Euro Motors විසින් ලොව සුපතල JETOUR මෝටර් රථ ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදෙයි

දශක දෙකක් පුරාවට ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තය තුළ ඉහළ විශ්වාසයක් දිනා ගත් සන්නාමයක් වන Euro Motors සමාගම ගෝලීය වශයෙන් සාර්ථකත්වයට පත් SUV සන්නාමයක් වන JETOUR හි එකම ශ්‍රී ලාංකික නියෝජිතයා ලෙස නිල වශයෙන් පත් කර ඇත.ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත JETOUR හඳුන්වාදීම  සනිටුහන් කරමින් Euro Motors විසින් JETOUR හි වැඩි ඉල්ලුමක් සහිත මාදිලි ද්විත්වයක් වන  JETOUR Dashing (ආසන 5) සහ JETOUR X70 Plus (ආසන 7) එළිදක්වන ලදී.  උසස් තාක්‍ෂණය, ඉහළ සුවපහසුව සහ අසමසම ඉඩ පහසුකම් සමඟ සුවිශේෂී  නිර්මාණයක් ලෙස නිමවා ඇති මෙම SUV රථ ද්විත්වයම  1.5L පෙට්‍රල් එන්ජිමකින් බලගැන්වේ. JETOUR යනු SUV පාරිභෝගිකයන් සඳහා බලවත් මෙන්ම නව්‍ය තේරීමක් වනු ඇත.

JAC, Dongfeng, Ankai සහ Bonluck වැනි ජාත්‍යන්තර මෝටර් රථ සන්නාමවල බලයලත් නියෝජිතයා ලෙස ඉහළ කීර්තියක් දිනා ගත් Euro Motors සමාගම ගුණාත්මක මෙන්ම අලෙවියෙන් පසු සුවිශේෂී සේවාවක් සපයමින් පාරිභෝගිකයා වෙත මනා සේවයක් පිරිනැමීමට කැපවී සිටියි. Euro Motors විසින් JETOUR පාරිභෝගිකයන් වෙත උසස් විකුණුම් සහ සේවා අත්දැකීමක් සහතික කිරීම අරමුණු කරගනිමින් ඉදිකරන ලද නවීන ප්‍රදර්ශනාගාරය සහ ජාත්‍යන්තර මට්ටමේ JETOUR සේවා මධ්‍යස්ථානයක් සඳහා ආයෝජනය කිරීම මඟින් එම කැපවීම මැනවින් ප්‍රදර්ශනය වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් Euro Motorsහි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රවීන්ද්‍ර සේනාරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය.“ශ්‍රී ලංකාව වෙත JETOUR හඳුන්වා දීමට ලැබීම ගැන අපි නිහතමානීව සතුටු  වෙනවා. ඒ වගේම ඉදිරියේදී සිදුවීමට නියමිත සුවිශේෂී අවස්ථාවන් පිළිබඳව අපි ඉතා උනන්දුවෙන් සිටිනවා.ලෝකයේ වේගයෙන්ම වර්ධනය වන SUV සන්නාමයක් ලෙස අපිට JETOUR පිළිබඳ හැඳින්විය හැකියි. සැමවිටම ලාංකික පාරිභෝගික ජනතාව වෙත අසමසම වටිනාකමක්, ගුණාත්මකභාවයක් සහ නවෝත්පාදනයක්  සහිත හොඳම නිෂ්පාදන ලබාදීමට Euro Motors හි අපි වැඩි අවධානයක් යොමු කරනවා.  ගෝලීය ශක්තිය සහ දේශීය විශ්වසනීයත්වය සමඟ JETOUR සහ Euro Motors ශ්‍රී ලංකාවේ SUV වෙළෙඳපල වෙත නව හැඩතලයක් එකතු කරමින් මෙරට  ප්‍රවාහන ක්ෂේත්‍රයේ නව යුගයක ඇරඹුම සනිටුහන් කරනු ඇතැයි අපි අපේක්ෂා කරනවා.”

දියුණු තාක්ෂණයේ, සුවිශේෂී විලාසිතාවන්ගේ සහ ප්‍රායෝගිකත්වයේ මනා සම්මිශ්‍රණයක් සොයන නවීන පාරිභෝගිකයන් වෙත කදිම තෝරාගැනීමක් වන JETOUR, නාගරික ගමනාගමන කටයුතු , පවුලේ පෞද්ගලික ප්‍රවාහන කටයුතු  හෝ ත්‍රාසජනක චාරිකාවන් සඳහා මනා ලෙස ගැළපේ. වැය කරන මිලට ඉහළම වටිනාකමක් ලබාදෙමින් සුවිශේෂී SUV අත්දැකීමක් මෙමඟින් සහතික කරන අතර වසර 4ක හෝ කිලෝමීටර 100,000ක වගකීමක් සමඟින්, සෑම පාරිභෝගිකයෙකුටම මානසික වශයෙන් සැනසිලිදායක අත්දැකීමක් පිරිනමයි.එමෙන්ම පහසු මෙන්ම  බාධාවකින් තොර වාහන මිලදී ගැනීමේ අත්දැකීමක් සහතික කරමින් JETOUR පාරිභෝගිකයන් සඳහා ආකර්ෂණීය මූල්‍ය සහ සේවා පැකේජ ද හඳුන්වාදී තිබේ.

ලොව පුරා රටවල් 65කට අධික සංඛ්‍යාවක් තුළ ආකර්ෂණීය මෙන්ම සීග්‍ර අලෙවියක් වාර්තා කරමින් ආරම්භයේ සිටම JETOUR ගෝලීය මෝටර් රථ ක්ෂේත්‍රයේ විශේෂ ස්ථානයක් දිනා ගැනීමට සමත් වී ඇත.  එක්සත් අරාබි එමීර් රාජ්‍යය, සවුදි අරාබිය, කටාර්, ඉන්දුනීසියාව, මැලේසියාව සහ පේරු වැනි කලාපවල මෙම සන්නාමය වේගවත්ව ව්‍යාප්ත වී ඇති අතර ලොව පුරා අලෙවි සහ සේවා මධ්‍යස්ථාන 2,000කට අධික සංඛ්‍යාවක් සහිත සවිමත් ජාලයක් ඔවුන් සතු වේ.  JETOUR විසින් ගෝලීය විශ්වාසය තහවුරු කරමින් 2024 වසර තුළදී පමණක් ලොව පුරා විකුණුම් පිළිබඳ 80% ක සුවිශේෂී වර්ධනයක් අත්කර ගෙන තිබේ. JETOUR SUV රථවල ඇති ඉතාමත් ආකර්ෂණීය සුළු බව, ඉහළම තාක්ෂණය හා ගුණාත්මකභාවය ලොව පුරා ප්‍රබල මෝටර් රථ සන්නාමවලට පවා අභියෝගයක් එල්ල කරමින් ඉහළ අලෙවියක් වාර්තා කර ඇත. නවීන SUV රථ පිළිබඳ උනන්දුවක් දක්වන ඕනෑම පාරිභෝගිකයෙකුගේ සිත් ඇද බැඳගන්නා සුළු JETOUR SUV රථ පිළිබඳ වැඩි විස්තර දැන ගැනීමට 0114504504 හෝ 0766199399 අමතන්න.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *