ශ්‍රී ලංකාවේ පළමු දෙමාපිය AI සහකරු Parental Intelligence (PI)

ශ්‍රී ලංකාවේ පළමු සංස්කෘතිකමය කෘත්‍රිම බුද්ධි දෙමාපිය සහකරු වන Parental Intelligence (PI) පසුගියදා Bitrock විසින් හඳුන්වා දෙන ලදී. මෙම කෘත්‍රිම බුද්ධිය පවුල් ජීවිතයේ දෛනික අභියෝග හසුරුවා ගැනීමේ දී දෙමාපියන්ට සහ රැකබලා ගන්නන්ට සුවිශේෂී සහයෝගයක් ලබාදීම වෙනුවෙන් නිර්මාණය කර ඇත.

ශ්‍රී ලාංකික දෙමාපියන් සඳහාම දේශීයව නිර්මාණය කර ඇති Parental Intelligence මඟින් දරුවන් රැක බලා ගන්නා ආකාරය පිළිබඳව ආරක්ෂිත මෙන්ම ප්‍රයෝජනවත් මඟපෙන්වීමක්  පිරිනමයි.

Parental Intelligence (PI) වෙත www.chatpi.lk හරහා ක්ෂණිකව ප්‍රවේශ විය හැකි අතර මේ තුළින් එක් එක් වයස් කාණ්ඩ සඳහා විශේෂිත මඟපෙන්වීම සහ ද්විභාෂා සහාය (සිංහල සහ ඉංග්‍රීසි) ලබා දෙයි. එමෙන්ම එහි සංවාද පටිගතවීමක් නොවන බැවින් දෙමාපියන්ට ඔවුන්ගේ ගැටළු ප්‍රකාශ කිරීමට විශ්වාසයක් ඇති කරයි. එමඟින් දෙමාපියන්ට වඩාත් සියුම් ගැටළු පවා සාකච්ඡා කිරීමට අවස්ථාව හිමිවෙයි.

Parental Intelligence (PI) හි නිර්මාණ ක්‍රියාවලිය තුළදී, සංවේදනය සහ නවෝත්පාදනය ඇතුළත් කරමින් එය නිර්මාණය කිරීමට එම කණ්ඩායම සමත් වී ඇත. ඔවුන්ගේ දැක්ම සම්බන්ධයෙන් ඔවුහු මෙසේ අදහස් ප්‍රකාශ කළහ.  “දෙමාපියන් වීම සුන්දර අත්දැකීමක්, නමුත් ඇතැම් විටෙක එමඟින් අපහසුතාවයක් සහ හුදකලා බවක් ඇතිවිය හැකියි. එබැවින් අපි PI ගොඩනඟා ගත්තේ මෙවලමක් ලෙස පමණක් නොව, සෑම දෙමව්පියෙකුටම, දිවා රෑ තොරතුරු හුවමාරු කරගත හැකි විශ්වාසදායක සහකරුවෙකු ලෙසයි. එය සැබවින්ම නිර්මාණය කර ඇත්තේ අප සියලු දෙනා තුළ සිටින දෙමාපියන් වෙනුවෙන්.”

තාක්ෂණික විසඳුමකින් ඔබ්බට ගිය විශ්වාසනීය මිතුරෙකු සේ ක්‍රියා කරමින් මිත්‍රශීලි සංවාද ඔස්සේ ආහාර ලබාදීමේ සිට නින්දේ ගැටළු දක්වා මෙන්ම පාසල් කාලසටහන් කළමනාකරණය කිරීමේ සිට නව යොවුන් වියේ දරුවන්ට ඇතිවන ආතතිය කළමනාකරණය දක්වා වූ සෑම ගැටළුවක් සඳහාම ප්‍රායෝගික විසඳුම් රැසක් PI මඟින් සපයයි.

දෙමව්පියන්ගේ දෛනික කටයුතු පිළිබඳව අවබෝධයක් සහිතව ශ්‍රී ලාංකික පවුල්වලට ගැලපෙන සේ නිර්මාණය කර ඇති PI පහසුවෙන් ප්‍රවේශ වීමේ හැකියාව සමඟ  පාසල් දරුවන්ගේ චර්යාවන් සඳහා සකස් කර ඇත.

අලුත උපන් බිළිඳුන්ගේ සිට නව යොවුන් වියේ සිටින දරුවන් දක්වා සියලුම වයස් කාණ්ඩවලට විශේෂිත සහ වටිනා උපදෙස් රැසකින් සමන්විත PI හරහා පැය 24 පුරාම අවශ්‍ය සේවාවන් ලබා ගත හැකිය.

PI යනු විශේෂයෙන් ශ්‍රී ලංකාව සඳහා එළි දක්වන ලද පළමු දෙමාපිය කෘත්‍රිම බුද්ධි මෘදුකාංගය බැවින් එය මෙරට තුළ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. පවුල්වලට උපකාර කිරීමට අමතරව, සංස්කෘතික වශයෙන් සංවේදී නිර්මාණයක් වන PI, තාක්ෂණික නවෝත්පාදනයන්, සංවේදනය සහ ප්‍රජා වටිනාකම් සමඟ ඒකාබද්ධ කිරීමට කැපවීම ද විශේෂත්වයකි.

දෙමාපිය ගමන තුළ ඔබ තවදුරටත් හුදෙකලා නැත. PI ඔබ සියලු දෙනා වෙනුවෙන් බෙහෙවින් උපකාරී සැනසිලිදායක අත්දැකීමක් වනු ඇත. එම අත්දැකීම අත්විඳීම සඳහා Bitrock ඔබ සැමට ඇරයුම් කරන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු www.chatpi.lk වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැකිය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *