ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම  2025 දන්ත වෛද්‍ය සම්මේලනයේ ප්‍රධාන අනුග්‍රාහකත්වය දරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ශාකසාර සෞඛ්‍ය සේවා සහ පුද්ගලික සත්කාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙකු වන ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම,  ජාතියේ මුඛ සෞඛ්‍යය සංවර්ධනය සඳහා තම අඛණ්ඩ කැපවීම පෙන්නුම් කරමින් රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (GDSA)  2025 දන්ත වෛද්‍ය සම්මේලනය සඳහා අනුග්‍රාහකත්වය අලුත් කර තිබේ.

කොළඹ සිනමන් ලයිෆ් හෝටල් පරිශ්‍රයේ දී පැවති 2025 දන්ත වෛද්‍ය සම්මේලනය සඳහා අඛණ්ඩව දෙවන වරටත් ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම සාඩම්බර  අනුග්‍රාහකත්වය දැක්වීය. මෙම අවස්ථාවට දන්ත වෛද්‍ය සහ වෛද්‍ය වෘත්තිකයන් මෙන්ම කර්මාන්ත විශේෂඥයින් ද සහභාගී විය. අධ්‍යාපනික දැනුම හුවමාරු කර ගැනීම, නවෝත්පාදනය සහ සහයෝගීතාවයේ දිනයක් ලෙස මෙම අවස්ථාව පැවැත්විණි.

මෙම සම්මේලනයට ප්‍රවාහන හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ගරු වෛද්‍ය ප්‍රසන්න ගුණසේන, ජාතික මධ්‍යසාර හා දුම්කොළ අධිකාරියේ සභාපති වෛද්‍ය ආනන්ද රත්නායක, දන්ත සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය චන්දන ගජනායක සහ හිටපු සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය. මෙම අවස්ථාවට ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස්  සමාගම නියෝජනය කරමින් ප්‍රධාන මූල්‍ය නිලධාරී සමිරු මුතුගම, අලෙවිකරණ අංශ ප්‍රධානී රාජ් කුමාර් සහ ආයතනික ව්‍යාපෘති ප්‍රධානී සමගි රාජපක්ෂ යන මහත්වරු සහභාගී විය.

2025 දන්ත වෛද්‍ය සම්මේලනය සහ ජාත්‍යන්තර දන්ත වෙළඳ ප්‍රදර්ශනයේ වෙළඳ කුටි 40 කට අධික සංඛ්‍යාවක් තිබූ අතර, විශේෂඥයින් විසින් මෙහෙයවන ලද වැඩමුළු සහ තේමාත්මක සම්මන්ත්‍රණයන්ගෙන් ද සමන්විත විය. එමඟින් දැනුම බෙදා ගැනීම සහ වෘත්තීය  වර්ධනයට වටිනා වේදිකාවක් සපයන ලදී. ශ්‍රී ලංකාවේ මුඛ සෞඛ්‍යය සේවාව වැඩිදියුණු කිරීමේ උත්සාහයන් ශක්තිමත් කිරීම උදෙසා දන්ත සත්කාර, මහජන සෞඛ්‍ය සහ යහපැවැත්ම පිළිබඳ නවතම තොරතුරු  සහභාගී වූවන් විසින් ගවේෂණය කරන ලදී.

ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් හි අලෙවි ප්‍රධානී රාජ් කුමාර් මහතා මේ පිළිබඳව අදහස් දක්වමින්, “රජයේ දන්ත ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ (GDSA)  සහ එහි අධ්‍යයන අංශය වන Dentistree වෙත නැවත වරක් සහයෝගය දැක්වීමට ලැබීම අපට සතුටක්. ලාංකිකයන්ගේ මුඛ සෞඛ්‍ය ප්‍රවර්ධනය සඳහා කටයුතු කරන සංවිධානයක් ලෙස GDSA විසින් සිදු කරනු ලබන මෙහෙවර වෙනුවෙන් ඒ සඳහාම කැප වූ තවත් වගකිවයුතු ආයතනයක් ලෙස අපත් ඔවුන් සමග අත්වැල් බැඳ ගත්තා.දන්ත සෞඛ්‍යය සම්බන්ධව පමණක් නොව රට පුරා සමස්ථ යහපැවැත්ම ප්‍රවර්ධනය කිරීම උදෙසා ලින්ක් සුදන්තහි නොසැලෙන කැපවීම මෙම සහයෝගීතාව මඟින් පිළිබිඹු කරනවා.” යනුවෙන් සඳහන් කළේය.

දශක හතරකට වැඩි ඉතිහාසයක් සමඟින් ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම පර්යේෂණ මත පදනම් වූ ආයුර්වේද නිෂ්පාදන පෙළ තුළින් පරම්පරා ගණනාවක විශ්වාසය දිනා ගෙන ඇත. ගුණාත්මකභාවය සහ නවෝත්පාදනය සඳහා වූ කැපවීම මත පදනම්ව දේශීයව නිෂ්පාදනය කරන ලද සමාගමේ සන්නාම වන Link Samahan, Sudantha, Swastha Amurtha, Kesha සහ SP Balm ප්‍රසිද්ධත්වය උසුලයි.

ලින්ක් නැචුරල් ප්‍රොඩක්ට්ස් (පුද්) සමාගම විසින් දන්ත වෛද්‍ය සම්මේලනයට සහාය දීම ඔස්සේ  මහජන සෞඛ්‍යය සඳහා ඇති සන්නාමයේ කැපවීම නැවත තහවුරු කරයි.  දන්ත හා වෛද්‍ය වෘත්තිකයන් සමඟ සබඳතා ශක්තිමත් කිරීම සහ ශ්‍රී ලංකාව පුරා දැරිය හැකි, ගුණාත්මක මුඛ සත්කාර ප්‍රවර්ධනය කිරීම සඳහා  මෙම සහයෝගීතාව, සබඳතාවන් ශක්තිමත් කරයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *