AIA ඉන්ෂුවරන්ස් සමාගමේ ‘Rethink Healthy’ වැඩසටහන තුළින් සෞඛ්‍යය සම්පන්නභාවයට නව අරුතක් එක් කරයි

AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින්  PodHub සමඟ එක්ව කොටස් හතරකින් යුත් පොඩ්කාස්ට් මාලාවකින් යුත් සිය ‘Rethink Healthy’ වැඩසටහන පසුගියදා එළිදක්වන ලදී. මෙම වැඩසටහනෙහි අරමුණ වන්නේ සෞඛ්‍යය සහ යහපැවැත්ම පිළිබඳව පවතින විවිධ වැරදි මතවාදයන් අභියෝගයට ලක් කරමින් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීම යන්නෙන් සැබෑ ලෙස අදහස් වන්නේ කුමක්ද යන්න ඉදිරිපත් කිරීමයි. සෞඛ්‍යය සම්පන්න බව යන්න කුමක්ද පිළිබඳව විවිධ වැරදි අර්ථකතනයන් ලබාදෙන යුගයක, ‘Rethink Healthy’ වැඩසටහන විසින් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීම ඉතා පහසුවෙන් සිදුකළ හැකි දෙයක් බව සමාජයට පහදා දෙනු ලබයි.

‘Rethink Healthy’ යනු ශ්‍රී ලංකාවේ පමණක් නොව බිලියන හතරකට අධික ජනගහනයක් සිටින කලාපය පුරාම සෞඛ්‍යය පිළිබඳ පුද්ගල මතවාදයන් වෙනස් කිරීම සඳහා AIA ඉන්ෂුවරන්ස් සමාගම විසින් දියත් කරන ලද වටිනා වැඩසටහනක් වන අතර ඒ තුළින් ශාරීරික, මානසික, මූල්‍ය හා පාරිසරික ඇතුළු යහපැවැත්මේ සෑම අංශයක්ම සලකා බලමින් යහපත් සෞඛ්‍යය සම්පන්න ජීවිතයක් ගත කිරීමට පුද්ගලයන් දිරිගන්වනු ලබයි. සෞඛ්‍යය සම්පන්න, දීර්ඝ හා වඩා හොඳ ජීවිතයක් ගත කිරීමට පුද්ගලයන්ට උපකාර කිරීමේ AIA ඉන්ෂුවරන්ස්හි මෙහෙවරට සමගාමීව දියත් කරන මෙම වැඩසටහන හරහා යහපැවැත්ම යනු, ශාරීරික ව්‍යායාම හෝ ආහාර සංස්කෘතිය පමණක් නොවන බවත්, එය ජීවිතය සමතුලිත කිරීම සඳහා ඒ ඒ පුද්ගලයාට අවේණික ලෙස සිදු කළ යුතු කැපවීමක් බවත් පෙන්වා දෙයි.

‘Rethink Healthy’ පොඩ්කාස්ට් මාලාවේ පළමු අදියර සඳහා සුවිශේෂී චරිත හතරක් සහභාගී වන අතර ඒ අතර බොල්ගොඩ වැව අසබඩ එළිමහන් ත්‍රාසජනක ක්‍රියා මධ්‍යස්ථානයක් ඉදිකර ඒ හරහා සුවතාවය ප්‍රවර්ධනය කළ යුවලක්, කාය වර්ධන ශිල්පියෙකු ලෙස හඳුනාගත් විනය, ජාතික බර ඉසිලීමේ ක්‍රීඩාවට මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියෙකුගේ භූමිකාවට ද රැගෙන ආ සුවිශේෂී පුද්ගලයෙක්, විලාසිතා ව්‍යවසායකයෙකු සහ පුරෝගාමී රූපලාවන්‍යය නිර්මාතෘවරයෙකු ද වේ. මොවුන්ගේ කතාබහ තුළින් ඔබ විසින්ම සෞඛ්‍යය සම්පන්න බව යන්න හඳුනාගත හැකි ආකාරය පිළිබඳව සහ තිරසාර යහපැවැත්මක් ළඟා කර ගත හැකි ආකාරය පහදා දෙනු ලබයි.

‘Rethink Healthy’ පොඩ්කාස්ට් මාලාව විවිධ මාධ්‍යයන්හි විවිධ ආකෘතීන් මත ඉදිරිපත් කරන අතර අලංකාර දැන්වීම් පුවරු සහ සමාජ මාධ්‍ය හරහා සතිපතා මෙහෙයවන පොඩ්කාස්ට් පිළිබඳ දැනුවත්භාවය ඇති කරනු ලබයි. එසේම Hutch වෙතින් හඳුන්වා දී ඇති missed-call විශේෂාංගය හරහා මෙම පොඩ්කාස්ට් මාලාව වෙත ලැබී ඇති ප්‍රේක්‍ෂක ප්‍රතිචාරය හඳුනාගනු ලබයි.

AIA ශ්‍රී ලංකාහි ප්‍රධාන අලෙවි නිලධාරී සසිත් බඹරදෙණිය මහතා මෙසේ සිය අදහස් දැක්වීය. “සමාජ මාධ්‍ය ඔස්සේ අපට බොහෝවිට සෞඛ්‍යය පිළිබඳ විවිධ අර්ථකතනයන් ලබා දෙන නමුත්, බොහෝ දෙනාට ඒවා ළඟා කරගත නොහැකි අපේක්‍ෂාවන් බවට පත් වෙනවා. Rethink Healthy වැඩසටහන තුළින් අපට මෙය වෙනස් කිරීමට අවශ්‍ය වුණා. සෞඛ්‍යය කියන්නේ පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වන පෞද්ගලික ගමනක්. කාර්යබහුල දිනකදී තම මනස සන්සුන් කරගැනීමට විනාඩි පහක් සොයාගැනීම, ඔබගේ නිවසේදී ව්‍යායාම කිරීමට ඉඩක් සොයාගැනීම සහ මූල්‍යමය වශයෙන් මානසික සහනයෙන් යුක්ත වීම ආදී සෑම පියවරක්ම මෙහිදී වැදගත් වනවා. මෙම වැඩසටහන තුළින් පුද්ගලයන්ට ඔවුන් සිය ජීවිතයේ දැනට සිටින අදියරෙහි සිටම සිය යහපත වෙනුවෙන් ක්‍රියා කළ හැකි ආකාරය පෙන්වා දෙනවා.”

වර්තමාන තත්ත්වය තුළ සිය ජීවිතයට සමබරතාවයක් සොයාගැනීමට වෙහෙසෙන ශ්‍රී ලාංකිකයින් සඳහා මෙම වැඩසටහන ඉතා සුවිශේෂී වන අතර කුඩා පියවරයන් පවා නොනවත්වා අනුගමනය කිරීම තුළින් විශාල වෙනස්කම් සිදුකළ හැකි බව ඒ තුළින් පෙන්වා දෙනු ලබනවා. එසේම සෞඛ්‍යය සම්පන්න වීමට සෑම කෙනෙකුටම අවස්ථාවක් තිබෙනවා යන්න මෙහිදී මතු කරනු ලබනවා.

මෙම වැඩසටහන තවත් එක් පොඩ්කාස්ට් එකක් නොවන අතර එය සෞඛ්‍යය සම්පන්නබව යනු කුමක්ද යන්න පිළිබඳව අවබෝධ කරදෙන කාරුණික සහ යථාර්ථවාදී පැහැදිලි කිරීමකි. එය, ක්‍රියාශීලි සහ සෞඛ්‍යය සම්පන්න වීමට පුද්ගලයන් සතු අයිතිය නැවත ලබා ගැනීම සඳහා ඔවුන් දිරිගන්වන AIA ඉන්ෂුවරන්ස් සමාගමේ සුවිශේෂී මුලපිරීමකි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *