පර්ශක හැකියාව අතෙහි දුරකථනය රඳවා ගැනීමේ සුවපහසුව සමගින් තරුණ පරම්පරාව අතර සියුම් සුඛෝපභෝගී මෙවලමක් බවට පත්වනු ඇත. V20  සොබාදහමේ සුන්දරත්වයෙන් ජීවය ලද නවීන විලාසිතාවන්ගෙන් යුත් සිහින් මෝස්තරයකින් සහ වර්ණවලින් සමන්විතය. එය අදෘශ්‍යමාන ශක්තියකින් පිරී බවක් සහ හිරු බැස යාමේ මිහිරියාවත් වෙරළ තීරයන් සිහිපත් කරන Midnight Jazz සහ Sunset Melody වලින් එළිදැක්වෙනු ඇතැයි වාර්තා වේ.

ඒ අනුව මෙම V20 ස්මාර් ජංගම දුරකථනය නව්‍ය ප්‍රවණතා සියල්ලන්ගෙන්ම සහ විලාසිතාවන්ගේන් සම්පින්ඩිත ස්මාර්ට් ජංගම දුරකථනයක් ලෙස හැඳින්විය හැකිය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *