
ශ්‍රී ලංකාවේ ISO/IEC 27017 දිනාගත් පළමු දේශීය cloud සැපයුම්කරු බවට පත්වෙමින් OREL IT ආයතනය විසින් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ක්ෂේත්රය තුළ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරන ලදී. Cloud-specific information security වෙනුවෙන් හිමිවන රන් ප්රමිතිකරණයක් ලෙස ගෝලීය වශයෙන් පිළිගැනෙන මෙම සහතිකය තාක්ෂණික ජයග්‍රහණයක් පමණක් නොව එමඟින් ආරක්ෂිත අනුකූල සහ අනාගතයට ගැළපෙන cloud පහසුකම් ගොඩනැංවීම වෙනුවෙන් OREL IT විසින් දක්වන දැඩි කැපවීම ද මැනවින් ප්‍රදර්ශනය කෙරේ.ලෝකය Cloud පරිගණක තාක්ෂණය ඔස්සේ මෙහෙයවනු ලබන යුගයකදී විශ්වසනීයත්වය යනු තවදුරටත් විකල්පයක් පමණක් නොව, එය මුලසිටම ගොඩනගා ගත යුතු අත්‍යාවශ්‍ය කරුණකි.
OREL Cloud හි විශ්වසනීයත්වය 2024 අගෝස්තු මාසයේදී ලබා ගත් මෙම සහතිකය ඔස්සේ වඩාත් සවිමත් කරයි. මේ සමඟින් OREL Cloud විගණනය කළ හා ගෝලීය මිණුම් සලකුණු කරන ලද ආරක්ෂක පාලනයන් පමණක් නොව, සැපයුම්කරු සහ පාරිභෝගිකයා අතර බෙදාගත් වගකීම කළමනාකරණය කිරීමට ව්‍යවසායන් සඳහා අවශ්‍ය පැහැදිලි බව සහ පාලන බලය ද ලබා දෙයි. එමෙන්ම එය Cloud මෙහෙයුම්වල හිස්තැන් හෝ වැරදි පියවරයන් ඇතිවීමේ අවදානම ද අඩු කරනු ලබයි.
Cloud තාක්ෂණයට අනන්‍ය වූ අවදානම් තත්ත්වයන් ආමන්ත්‍රණය කිරීමෙන් ISO/IEC 27017 ප්‍රමිතිය ISO/IEC 27001 ප්‍රමිතිය මත පුළුල් වේ. අතථ්‍යකරණය කළ බහු-කුලී නිවැසි සැකසුම් ( virtualized multi-tenant setups) ආරක්ෂා කිරීම , වැරදි වින්‍යාසගත කිරීම් (mitigating cloud-native) සහ සම ස්ථාන අවදානම් තත්ත්ව (co-location) සහ තෙවැනි පාර්ශවීය third-party යැපීම් අවම කිරීම වැනි කරුණු මීට ඇතුළත් වේ.විශේෂයෙන්ම දත්ත සංවේදීතාව සහ නියාමන අධීක්ෂණය ඉහළ මට්ටමක පවතින බැංකුකරණය, සෞඛ්‍ය සේවා සහ රජය වැනි අංශ දේශීය සහ ජාත්‍යන්තර ප්රමිතීන් ද්විත්වයටම පහසුවෙන් හැඩගැසීම කෙරෙහි මෙම සහතික කිරීම ඉවහල් වේ.මේ ඔස්සේ විශ්වසනීය මෙන්ම ආරක්ෂිත පදනමක් ඩිජිටල් පරිවර්තන උත්සාහයන් වෙනුවෙන් සපයන අතර එය මෙහෙයුම් බාධාවකින් තොරව සිදුකරමින් පරිමාණය කිරීමට සංවිධානවලට බලය ලබා දෙයි.
මෙම සහතිකය ජාත්‍යන්තර ප්‍රසම්පාදන නිර්ණායක සපුරාලීමට අපේක්ෂා කරන ව්‍යාපාර සඳහා උපායමාර්ගික වාසියක් පිරිනමයි. මෑත කාලීනව ව්‍යවසායන් ගෝලීය cloud පහසුකම් සහිත වේදිකාවක් වෙත ප්‍රවේශ වී සිටින අතර අධිපරිමාණ කිරීමෙන් බැහැර නොවී දේශීය සැපයුම්කරුවෙකුගේ කාර්යක්ෂමතාව සහ වගවීම ඔස්සේ ප්රතිලාභ ලබයි.වර්තමාන ඉල්ලීම් සඳහා පමණක් නොව අනාගතයේදී උද්ගත විය හැකි තර්ජනද ඉලක්ක කරගනිමින් OREL Cloud හි යටිතල පහසුකම් නිර්මාණය කර ඇත. තර්ජනාත්මක තත්ත්වයන් සමඟ වැඩි දියුණු කිරීම් සහතික කරමින් අඛණ්ඩ ආරක්ෂක වැඩිදියුණු කිරීම් මෙම වේදිකාවට ඇතුළත් කර තිබේ.
මේ පිළිබඳ අදහස් දක්වමින් OREL Cloud හි ප්‍රධාන පාරිභෝගික නිලධාරීනි පියුමි රණසිංහ මහත්මිය මෙසේ සඳහන් කළාය. “ආරක්ෂාව යනු අනුකූලතාවයට වඩා වැඩි යමක්. අපගේ සේවය ලබාගන්නා සෑම සේවාදායකයෙකු වෙතම අපි අඛණ්ඩ පොරොන්දුව ලබාදෙනවා.අපගේ මෙහෙයුම්වල වලංගුතාවයට වඩා වැඩි දෙයක් ISO/IEC 27017 සහතිකය හිමි කර ගැනීම ඔස්සේ පසක් වෙනවා. ඇත්ත වශයෙන්ම, එය අප කණ්ඩායමේ ක්‍රියාශීලී මානසිකත්වය මැනවින් ප්‍රදර්ශනය කරනවා. Cloud තාක්ෂණයෙන් ක්‍රියාත්මක වන ආර්ථිකයක් තුළ සුරක්ෂිත මෙන්ම පරිමාණය කළ හැකි වර්ධනයක් සක්‍රීය කිරීම යනු, විශ්වාසය මත පදනම් වූ, දරාගත හැකි සම්මුතියකින් තොරව පිරිනමන හවුල්කාරිත්වයන් ගොඩනැංවීමයි.”
මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කරමින් PayMedia සහ DirectPay හි නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරී කනිෂ්ක වීරමුණ්ඩ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “මූල්‍ය ආයතන සඳහා ප්රමුඛ යෙදුම් සපයන්නෙකු ලෙස අපිට දත්ත පිළිබඳ ආරක්ෂාව මිල කළ නොහැකියි. OREL Cloud සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කිරීම ඔස්සේ ජාත්‍යන්තරව සහතික කරන ලද දේශීය වේදිකාවක් කෙරෙහි අපට විශ්වාසයක් ලබා දෙනවා. තවදුරටත් එම විශ්වසනීයත්වය ISO/IEC 27017 තුළින් ඉහළ නංවනවා.”
“වඩාත් වේගයෙන් පරිමාණය කිරීමට සහ මනා සහයෝගීතාවයකින් කටයුතු කිරීමට මෙන්ම අමතර සංකීර්ණතාවයකින් තොරව අනුකූලතා අවශ්‍යතා සපුරාලීමට මෙම සහතිකයත් සමඟ අපට හැකියාව ලැබී තිබෙනවා. මහ බැංකුවේ මාර්ගෝපදේශ සහ අවශ්‍යතාවන්ට අනුකූලව කටයුතු කරන OREL Cloud විසින් පිරිනමන දේශීය නම්‍යශීලීභාවය සහ වගවීම ඔස්සේ මනා පිටුබලයක් සපයන අතර අප ඉහළ පෙළේ සැපයුම්කරුවෙකුගේ ගෝලීය පරිමාණයන් වෙත ළඟාවෙමින් සිටිනවා. ” ලෙසින් ඔහු තවදුරටත් සඳහන් කළේය.
සහතිකකරණයෙන් ඔබ්බට බැලූ විට OREL IT ආයතනය Cloud තාක්ෂණයේ පහසුකම් පිරිනමන වේදිකාවක් පමණක් නොව අර්ථවත් ප්‍රගතියක් කරා මනා පිටිවහලක් ද වේ. OREL Cloud විසින් සෞඛ්‍ය සේවා පද්ධති, මූල්‍ය සේවා හෝ රාජ්‍ය ආයතන ආදී වැදගත් මෙහෙයුම් සඳහා ඉමහත් සහයෝගයක් ලබාදෙයි. පරිමාණය කිරීමට පමණක් නොව, අඛණ්ඩතාව, ඔරොත්තු දීමේ හැකියාව සහ අරමුණ සමඟ සේවය කිරීමට හැකි පරිදි මෙම වේදිකාව ගොඩනගා ඇත.
විශ්වාසයෙන් ගමන් කිරීමට, මෙහෙයුම් පරිමාණය කිරීමට සහ සම්මුතියකින් තොරව නවෝත්පාදනය කිරීමට අපේක්ෂා කරන ආයතන සහ සංවිධාන වෙත OREL IT සමඟ සම්බන්ධ වීමට ඇරයුම් කෙරේ.