ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සහ ලයිෆ් විෂන් අතර නව රක්ෂණ සේවා සහයෝගීතාවක්

ඩේවිඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ලයිෆ් විෂන් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම නව උපායමාර්ගික හවුල්කාරිත්වයකට එළඹුණු බව පසුගියදා නිවේදනය කළේය. මෙම නව ගිවිසුම යටතේ ලයිෆ් විෂන් සමාගමේ සමස්ථ රක්ෂණ සේවා කළමනාකරණය කරනු ලබන නිළ රක්ෂණ සේවා සැපයුම්කරු ලෙස ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම කටයුතු කිරීමට නියමිතය.

මෙම හවුල්කාරිත්වයේ මූලික අරමුණ වන්නේ ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම සතු අවදානම් කළමනාකරණය පිළිබඳ පුළුල් අත්දැකීම් සහ ලයිෆ් විෂන් සමාගමේ වර්ධනය වෙමින් පවතින මූල්‍ය මෙහෙයුම් ජාලය එකිනෙක ඒකාබද්ධ කිරීමයි. එමඟින් ලයිෆ් විෂන් සමාගම සතු වත්කම් මෙන්ම ඔවුන්ගේ ගනුදෙනුකාර පදනම වඩාත් ක්‍රමවත් රක්ෂණ විසඳුම් ඔස්සේ ආරක්ෂා කිරීම තහවුරු කෙරේ.

වසර විස්සකට වැඩි අත්දැකීම් බහුල ඉතිහාසයක් ඇති ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් සමාගම, සාමාන්‍ය රක්ෂණ, ජීවිත රක්ෂණ සහ ප්‍රතිරක්ෂණ විසඳුම් රැසක් පිරිනමන ප්‍රමුඛ පෙළේ තැරැව්කාර සමාගමකි. විශ්වාසනීයත්වය සහ නවෝත්පාදනය මත පදනම් වූ කීර්තිනාමයක් හිමි කරගෙන සිටින එම සමාගම, පුද්ගලික සහ ආයතනික ගනුදෙනුකරුවන්ට විනිවිදභාවයකින් යුත් විශ්වසනීය අවදානම් හුවමාරු කිරීමේ විකල්ප ලබා දෙමින් රක්ෂණ වෙළඳපොළ තුළ සිය ප්‍රමුඛත්වය පවත්වාගෙන යයි.

ලයිෆ් විෂන් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගම යනු ශ්‍රී ලාංකිකයන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම සඳහා ප්‍රවේශ විය හැකි මූල්‍ය විසඳුම් ලබා දීමට කැපවී සිටින, ශීඝ්‍රයෙන් වර්ධනය වන ආයතනයකි. සදාචාරාත්මක ණය ලබාදීම සහ මූල්‍ය සාක්ෂරතාවය කෙරෙහි අවධානය යොමු කරන එම සමාගම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ සිට හදිසි මූල්‍ය අවශ්‍යතා සහිත පුද්ගලයන් දක්වා විවිධ පරාසයක පතිත වූ ගනුදෙනුකරුවන්ට සිය සේවාවන් සපයයි. “ව්‍යාපාරයක් පමණක් නොව, ජීවිතයක් ගොඩනැගීම” යන ඔවුන්ගේ දර්ශනය, ඇසට්ලයින් සමඟ ඇති කරගත් මෙම හවුල්කාරිත්වය හරහා තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම සහයෝගීතාවය පිළිබඳව අදහස් දක්වමින් ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් නිලධාරීන් ප්‍රකාශ කළේ, වෘත්තීයමය අවදානම් කළමනාකරණ සේවාවක් සැපයීම සඳහා තම සමාගම සතු කැපවීම මෙම එකගතාවයෙන් මනාව පිළිබිඹු වන බවයි. ලයිෆ් විෂන් සමාගමේ රක්ෂණාවරණ එකතුව කළමනාකරණය භාර ගැනීම හරහා රක්ෂණ ක්‍රියාවලීන් වඩාත් විධිමත් කිරීමටත්, තරගකාරී වාරික ලබා දීමටත් මෙන්ම ආයතනික සහ ණය ආශ්‍රිත අවදානම් අවම කිරීම සඳහා විශේෂඥ උපදේශන සේවා සැපයීමටත් ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් කටයුතු කරනු ඇත.

ක්ෂුද්‍ර මූල්‍ය ණය, රන් ණය සහ ව්‍යවසායකත්ව සහාය ඇතුළු ප්‍රජා මූලික මූල්‍ය සේවාවන් සඳහා ප්‍රසිද්ධියක් උසුලන ලයිෆ් විෂන් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් සමාගමට, ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් වැනි ඉහළ පෙළේ බ්‍රෝකර් සමාගමක වෘත්තීයමය අධීක්ෂණය සහ ආරක්ෂාව හිමිවීම තුළින් ඉදිරියේ දී විශාල ප්‍රතිලාභ රැසක් අත්වනු ඇත.

ඡායාරූප විස්තරය:

ඇසට්ලයින් ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (AIBL) සමාගමේ සභාපති ධනික ද සිල්වා මහතා සහ ලයිෆ් විෂන් ක්‍රෙඩිට් ඇන්ඩ් ඉන්වෙස්ට්මන්ට් (LVC) සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දමින්ද විජේසිංහ මහතා ගිවිසුම් හුවමාරු කරගත් අවස්ථාව.

ඡායාරූපයේ වමේ සිට දකුණට: ලසන්ත ප්‍රනාන්දු මහතා (රක්ෂණ උපදේශක – AIBL), චමින්ද ගමගේ මහතා (ප්‍රධාන කළමනාකරු – LVC), නුවනි ජයමහ මිය (අධ්‍යක්ෂ – LVC), නිහාල් හඳුන්ගේ මහතා (කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී/ප්‍රධාන නිලධාරී – AIBL), නාලක මඩුගල්ල මහතා (අධ්‍යක්ෂ සහ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී – ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි), මහේෂ් ද අල්විස් මහතා (විකුණුම් අධ්‍යක්ෂ – AIBL), වාසනා ධර්මසේන මිය (සමූහ සහ විශේෂ ව්‍යාපෘති ප්‍රධානී – AIBL), රවිහාරි ප්‍රනාන්දු මිය (ව්‍යාපාරික සහකාර – AIBL) සහ නාලක කුමාරසිංහ මහතා (සාමාන්‍යාධිකාරී – වාහන විකුණුම් – ඩේවිඩ් පීරිස් මෝටර් කොම්පැනි)

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *