රසවත් මෙන්ම 100%ක් ආහාරමය වටිනාකමක් සහිත  Uswatte Chirpy chips නැවතත් වෙළෙඳපලට හඳුන්වාදෙයි

උසස් තත්ත්වයේ ප්‍රණීත රසකැවිලි සහ කෙටි ආහාර පිළිබඳ වසර 68කට අධික අත්දැකීමක් සහිත  ශ්‍රී ලංකාවේ පැරණිතම රසකැවිලි නිෂ්පාදකයා වන Uswatte Confectionery Works Pvt Ltd විසින් බොහෝ දෙනා ආදරෙන් වැළදගත් සිය අර්තාපල් Chips සන්නාමය වන ‘Chirpy Chips’ නැවතත් වෙළෙඳපල වෙත හඳුන්වා දී තිබේ.පිරිසිදු අර්තාපල් යොදාගනිමින් නිෂ්පාදනය කර තිබෙන මෙම Chirpy Chips 100%ක ආහාරමය වටිනාකමක් ලබා දෙයි. 

Chirpy Chips නිෂ්පාදන ප්‍රථම වරට වෙළෙඳපල වෙත හඳුන්වා දෙන ලද්දේ 1994 වසරේදී ය. එහෙත් එවකට පැවති  රජයේ ඇතැම් ප්‍රතිපත්තිවලට අනුව උසස් තත්ත්වයේ අර්තාපල් ආනයනය සීමා වූ අතර එම හේතුවෙන් Chirpy Chips නිෂ්පාදනය කිරීම ද නවතා දැමුණි.

පාරිභෝගිකයන්ට දැරිය හැකි ඉතා පහසු මිල ගණන් යටතේ වෙළෙඳපලට හඳුන්වාදෙන මෙම Chirpy Chips කුසගින්න නිවන  තවත් එක් කෙටි ආහාරයක්  පමණක් නොව, එය පළමු කටගැස්මේ සිටම පාරිභෝගිකයන් ස්වාභාවික අමුද්‍රව්‍යවල රසයේ ගිල්වමින් අපූරු රසවත් අත්දැකීමක් තිළිණ කරන ස්නැක් විකල්පයකී. Cheese & Onion, Salted සහ Hot & Spicy යන රසයන් ත්‍රිත්වයකින් මෙම Chirpy Chips හඳුන්වා දී ඇති අතර ග්‍රෑම් 16 – රු. 70/=, ග්‍රෑම් 24- රු. 100/=, ග්‍රෑම් 50 – රු.200/= සහ ග්‍රෑම් 73-රු.300/= යන මිල ගණන් යටතේ මිලදී ගත හැකිය. එමෙන්ම මෙය දේශීය සිල්ලර වෙළෙඳසැල්වලින් මෙන්ම  ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළඳසැල්වලින් ද ලබා ගත හැකි එකම අර්තාපල් Chips සන්නාමය ද වේ.

Chirpy Chips සන්නාමයේ පුනරාගමනය පසුපස ඇති උපායමාර්ගික බලවේගය වන්නේ Uswatte Confectionery Works Pvt Ltd හි කළමනාකාර අධ්‍යක්ෂ ශනුර පෙරේරා මහතාය. කෙටි ආහාරවලට ඇලූම් කරන පාරිභෝගිකයන්ගේ හදවත දිනා ගනිමින් දේශීය කෙටි ආහාර වෙළෙඳපල තුළ විප්ලවීය වෙනසක් සිදුකරමින් Chirpy Chips මෙරට අංක එකේ කෙටි ආහාර තේරීම බවට පත් කිරීම ඔහුගේ දැක්ම වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Uswatte Confectionery Works Pvt Ltd හි සභාපති ක්වින්ටස් පෙරේරා මහතා මෙසේ සඳහන් කළේය. “ ලොව පුරා තිබෙන සියලුම කෙටි ආහාර වර්ග අතර රජ වන ආහාරයක් ලෙස අර්තාපල් Chips හඳුන්වාදිය හැකි අතර මෙම ආදරණීය සන්නාමය සමඟ අර්තාපල්  Chips මෙරට වෙළෙඳපල වෙත රැගෙන ඒමට හැකිවීම ගැන අපි බෙහෙවින්  සතුටු වෙනවා.   Chirpy Chip සන්නාමය නැවතත් අපේ රටේ වෙළෙඳපලට හඳුන්වාදීම ඔස්සේ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සැකසූ උසස් අර්තාපල් Chips සන්නාමයක් නිර්මාණය කිරීමට අපට අවස්ථාවක් ලැබෙනවා.”

රසය සහ පාරිභෝගික තෘප්තිය පිළිබඳ ඉහළම ගෝලීය ප්‍රමිතීන්ට අනුව ගුණාත්මක තත්ත්වයේ කෙටි ආහාර නිෂ්පාදනය කිරීම සඳහා Uswatte විසින් දක්වන කැපවීම ඔස්සේ Chirpy Chips සවිබල ගැන්වේ.නැවතත් දේශීය වෙළෙඳපල වෙත Chirpy Chips සන්නාමය හඳුන්වාදීමත් සමඟ සම්ප්‍රදායික සහ උසස් තත්ත්වය යන ප්‍රමිතීන් ද්විත්වයම මැනවින් මුසුවූ නිෂ්පාදනයක් පාරිභෝගිකයා වෙත පිරිනමන අතර එය නැවත වරක් ශ්‍රී ලංකාවේ කෙටි ආහාර ක්ෂේත්‍රයේ  නව සන්ධිස්ථානයක් සනිටුහන්  කරයි.Chirpy Chips, ගමනකදී ඉක්මන් කෙටි ආහාරයක් ලෙස වගේම විවේකී මොහොතක ලබාගත හැකි කුඩා ප්‍රණීත ආහාරයක් ලෙස වුවද රසවිඳිය හැකි අතර එය නිසැකවම සෑම කෙනෙකුටම රසවත් අත්දැකීමක් තිළිණ කරන හොඳම තේරීමක් වේ. Chirpy Chips නුදුරැ අනාගතයේ සැම නිවසකම දිව අග රැදි නාමයක් වනු ඇත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *