
ශ්‍රී ලංකාවේ අංක එකේ ටයිල් සහ බාත්වෙයා උපාංග නිපැයුම්කරු වන රොසෙල්, සිය Installer’s Club හි විශිෂ්ට සාමාජිකයින් ඇගයීම සඳහා සුවිශේෂි උත්සවයක් කොළඹ Courtyard by Marriott හෝටලයේදී සංවිධානය කර තිබුණි. දිවයින පුරා සිටින දක්ෂ ටයිල් ඇතුරුම් ශිල්පීන් 100 කට අධික පිරිසක් මෙම උත්සවයට එක් වූ අතර, රොසෙල්හි අඛණ්ඩ සාර්ථකත්වයට සහ විශිෂ්ට නිර්මාණකරණයට ඔවුන් දක්වන දායකත්වය මෙහිදී ඇගයීමට ලක් විය.
මෙම උත්සවයේදී රුපියල් 4,000,000 කට අධික වටිනාකමකින් යුත් ත්‍යාග පිරිනැමුණු අතර, ඉහළම දායකත්වය ලබාදුන් සාමාජිකයාට රුපියල් 1,000,000ක් වටිනා ත්‍යාග කට්ටලයක් හිමි විය. මෙම ත්‍යාග අතර විදුලි ටයිල් කටර්, දියුණු ලේසර් උපකරණ සහ ග්‍රයින්ඩින් උපකරණ වැනි නවීන ටයිල් මෙවලම් ඇතුළත් විය. මෙවැනි ත්‍යාග තෝරාගනු ලැබුවේ කර්මාන්තයේ ප්රමිතීන් ඉහළ නැංවීමේ සහ ටයිල් ඇතුරුම් ශිල්පීන්ගේ කාර්යයන් තවදුරටත් නගාසිටුවීමේ අරමුණින් මෙන්ම ජාත්‍යන්තර තාක්ෂණය මෙරට ටයිල් අතුරන්නන් හට ලබාදීමේ අරමුණිනි.
මෙම උත්සවය පිළිබඳව අදහස් දක්වමින්, රොසෙල් හි අලෙවිකරණ සහ ව්‍යාපාර සංවර්ධන අධ්යක්ෂ තරණ තෝරදෙණිය මෙසේ පැවසීය. ” Installer’s Club යනු අපගේ විශිෂ්ට නිර්මාණ ජීවමාන කිරීමට දායක වන දක්ෂ ශිල්පීන් හඳුනා ගැනීමට සහ ඔවුන් සවිබල ගැන්වීමට අපි කරන වැඩසටහනකි. හුදෙක් සබැඳියාව තුළින් පමණක් නොව, ඉන් ඔබ්බට ගොස් දැනුම සහ ගෝලීය ප්රවණතා එකිනෙකා අතර බෙදාහදා ගනිමින් අන්‍යෝන්‍ය සුහදත්වය වර්ධනය වන සහයෝගිතාවයන්, තිරසාර දියුණුවකට මඟ කියන බව අපි සෑම විටම විශ්වාස කරනවා. අපගේ ටයිල් ඇතුරුම් ශිල්පීන් වෙනුවෙන් ආයෝජනය කිරීමෙන්, මෙරට ටයිල් කර්මාන්තයේ ප්රගමනයක් අපි අපේක්ෂා කරන්නෙමු. මන්ද අපගේ හවුල්කරුවන්ගේ දියුණුව අප සියලු දෙනාගේද දියුණුවයි. එකට එක්ව, ශ්‍රී ලංකාවේ නිර්මාණකරණයේ සහ ශිල්පීය හැකියාවන්ගේ අනාගතය අපි හැඩ ගස්වමු.”
මීට අමතරව, සිංගර් ෆිනෑන්ස් සමඟ එක්ව නව මූල්‍ය පහසුකමක් ද මෙම උත්සවයේදී හඳුන්වා දෙන ලදී. මෙම වැඩසටහන යටතේ, ටයිල් ඇතුරුම් ශිල්පීන්ට “බොෂ්” (Bosch) සන්නාමයේ ටයිල් උපකරණ ඉතා අඩු පොලී අනුපාතයකට මිලදී ගත හැකි අතර, රොසෙල් විසින් සම්පූර්ණ පිරිවැයෙන් රුපියල් 50,000ක් ආවරණය කරනු ඇත. මෙය ඉතා පහසුවෙන් මෙවලම් මිලදී ගැනීමට වෘත්තිකයින්ට අවස්ථාව සලසා දෙයි.
මෙම උත්සවය තුළින් එකමුතුකම, දැනුම බෙදාගැනීම සහ අන්‍යෝන්‍ය ගෞරවය වර්ධනය වූ අතර ශ්‍රී ලංකාව ගොඩනඟන සෑම දෑතක්ම පාහේ ඇගයීමට ලක් විය.
අවසානයි