
ශ්‍රී ලංකාවේ මෝටර් රථ කර්මාන්තයේ ප්‍රමුඛයෙකු සහ වඩාත් විශ්වාසනීය සන්නාමයක් මෙන්ම Nissan සහ Suzuki වාහනවල ශ්‍රී ලංකාවේ එකම බලයලත් බෙදාහරින්නා වන Associated Motorways (AMW) සමාගම, ප්‍රමුඛ පෙළේ රක්ෂණ සැපයුම්කරුවෙකු වන Orient Insurance සමාගම සමඟ පසුගිය දා අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කරන ලදී. මෙම ක්‍රමෝපායික සහයෝගීතාව දිවයින පුරා රක්ෂණ ගනුදෙනුකරුවන්ගේ අනතුරුවලට ලක් වූ වාහන අලුත්වැඩියා කිරීම නවමු මුහුණුවරකින් ගෙන ඒමට සැලසුම් කර ඇත.
මෑතකදී සිදු කරන ලද ආනයන නියාමන ලිහිල් කිරීමත් සමඟ, මෝටර් රථ කර්මාන්තයට සැලකිය යුතු බලපෑමක් ඇති කිරීමට AMW සමාගම සූදානම් වේ. සමාගම දැනටමත් Nissan, Suzuki සහ Renault වැනි නවතම සහ රීකන්ඩිෂන් කරන ලද වාහනවල ප්‍රමුඛ කොටසක් දරයි. එසේම සියලුම වාහන සඳහා අසමසම සහයෝගයක් ලබා දෙමින්, විකුණුම් සහ අලෙවියෙන් පසු සේවාවන්හි ප්‍රමුඛත්වය පවත්වා ගනිමින්, ශ්‍රී ලංකාවට වාහන ආනයනය සඳහා සහාය වීම සඳහා AMW ක්‍රියාකාරීව නැවත ස්ථානගත වෙමින් සිටියි.
මෙම ඇතුළත් ප්‍රවේශය AMW සමාගමේ සේවා දර්ශනයේ කේන්ද්‍රස්ථානයයි. AMW හි පසු අලෙවි සේවා අධ්‍යක්ෂ, චමින්ද වනිගරත්න මහතා, “AMW හිදී අපි නවතම සහ රීකන්ඩිෂන් ඒකක අතර වෙනස්කම් සිදු නොකරමින් සියලුම Suzuki සහ Nissan වාහන සඳහා සේවා සපයනවා. සෑම වාහන හිමිකරුවෙකුටම නිෂ්පාදක මට්ටමේ විශේෂඥතාව සහ සහයෝගය ලැබිය යුතු අතර, එය දිවයින පුරා සැපයීමට අපි කැප වී සිටිනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දැක්වීය.
AMW හි අලෙවියෙන් පසු සේවා අංශය, වර්තමානයේ වාහන 200,000කට වැඩි ප්‍රමාණයකට සහාය වීම සඳහා එහි තාක්ෂණික විශේෂඥතාව, අමතර කොටස් සැපයුම සහ රට පුරා සේවාවන් සැපයීම පුළුල් කරමින් සිටියි. ඔවුන්ගේ වැඩිදියුණු කරන ලද බොඩි ෂොප් පහසුකම්, නිෂ්පාදක ප්‍රමිතීන්ට අනුව අලුත්වැඩියාවන් සිදු කිරීම සහතික කිරීම සඳහා උසස් තාක්ෂණය සහ උපකරණවලින් නවීකරණය කර ඇත. AMW එහි පාරිභෝගික කේන්ද්‍රීය ප්‍රවේශය පිළිබිඹු කරමින් දැරිය හැකි මිලකට අව්‍යාජ අමතර කොටස් සපයයි.
AMW සමාගම ප්‍රමුඛ පෙළේ රක්ෂණ සමාගම් සමඟ සහයෝගීතාවයෙන් වාහන අනතුරු අලුත්වැඩියා වෙළඳපොළ තුළ සිය සේවාවන් පුළුල් කරමින් සිටියි. ඔරියන්ට් ඉන්ෂුවරන්ස් සමඟ ඔවුන්ගේ නවතම අවබෝධතා ගිවිසුම මගින් මෙම උත්සාහය සනාථ වේ. රක්ෂණ හිමියන් සඳහා පූර්ණ අලුත්වැඩියා සහ සහාය විසඳුම් ලබා දීමෙන් වාහන හිමියන්ට විශ්වාසදායක අත්දැකීමක් ලබා දීම වෙත අවධානය යොමු කළ සහයෝගීතාවක ආරම්භය සනිටුහන් කරමින්, ඔරියන්ට් ඉන්ෂුවරන්ස් හි ප්‍රධාන විධායක නිලධාරී සහ AMW හි ජ්‍යෙෂ්ඨ නිළධාරීන් විසින් නිල වශයෙන් මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කරන ලදී.
Orient Insurance සමඟ මෙම සහයෝගිතාව අනතුරු අලුත්වැඩියා වෙළඳපොළේ සේවා වර්ධනය කිරීම සඳහා AMW හි ඇති කැපවීම පෙන්නුම් කරයි. මෙම සහයෝගිතාව හරහා Orient Insurance පාරිභෝගිකයන්ට මහා මාර්ගයේ දී සහය ලබා දීම, විශේෂඥ කාර්මික ශිල්පීන්ගේ සහය, නිෂ්පාදකයන්ගේ ප්‍රමිතීන්ට අනුව වගකීම් සහිත body අලුත්වැඩියා ඇතුළු පුළුල් පරාසයක විහිදුණු අලෙවියෙන් පසු සේවාවන් යනාදී ප්‍රතිලාභ රැසක් අත්විඳීමට හැකියි. මෙම සහයෝගීතාවය විශ්වාසදායක, දැරිය හැකි සේවාවන් සහතික කරන අතර කර්මාන්තය තුළ සම්පූර්ණ අලුත්වැඩියා විසඳුම් සඳහා නව ප්‍රමිතියක් සකසයි.
මෙම සහයෝගීතාව හරහා AMW සමාගම ශ්‍රී ලංකාවේ මෝටර් රථ සහ අලෙවියෙන් පසු සේවා වෙළඳපොළවල ප්‍රමුඛයෙකු ලෙස සිය ස්ථානය තවදුරටත් ශක්තිමත් කරන අතර පාරිභෝගිකයන්ට සහ රක්ෂණ හිමිකරුවන්ට වටිනාකම, විශ්වාසය සහ විශිෂ්ට සේවා ලබා දීමේ සිය කැපවීම පෙන්නුම් කරයි