
දශක තුනකට අධික කාලයක් පුරාවට සැබෑ සාම්ප්‍රදායික තායි ආහාර රස දේශීය සහ විදේශීය පාරිභෝගිකයින් වෙත ගෙන ආ Siam House, සිය 32වැනි සංවත්සරය පසුගියදා අභිමානයෙන් සමරන ලදී. කොළඹ නගරයට තායි ආහාර හඳුන්වා දුන් මුල්ම ආයතනවලින් එකක් වන Siam House, සිය නොවෙනස්වන ගුණාත්මකභාවය, විශිෂ්ටත්වය සහ සැබෑ තායි රසයම ලබා දීමට දරන කැපවීම නිසා ඉමහත් කීර්තියට පත්ව ඇත.
අතීතයේ ඉතා කුඩාවට ආරම්භ වී සූපශාස්ත්‍රවේදයේ සන්ධිස්ථානයක් බවට පත්වීම සඳහා මෙතෙක් පැමිණි ගමන්මඟ තුළ, සාම්ප්‍රදායික තායි ඉවුම් පිහුම් මූලයන්ට අනුකූල වෙමින් ආහාර පිසීමට Siam House කිසිවිටකටත් අමතක නොකළේය. මෙහි වූ සියලුම ආහාර වර්ග පරම්පරා ගණනාවක් පුරා පැවත එන ශිල්පීය ක්‍රම භාවිතා කරමින් පළපුරුදු තායි සූපවේදීන්ගේ දෑතින් නිමවී ඇත. Siam House හි මුළුතැන්ගෙයි වූ සුවිශේෂිත්වය නම් තායිලන්තයේ සැබෑ රසසාරය ග්‍රහණය කර ගැනීම සඳහා උසස් අමුද්‍රව්‍ය වලින් නැවුම් ලෙස සකස් කරන ලද ගෘහස්ථ කරි පේස්ට් භාවිත කිරීමයි.
සැබෑ තායි රසය ඔබවෙත ගෙන ඒම සඳහා අවශ්‍ය ප්‍රධාන අමුද්‍රව්‍ය තායිලන්තයෙන් සෘජුවම ගෙන ඒමට Siam House කටයුතු කරන අතර Thai noodles, rice vermicelli, bean vermicelli, සහ fragrant jasmine rice එලෙස ගෙන්වන අමුද්‍රව්‍ය වලින් කිහිපයකි. ඉතා සියුම් දේ පිළිබඳ පවා මෙලෙස අවධානය යොමු කිරීම තුළින් අමුත්තන් අපේක්ෂා කරන උසස් ප්‍රමිතීන් පවත්වා ගැනීමටත් අසමසම භෝජන අත්දැකීමක් ලබා දීමටත් Siam House සමත්ව ඇත.
සාම්ප්‍රදායික තායි ආහාර සැබෑ තායි රසයෙන් ලබාදීමට Siam House දරන උත්සාහය අගයමින්, තායි වාණිජ හා වෙළඳ අමාත්‍යාංශය විසින් තායිලන්තයෙන් පිටත ක්‍රියාත්මක වන තායි අවන්හල් සඳහා පිරිනමන විශිෂ්ටතම සම්මානය වන “තායි සිලෙක්ට් සිග්නේචර් සහතිකය” Siam House වෙත පිරිනමන ලදී. මීට අමතරව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියෙන් A-ශ්‍රේණියේ ශ්‍රේණිගත කිරීමක්ද හිමිකරගැනීම, ඉහළ ගුණත්වයෙන් යුත් අවන්හලක් ලෙස Siam House හි විශිෂ්ටත්වය තවදුරටත් තහවුරු කරයි.
“Siam House හි 32වැනි සංවත්සරය සමරන මේ මොහොතේදී පවා, අපගේ මෙහෙවරට අනුව සැබෑ තායි රසය රැකගනිමින් අමුත්තන් හට විශිෂ්ට ආහාර අත්දැකීමක් ලබාදීමට අපි අඛණ්ඩව කටයුතු කරනවා.” Siam House හි සභාපති ලයනල් ප්‍රනාන්දු මහතා පැවසීය. “මෙම ජයග්‍රහණය, නිරන්තරයෙන් කැපවෙන අපේ කණ්ඩායමේ, උද්‍යෝගිමත් සූපවේදීන්ගේ සහ වසර ගණනාවක් පුරා අපත් සමඟ සිටිමින් අපට සහයක් වන ප්‍රජාවගේ නොසැලෙන කැපවීමේ ප්‍රතිඵලයක්.” ඔහු තවදුරටත් පැවසීය.
Siam House අවන්හල් අංක 16, මෙල්බර්න් මාවත, කොළඹ 4 (කලින් අංක 17, මෙල්බර්න් මාවත, කොළඹ 4 හි පිහිටා තිබුණි) සහ අංක 98, හෝර්ටන් පෙදෙස, කොළඹ 7 යන ස්ථානයන්හි තායි ආහාර ලෝලීන් වෙනුවෙන්ම විවෘතව පවතී.
0112595944/66 යන අංකය ඇමැතීමෙන් කොළඹ 04 අවන්හලේ හෝ 0112664955/59 යන අංකය ඇමැතීමෙන් කොළඹ 07 අවන්හලේ වෙන්කරවා ගැනීම් දැන් සිදුකළ හැක.
මෙම සැමරුමට එක්ව සැබෑ සාම්ප්‍රදායික තායි ආහාර අත්විඳින ලෙස Siam House ඔබ සැමට ආරාධනා කරයි.