Diva නිල් මානෙල් මල් දන්සල සමගින් Diva සන්නාමය පොසොන් උත්සවය බැති සිතින් සමරයි.

ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම රෙදි සේදුම් සන්නාමයක් වන හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි Diva සන්නාමය විසින්, පොසොන් පොහොය නිමිති කරගනිමින්   අනුරාධපුරයේ දී Diva Fresh නිල් මානෙල් මල් දන්සල පවත්වන ලදී. අනුරපුර ඓතිහාසික පූජා නගරය පුරා ඇති පූජනීය විහාරස්ථානවල   නිල් මානෙල් මල පූජා කිරීම සඳහා  දහස් සංඛ්‍යාත බැතිමතුන් හට මින් අවස්ථාව ලැබිණි.

ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන නිල් මානෙල් මල පාරිශුද්ධත්වය, අධ්‍යාත්මික ඥානාලෝකය සහ භක්තිය සංකේතවත් කරයි.  මෙහි ඇති සංස්කෘතික වටිනාකම හා පොසොන් පොහොයේ ඇති වැදගත්කම අගයමින්, Diva සන්නාමය නැවත වරක් දේශීය සම්ප්‍රදායන් පිළිබඳ තම ගැඹුරු අවබෝධය පෙන්වා දී ඒවාට අර්ථවත් ලෙස ගෞරව කිරීමේ තම කැපවීම නැවත තහවුරු කරමින් Diva  නිල් මානෙල් මල් දන්සල පවත්වන ලදී. ඉන් ආත්මීය නමස්කාරයක් ලෙස නිල් මානෙල් මල් පූජා කිරීමට බැතිමතුන්ට  අවස්ථාව ලැබුණි.

Diva Fresh නිෂ්පාදන පෙළෙහි ඉතා ජනප්‍රිය නිෂ්පාදනයක් වන Diva Fresh නිල් මානෙල් සුවඳ සහිත රෙදි සේදුම් කුඩු මෙම මුලපිරීමෙන් ඉස්මතු කරන ලදී. නිෂ්පාදනයේ ඇති දේශීය අභාෂය හා ආකර්ෂණය තුළින් පාරිභෝගිකයින්ගේ එදිනෙදා ජීවිතය, සංස්කෘතික වටිනාකම් සහ ආගමික චාරිත්‍ර සමඟ ශක්තිමත්ව සම්බන්ධ කිරීමේ සන්නාමයේ කැපවීම පිළිබිඹු කරයි.

හේමාස් කන්සියුමර් බ්‍රෑන්ඩ්ස් හි ගෘහ සත්කාර අංශයේ, සහායක සන්නාම කළමනාකාරිනි පියුමි රාජපක්ෂ, “සාම්ප්‍රදායට සහ පරිත්‍යාගශීලිබවට කෙරෙන උපහාරයක් වන Diva නිල් මානෙල් මල් දන්සලෙහි අරමුණ, අපගේ පාරිභෝගිකයන් සමඟ අධ්‍යාත්මික හා සංස්කෘතික මට්ටමින් සම්බන්ධ වීමයි. එය Diva සන්නාමයේ හෘදයාංගම මුලපිරීමකි.  මෙය අපගේ සන්නාමයේ අරමුණ තුළ ගැඹුරින් මුල් බැස ගෙන ඇති අරමුණක් වන අතර, හුදෙක් ප්‍රයෝජනයන් ලබා දීමෙන් එහාට ගොස්,  අපගේ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා මනාව අවබෝධ කර ගනිමින් ඔවුන්ගේ ජීවිත ස්පර්ශ කරන විසඳුම් ලබා දීමට අරමුණු කරනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දැක්වීය.

අනුරාධපුරයේ දී පැවැත් වූ “Diva නිල් මානෙල් මල් දන්සල” බැතිමතුන්ගේ මහත් ප්‍රශංසාවට ලක්විය. මෙවැනි මුලපිරීම් මගින්, Diva සන්නාමය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිතයේ සංස්කෘතිය අර්ථවත් ලෙස සැමරීමට  අඛණ්ඩව කටයුතු කරන ආකාරය පෙන්නුම් කරයි. ජනතාවගේ අවශ්‍යතා තේරුම් ගෙන ඒවා ඉටු කිරීමේ සන්නාම පොරොන්දුව Diva සන්නාමය  විසින් සැබෑවටම ඉටු කරයි.

Hemas Consumer Brands පිළිබඳව

60 වසරක් පුරා ශ්‍රී ලංකාවේ ගෘහ හා පුද්ගලික සත්කාර අංශයේ ප්‍රමුඛයා වන Hemas Consumer Brands, යහපත් හෙට දිනයක් අපේක්ෂා කරමින් පවුල් සවිබල ගැන්වීම වෙත අවධානය යොමු කරයි. ශ්‍රී ලංකාව තුළ අපගේ අරමුණු මූලික කර ගත් සන්නාම, දේශීය දැනුම භාවිතයෙන් නව්‍යකරණයට සහ සංවර්ධනයට ලක් කරමින්, පාරිභෝගිකයා කේන්ද්‍ර කරගත් විශ්වසනීය ගෘහ සන්නාමයන් ලෙස ස්ථාපිත කිරීමට හැකියාව ලැබීම පිළිබඳව Hemas, අප නිහතමානීව ආඩම්බර වේ. ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා පිළිබඳ මනාව අවබෝධ කර ගන්නා Hemas Consumer Brands  උසස් ගුණාත්මක බවින් සහ වටිනාකමින් යුත් තම නිෂ්පාදන ලබා දීමේ සිය නොසැලෙන කැපවීම පෙරදැරිව රට පුරා සිටින ජනතාවගේ ජීවිත පොහොසත් කිරීමට අඛණ්ඩව කටයුතු කරයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *