ශ්‍රී ලාංකේය දකුණු පළාත් ගමනාන්ත කතන්දර කීමේ නව පරිච්ඡේදයක් ලෙස “Ruhunu Ring” ඉදිරිපත් කෙරේ

ගමනාන්ත කතන්දර කීම සහ සංචාරක අලෙවිකරණය ශක්තිමත් කිරීම සඳහා Shangri-La විසින් ගනු ලැබූ දූරදර්ශී පියවරක් ලෙස “Ruhunu Ring” සංකල්පය ආරම්භ වී ඇත. මේ හරහා ශ්‍රී ලංකාවේ දකුණු පළාත නිල වශයෙන් ප්‍රමුඛ සංචාරක ගමනාන්තයක් ලෙස කේන්ද්‍රගත වී තිබේ. මෙම දියත් කිරීම ශ්‍රී ලංකා සංචාරක ප්‍රදර්ශනය – 2025 අවසන් උත්සවයේ දී සහ ජාත්‍යන්තර සංචාරක නායකයින්ගේ සමුළුව – 2025 හිදී ශ්‍රී ලංකාවේ ජනාධිපති අනුර කුමාර මහතාගේ සහභාගීත්වයෙන් සිදු විය.

1978 සංස්කෘතික ත්‍රිකෝණයෙන් පසු ශ්‍රී ලංකාවේ පළමු ප්‍රධාන සංචාරක ගමනාන්ත පරිපථය වූයේ මෙම රුහුණු වළල්ලයි. එය බටහිර වෙරළ තීරයේ බෙන්තොට සිට නැගෙනහිර වෙරළ තීරයේ ආරුගම්බ බොක්ක දක්වා විහිදී පවතින අතර නැවත රට අභ්‍යන්තරයට ඇදී එයි. මෙම ගමන්මාර්ගයේ දී දිවයිනේ වඩාත්ම ආකර්ෂණීය නමුත් ගවේෂණය නොකළ ගමනාන්ත කිහිපයක් එකට හමුවීම සුවිශේෂීත්වයකි. රන්වන් වෙරළ තීරයන්, වනජීවී අභයභූමි, වන ආරාම, කුරුඳු උද්‍යාන සහ සර්ෆ් නගර මෙම පරිපථය තුළ දී එකිනෙක හමුවෙයි. ඒ අනුව මෙම “Ruhunu Ring” සංචාරක කර්මාන්තයේ දී භාවිත  කෙරෙන ආකර්ෂණීය තේමාවන් පහක් වන වනජීවී, සූපශාස්ත්‍ර, වික්‍රමාන්විත සහ ක්‍රීඩා, සුවතාවය, සංස්කෘතිය යනාදිය ඒකාබද්ධ කරනු ලබයි.

සංචාරක කර්මාන්තයේ ආකර්ෂණීය තේමාවන් 05

  • වනජීවී වළල්ල – ආශ්චර්යය 12

ශ්‍රී ලංකාවේ දකුණු දිග ප්‍රදේශය ලෝකයේ වඩාත්ම අසාමාන්‍ය ජෛව විවිධත්වයට නිවහන වෙයි. ලොව ඉහළම දිවියන් ඝනත්වය යාල රක්ෂිතය තුළ ද, මිරිස්සට ඔබ්බෙන් පිහිටි තේජාන්විත නිල් තල්මසුන් ද, උඩවලවේ ආසියානු අලි හා දුර්ලභ අලස වලසා ද, කුමන හි ආවේණික පක්ෂි විශේෂ සහ සජීවී සාගර ජීවීන් ඇතුළුව ඉතා විශේෂ සත්ත්ව විවිධත්වයක් මෙහිදී අත්දැකිය හැකිවේ. ලෝකයේ වෙනත් කිසිම තැනක සංචාරකයින්ට පැය කිහිපයක ගමන් මාර්ගයක් තුළින් මෙවන් විවිධත්වයක් අත්දැකිය නොහැකි වීම මෙහි ඇති සුවිශේෂීත්වයකි. එසේම සංචාරකයින් වෙත පහසුවකි.

සූපශාස්ත්‍ර වළල්ල – කුරුඳු සහ මුහුද

දකුණු ශ්‍රී ලංකාවේ සූපශාස්ත්‍ර කතාව කුළුබඩු, උරුමය සහ වෙරළබඩ හා වූ සබැඳියාවකි. ගිනිමය මාළු ව්‍යංජන සහ තැඹිලි වතු, කුරුඳු වතු, රා රස බැලීම්, තංගල්ල වෙරළේ සාදන ග්‍රිල් ආහාර, ගාලු කොටුවේ විවිධ බ්‍රන්ච් වර්ග සහ ඇල්ලෙහි මන්දගාමීව පෙරන කෝපි රස දක්වා – මෙම කලාපය ලාංකේය අව්‍යාජ ආහාර රසයන්ගෙන් යුත් එකකි. ආහාර පමණක්ම නොව, ඒ පිටුපස ඇති සම්ප්‍රදායන් සහ මිනිසුන් ද මෙහිදී සුවිශේෂීත්වයක් උසුලනු ලබයි.

ත්‍රාසජනක සහ ක්‍රීඩා වළල්ල – ඒකල සිට පවුල දක්වා

ත්‍රාසජනක බව යනු රුහුණු වළල්ලේ හෘද ස්පන්දනයයි. වැලිගම, හිරිකැටිය සහ ආරුගම්බේ හි සර්ෆ් විවේක, ඇල්ල හි හිරු උදාව තරණය, කුරුඳු බිම් හරහා බයිසිකල් පැදීමේ මංපෙත්, ගැඹුරු මුහුදේ මසුන් ඇල්ලීම, කලපුවේ ඔරු පැදීම, කඳවුරු බැඳීම, ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ ක්‍රිකට් සහ හම්බන්තොට ගොල්ෆ් දක්වා එම අත්දැකීම් විඳගැනීමේ ඉඩකඩ පවතියි. මෙය තනිවම සංචාරයේ යෙදෙන්නන්ට, සංචාරක පවුල්වලට මෙන්ම ත්‍රාසය සොයන්නන්ට ද පහසුවකි.

සුවතා වළල්ල – ආයුර්වේද සහ සාකල්‍ය

රුහුණු වළල්ල සුවතා හා හෙදකම් සඳහා අභයභූමියකි. පුරාණ ආයුර්වේද ප්‍රතිකාර, වෙරළබඩ යෝග වන භාවනා සහ සාකල්‍ය සුව කිරීමේ චාරිත්‍ර සමඟින් දකුණු කලාපය පරිවර්තනීය සුවතා අත්දැකීම් සංචාරකයින් වෙත ලබා දෙයි. තංගල්ලේ වෙරළ තීරයේ හිරු උදාවන යෝග සැසිවල සිට ඇල්ලෙහි වැසි වනාන්තර නිවාඩු නිකේතන දක්වා මෙම අත්දැකීම විහිදී පවතියි. එය සුවතාවයකට එහා ගොස් ජීවන රටාවක් බවට වර්ධනය වී තිබීම සුවිශේෂීත්වයකි.

සංස්කෘතික වළල්ල – ඉතිහාසය • ජීවන රටාව • උත්සව

දකුණුදිග සංස්කෘතිය පන්සල්, උත්සව, ශිල්ප ක්‍රම සහ දෛනික රිද්මයන් ආශ්‍රිතව ගොඩනැගුණකි. ගාලු කොටුවේ ගල් කැට වීදිවල සිට කතරගම වන්දනා ගමන්, මුල්කිරිගල පර්වත විහාරස්ථාන, අම්බලන්ගොඩ වෙස් මුහුණු සහ බෙර වාදන සම්ප්‍රදායන්, රන්මිණිතැන්න ටෙලිසිනමා ගම්මානය සහ හබරාදූවේ කුරුඳු ශිල්පය දක්වා මෙය සංචාරකයින් වෙත නිරාවරණය වී ඇත. කෞතුකාගාරයක් නොවන ජීවමාන උරුමයක් ලෙස සාමාන්‍ය ජන ජීවිත හා සබැඳිව මෙම සංස්කෘතිකාංග පැවතීම විශේෂත්වයකි. එසේම උත්සව සහ චාරිත්‍ර වාරිත්‍ර වසර පුරා දිග හැරෙන අතර, සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ හරය ඒ තුළින් දකගැනීමේ හැකියාව ලැබේ.

සහයෝගීතාවය සඳහා ජාතික කැඳවීමක්

මෙම ආරම්භය ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ සභාපති බුද්ධික හේවාවසම් මහතා විසින් අනුමත කරන ලද අතර, ප්‍රාන්තීය සංවර්ධනය වේගවත් කිරීමේ දී රාජ්‍ය – පෞද්ගලික සහයෝගීතාවයේ වැදගත්කම ද එතුමා මෙසේ අවධාරණය කළේය.

“ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තයට සාම්ප්‍රදායික ස්ථාන ඉක්මවා යන නිර්භීත නව නිෂ්පාදන සංවර්ධනයක් අවශ්‍යයි. “Ruhunu Ring” හරියටම එය නියෝජනය කරනවා. බටහිර සහ දකුණු පළාත්වල සිට නැගෙනහිර දක්වා විහිදෙන දකුණේ සම්පූර්ණ විභවය අගුළු හැරීමේ අවස්ථාවක් ලෙස මෙම ආරම්භය පෙන්වන්න පුළුවන්. මෙම කලාපය රටේ වඩාත්ම ආකර්ෂණීය හා තවමත් ගවේෂණය කර නොමැති ගමනාන්ත කිහිපයකට හිමිකම් කියනවා. එහි ශක්තිය පවතින්නේ අව්‍යාජභාවය, ස්ථර අත්දැකීම් සහ ජීවමාන භූ දර්ශන තුළ මිස වේදිකාගත සංචාරක ව්‍යාපාරය තුළ නොවේ.”

එසේම මෙය පෞද්ගලික අංශය විසින් ආරම්භ කරන ලද පළමු මහා පරිමාණ ගමනාන්ත නිෂ්පාදනය බවත්, එය කලාපීය සහ ජාතික වර්ධනය සඳහා දැවැන්ත ආරම්භයක් ලබා දී ඇති බවත් ඔහු සඳහන් කළේය. තවද මෙම දැක්ම ප්‍රායෝගිකව ක්‍රියාවට ගෙන ඒම, ජනතාව සමඟ සම්බන්ධ වීම සහ ආදායම් උත්පාදනය සඳහා අප හා එක්වන ලෙස අපි හෝටල්කරුවන්ට, ක්‍රියාකරුවන්ට සහ ප්‍රජාවන්ට ආරාධනා කළයුතු බවට ද එතුමා අදහස් දක්වීය. ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස සමෘද්ධිමත් වීමට නම්, පෞද්ගලික සහ රාජ්‍ය අංශ අත්වැල් බැඳගෙන කටයුතු කළ යුතු බව හා “Ruhunu Ring” එම සහයෝගීතාවය සඳහා රාමුව සපයන බවත් තවදුරටත් එතුමාගේ අදහස විය.

“මෙය හුදෙක් ව්‍යාපෘතියක් නොවේ. මෙය සෑම දෙයක්ම එකට එකතු වන ගමනාන්තයක කතාවකි.” Shangri-La Hambantota හි සාමාන්‍යාධිකාරී Refhan Razeen මහතා පැවසීය. “Ruhunu Ring ශ්‍රී ලංකාවේ දකුණට තමන්ගේම අනන්‍යතාවයක් ලබා දෙනවා. ලොව පුරා සංචාරකයින්ට ආස්වාදයක් ලබා දීම සඳහා නිර්මාණය කර ඇති ඉතා විශේෂ එකඟතාවයක්, සබැඳියාවක් ලෙස මෙය හඳුන්වා දෙන්න පුළුවන්.” ලෙස තවදුරටත් රසීන් මහතා පවසා සිටියේය.

“Ruhunu Ring” සංකල්පය නිල වශයෙන් 2025 ඔක්තෝබර් 2 වන දින දියත් කරනු ලැබුවේය. එහිදී හෝටල් හිමියන්, ගුවන් සේවාවන්, ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන, ක්‍රියාකරුවන්, පළාත් සභා, සංස්කෘතික හා වනජීවී බලධාරීන් සහ ප්‍රජාව එක්රැස් වූ අතර එක පොදු දැක්මක් යටතේ සියල්ලෝම එක්සත් කිරීම මෙම නව සංචාරක සංකල්පය යටතේ අරමුණු කළේය. උත්සාහයන් පෙළගැස්වීමෙන්, 1978 දී සංස්කෘතික ත්‍රිකෝණය ඇති කළ පරිවර්තනීය බලපෑම පිළිබිඹු කරමින්, ශ්‍රී ලංකාවේ දකුණ ගෝලීය වශයෙන් පිළිගත් ගමනාන්තයක් ලෙස උසස් කිරීමට මෙම “Ruhunu Ring” සංකල්පය පසුබිම් සකසනු ලබයි.

මෙම සංකල්පයට සහාය වීම සඳහා, www.ruhunuring.com නම් වෙබ් අඩවියක් දියත් කර ඇති අතර ඒ හරහා හවුල්කරුවන්ට සහ සංචාරකයින්ට එකසේ සංක්ෂිප්ත ගමන් විස්තර, සිතියම්, කතන්දර අන්තර්ගතයන්, රූප සහ මාධ්‍ය සම්පත් සපයයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *