ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන අලෙවියෙන් පසු සේවා ප්‍රමිතීන් ඉහළ නංවමින්  Evolution Auto වෙතින් නව Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් මෙන්ම පසු අලෙවි සේවා කණ්ඩායම වෙත ජාත්‍යන්තර පුහුණු රැසක්

ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන (EV) ක්ෂේත්‍රයේ ප්‍රමුඛයෙක් වන Evolution Auto සමාගම සිය ගමන්මගෙහි  සුවිශේෂී සන්ධිස්ථානයන් දෙකක් පිළිබඳව සාඩම්බරයෙන් නිවේදනය කරයි. විද්‍යුත් වාහන අලෙවි කිරීමෙන් පසු තම පාරිභෝගිකයන් වෙත විශිෂ්ට සේවාවන් සැපයීම සඳහා Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීම හා ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික දැනුම හා සේවාවන් දේශීය පාරිභෝගිකයා වෙත ලබා දීම සඳහා  Evolution Auto හි පසු අලෙවි සේවා කණ්ඩායම වෙත ජාත්‍යන්තර පුහුණුවක් ලබා දීම මෙම සන්ධිස්ථානයන් අතර වේ. මින් ජාත්‍යන්තර වෙළඳපොළේ විද්‍යුත් වාහන අලෙවි කිරීමෙන් පසු ලබා දෙන සේවාවන්ගේ පවතින ඉහළ ගුණාත්මක ප්‍රමිතීන් එලෙසින්ම ලාංකික විද්‍යුත් වාහන හිමිකරුවන්ට ලැබෙන බවට Evolution Auto සහතික කරයි.

ශ්‍රී ලාංකිකයන්ගේ මහත් ආකර්ෂණයක් විද්‍යුත් වාහන විසින් දිනා ගනිමින් තිබෙන කාලයක, විද්‍යුත් වාහන හිමිකරුවන් ලැබිය යුතු විශේෂඥ උපදෙස් හා සේවාවන් විශිෂ්ට ලෙස සැපයීම වෙනුවෙන් Evolution Auto පියවර ගනිමින් සිටියි. මේ සඳහා සමාගමේ අලෙවියෙන් පසු සේවා සැපයීම් කණ්ඩායමේ තාක්ෂණික කුසලතා, දැනුම වැඩි දියුණු කිරීම මෙන්ම මෙම සේවා සැපයීම වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් දියුණු කිරීම වෙනුවෙන් සමාගම විශාල ලෙස ආයෝජනය කරයි. මෙය ක්‍රියාවට නංවමින් 2025 වසරේ දී Evolution Auto හි තාක්ෂණික කණ්ඩායම ජාත්‍යන්තර මට්ටමේ ප්‍රබල විද්‍යුත් වාහන සන්නාමයන් විසින් පවත්වන ලද පුහුණු සැසි 03කට සහභාගී විය. Riddara සන්නාමය වෙනුවෙන් Geely Holding Group මෙන්ම, Volkswagen සහ Foxconn යන සන්නාමවල සහයෝගී සන්නාමයක් වන Xpeng සඳහා චීනයේ දී ද, Avatr සන්නාමය සඳහා CHANGAN විසින් තායිලන්තයේ දී වශයෙන් මෙම තාක්ෂණික සේවා පුහුණුව සම්පාදනය කර තිබේ. විද්‍යුත් වාහන අලෙවියෙන් පසු විවිධ සේවාවන් සැපයීම සඳහා උසස් තාක්ෂණික ශිල්ප ක්‍රම, විද්‍යුත් වාහනවල ආරක්ෂණ ප්‍රමිතීන්, බැටරි පද්ධති, drivetrain පද්ධති, ගැටලු හඳුනා ගැනීමේ මෙවලම් යනාදී සියල්ලම පිළිබඳව මෙහි දී පුහුණුව ලබා දී තිබේ. මේ අනුව ශ්‍රී ලාංකික විද්‍යුත් වාහන හිමිකරුවන්ට වඩාත් ක්‍රමවත් අලෙවියෙන් පසු සේවාවන් ඉහළ ප්‍රමිතීන්ගෙන් භුක්ති විඳිය හැකි බව Evolution Auto සහතික කරයි.

මේ සඳහා සහභාගී වූ, Evolution Autoහි අලෙවියෙන් පසු සේවා ප්‍රධානී නුරාන් සිල්වා, “ගමනාගමනයේ දියුණු භාවිතයන් ශ්‍රී ලංකාවට හඳුන්වා දෙමින්, ඒ සඳහා අවශ්‍ය විශේෂඥ දැනුම, කුසලතා හා යටිතල පහසුකම් අප සතු බව සහතික කිරීම අපගේ  අරමුණයි. මෙම පුහුණු වැඩසටහන්වලට ස්තූතිවන්ත වන්නට අපගේ අලෙවියෙන් පසු සේවා සැපයුම් කණ්ඩායම සතුව ලෝකයේ වඩාත්ම දියුණු විද්‍යුත් වාහන සමඟින් ලබා ගත් ප්‍රායෝගික අත්දැකීම් සතුයි. Evolution Autoහි නව Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානය දියත් කිරීමෙන් පසුව ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන සේවා ක්ෂේත්‍රය තුළ, ආරක්ෂාව සහ විශ්වසනීයත්වය සඳහා ප්‍රමිතීන් Evolution Auto විසින් සකසනවා.” යනුවෙන් අදහස් දැක්වීය.

කොළඹ-නුවර ප්‍රධාන මාර්ගයට මුහුණලා Evolution Auto හි නවතම Multi-Brand EV Workshop සේවා මධ්‍යස්ථානයේ ඉදිකිරීම් කටයුතු සිදු වෙමින් පවතියි.  විද්‍යුත් පද්ධති දෝෂ නිරාකරණය, වාහන බඳ අලුත්වැඩියා කිරීම්, ධාවන පද්ධති අලුත්වැඩියාවන් සහ පුළුල් පරාසයක අලෙවියෙන් පසු සේවාවන් සපයනු ඇත. Evolution Auto හි AVATR, Xpeng, IM Motors, සහ RIDDARA ඇතුළු සියලුම විද්‍යුත් වාහන සන්නාම සඳහා මෙමගින් සේවා සපයයි.  තාක්ෂණික සහයට අමතරව, ශ්‍රී ලංකාවේ දියුණු වෙමින් පවතින විද්‍යුත් වාහන කර්මාන්තයේ අවශ්‍යතාවලට සරිලන පුහුණු ශ්‍රම බලකායක් සංවර්ධනය කරමින් රැකියා අවස්ථා නිර්මාණය කිරීමට  Multi-Brand EV Workshop සේවා පහසුකම මගින් සහාය වනු ඇතැයි අපේක්ෂා කරයි.

මෙම යටිතල පහසුකම් සහ තාක්ෂණික පුහුණුව පුළුල් කිරීම මගින් Evolution Auto හි දිගුකාලීන සේවා සහතිකය, පාරිභෝගික විශ්වාසය සහ තාක්ෂණික විශිෂ්ටත්වය සඳහා වූ නොසැලෙන කැපවීම පෙන්නුම් කරයි. 2025 දී ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වැඩසටහන් තුනක් යටතේ පුහුණුව ලත් කාර්ය මණ්ඩලයක් සිටින එකම දේශීය විද්‍යුත් වාහන සමාගම වන Evolution Auto, ශ්‍රී ලංකාව විද්‍යුත් සංචලනය වෙත හුවමාරුවීම සඳහා නව කර්මාන්ත ප්‍රමිතියක් සකසයි.

වැඩි විස්තර සඳහා, www.evolutionauto.lk වෙත පිවිසෙන්න.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *