ලොව පුරා බජාජ් පල්සර් මිලියන 20ක් ඉක්මවයි

ලොවපුරා මෝටර් සයිකල් මිලියන 20කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කරමින් පල්සර් සුවිශේෂී ගෝලීය  සන්ධිස්ථානයකට පැමිණ තිබෙනවා. මෙම ජයග්‍රහණය පල්සර් කෙරෙහි ගොඩනැගී ඇති පාරිභෝගික  විශ්වසනීයත්වය මෙන්ම ජනප්‍රියත්වය පිළිබඳ කදිම නිදසුනක්.

ශ්‍රී ලංකාවේ අංක එකේ Sports මෝටර් සයිකල් සන්නාමය ලෙස පල්සර් තරුණයින්ගේ පළමු තේරීම  වන අතර මේ වන විට පල්සර් Sport මෝටර් සයිකල් ලක්ෂ 05කට වැඩි සංඛ්‍යාවක් අලෙවි වී තිබෙනවා. ලොව පුරා පල්සර් මිලියන 20ක් අලෙවිය එකවර සිදු වුණු දෙයක් නෙවෙයි. එය පියවරෙන් පියවර පැමිණි අසීරු ගමන් මගක්. මෙහි පළමු මිලියන 10 වෙත ළඟාවීමට වසර 17ක් පමණ ගත වූවද වසර හයක් තුළදී එම අගය දෙගුණ කරගැනීමට හැකියාව උදාවුණා. මෝටර් සයිකල් ලෝලීන් අතර පල්සර් සන්නාමය පිළිබඳ ඇති අවබෝධය සහ කැමැත්ත මෙන්ම  කාලයත් සමඟ ක්‍රම ක්‍රමයෙන් පල්සර් සන්නාමයද පරිණාමය වී ඇති ආකාරය මෙම වේගවත් වර්ධනය තුළින් මැනවින් ප්‍රදර්ශනය වෙනවා.

පල්සර් සතු බලය, තාක්ෂණය හා නව්‍යත්වය එහි ජනප්‍රියත්වය කෙරෙහි බෙහෙවින් ඉවහල් වී තිබෙන අතර එහි ක්‍රියාකාරීත්වයේ ඇති බලය සහ එහි නව්‍ය උපාංග  මෝටර් සයිකල් ලෝලීන්ගේ ඉහළ විශ්වාසයක් දිනා ගැනීමට සමත් වී තිබෙනවා. මෝටර් සයිකල් කර්මාන්තය වෙත උසස් තත්ත්වයේ තාක්ෂණය රැගෙන ඒමට පල්සර් නිරන්තරයෙන් කැපවී සිටිනවා.

සීමා මායිම් අතික්‍රමණය කරමින් ඇමෙරිකාව, අග්නිදිග ආසියාව මෙන්ම මැදපෙරදිග ඇතුළු රටවල් 50කට අධික සංඛ්‍යාවක පල්සර් සන්නාමය පිළිබඳ විශ්වසනීයත්වය වර්ධනය කිරීමට ඔවුන්ට හැකියාව ලැබී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ පල්සර් සන්නාම යටතේ Pulsar N125, Pulsar N160 හා Pulsar NS200 ආදී නිෂ්පාදන පෙළක් හඳුන්වාදී මෙන්ම බොහෝ දෙනා මග බලා සිටි Pulsar NS400 මෝටර් සයිකලයද පසුගියදා වෙළෙද පොළට මුදා හැරියා. ශ්‍රී ලංකාවේ බජාජ් පල්සර් මෝටර් සයිකල් සඳහා නිල බෙදාහැරීම හා එකලස් කිරීමේ සිදු කරන්නේ ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි විසින්.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *