Euro Motors විසින් ප්රමුඛ පෙළේ ගෝලීය මෝටර් රථ නිෂ්පාදකයෙකු වන Dongfeng සමඟ හවුල්කාරිත්වයක් ආරම්භ කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත Dongfeng රථ පසුගියදා නිළ වශයෙන් BMICH හිදී හඳුන්වාදෙන ලදී. 1969 වසරේදී ආරම්භ කරන ලද Global Fortune 500 සමාගමක් වන Dongfeng මේ වන විට ලොව පුරා රටවල් 100කට අධික සංඛ්‍යාවක් පුරා ව්‍යාප්ත වී ඇති අතර වාහන මිලියන 60කට වැඩි සංඛ්‍යාවක් අලෙවි කර තිබේ. ශ්‍රී ලංකාවේ විද්‍යුත් වාහන පිළිබඳ සුවිශේෂී සන්ධිස්ථානයක් මෙම සහයෝගීතාවය ඔස්සේ සනිටුහන් කරයි.
මේ පිළිබඳව අදහස් දක්වමින් Euro Motor පෞද්ගලික සමාගමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී රවීන්ද්‍ර සේනාරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය. “උසස් තත්ත්වයේ රථ වාහන සහ ඉහළ විශ්වාසනීය සේවයක් දශක ගණනාවක් පුරාවට ලබාදෙමින් විශ්වසනීය සමාගමක් ලෙස පාරිභෝගික ගෞරවය දිනා ගැනීමට Euro Motors සන්නාමය ලෙස අපි සමත් වී තිබෙනවා. මෙම Dongfeng රථ අපගේ වාහන පෙළට එකතු කිරීම, බලාපොරොත්තු වනවාටත් වඩා උසස් විද්‍යුත් තාක්ෂණයකින් සහ කාර්යක්ෂමතාවයකින් නිර්මාණය වූ අනාගතයක් වෙත ළඟා වීමට ඉවහල් වනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එමෙන්ම යුරෝපීය වෙළෙඳපල මූලික අරමුණු කරගෙන නිෂ්පාදනය කරන ලද මෙම Dongfeng සන්නාමය මෙරට පාරිභෝගිකයන් වෙත හඳුන්වාදීම මඟින් මෙම කාණ්ඩයේ වාහන අතර ප්රමුඛයෙකු ලෙස ක්‍රියාත්මක වේ.”
ස්මාර්ට් තාක්ෂණය සහ ඉඩ පහසුකම් සහිතව දැරිය හැකි මිලකට සම්පූර්ණ විද්‍යුත් hatch back රථයක් ලෙස නිමවූ Dongfeng Box රථය මෙම කාණ්ඩයේ රථවාහන මාදිලි ප්‍රමුඛයා වේ. රිය ධාවනය පිළිබඳ නව්‍ය අත්දැකීමක්, සුවපහසුවක් සමඟ ඉහළ ගුණාත්මකභාවයක් ඇතුළු විශේෂාංග රැසක් මෙම රථය මඟින් ලබා දෙයි. සවිමත් මෙන්ම ඉහළ වටිනාකමක් සහිත මෙම Dongfeng රථ මාදිලියේ පළමු පාරිභෝගිකයන් 36 සඳහා විශේෂ හඳුන්වා දීමේ මිල රු. 9,750,000කින් ආරම්භ වන අතර එමඟින් මෙහි රු. 10,000,000 සාමාන්‍ය මිලෙන් රු. 250,000ක දීමනාවක් පිරිනමයි.
උසස් විශේෂාංග සහ ප්‍රමාණයන් හේතුවෙන් කැපී පෙනෙන Dongfeng Box රථය පළලින් 1810mm වන අතර එහි රෝද අතර පරතරය (Wheelbase) 2660mmක් වේ. එය මෙම රථ වාහනවල ඇති දිගුම රෝද පරතරය (Wheelbase) වන අතර එමඟින් රථයේ වැඩි ඉඩකඩක් සමඟ සුවපහසු ආසන 05ක් ලබාදෙයි. මෙම කාණ්ඩයේ අනෙකුත් රථවාහන අතර Dongfeng රථය පිටත පෙනුම හා එහි පවතින විශාල ඉඩ පහසුව , සුවපහසුව පාරිභෝගිකයන් වෙත ලබාදෙනු ලබයි. එමෙන්ම පසුපස අසුන් හි ගමන්ගන්නා මඟින් දණහිස් හා ඉදිරිපස ආසන අතර හොඳ පරතරයක් පවතින නිසා අපහසුතාවයකින් තොරව දිග දුරක් වුවත් ගමන් කළ හැකිය. අංශක 540ක කැමරා පද්ධතිය (panoramic camera ), ස්වයංක්‍රීයව වාහනය නැවැත්වීමේ හැකියාව, මනා වාතාශ්‍රයක් සහිත ඉදිරිපස ආසන සහ 2 වන මට්ටමේ ADAS ආරක්ෂණ තාක්ෂණය වැනි ඉහළ මට්ටමේ විශේෂාංග රාශියකින් සමන්විත මෙම Dongfeng Box රථ දෛනික ගමනාගමන කටයුතු සඳහා සුදුසු වේ. තරඟකාරී අනෙකුත් රථ වාහනවලට සාපේක්ෂව දැරිය හැකි මිලකට උසස් පහසුකම් මෙම Dongfeng Box රථය මඟින් පාරිභෝගිකයාට ලබාදෙයි.
Euro Motors පෞද්ගලික සමාගමේ විධායක අධ්යක්ෂ සමීර් ඉම්ටියාස් මහතා මේ සම්බන්ධයෙන් සිය අදහස් එකතු කළේ මෙසේය. “Euro Motors සමාගමේ මෙන්ම මෝටර් රථ කර්මාන්තයේ ආකර්ෂණීය නව පරිච්ඡේදයක් මෙම Dongfeng රථය දේශීය වෙළෙඳපලට හඳුන්වාදීම මඟින් ආරම්භ වෙනවා. Dongfeng Box යනු එම පරිච්ඡේදයේ ආරම්භය පමණි. ඉදිරියේදී විද්‍යුත් වාහන කර්මාන්තය තුළ තාක්ෂණය, වටිනාකම සහ නවෝත්පාදනය පිළිබඳ නව මිණුම් සලකුණු තබන රථ වාහන රාශියක්ම හඳුන්වාදීමට අපි අපේක්ෂා කරනවා.”
ශ්‍රී ලංකාව වෙත Dongfeng විසින් සේවා ප්රතිලාභ කිහිපයක් ද හඳුන්වා දී තිබේ. අමතර කොටස් සහ ඒ පිළිබඳ සේවාව ඇතුළුව වසරක් හෝ කිලෝමීටර 20,000ක නොමිලේ කම්කරු සේවාවක් මෙන්ම අමතර වියදමකින් තොරව තවත් වසර 03ක් හෝ කිලෝමීටර 60,000ක් සඳහා කම්කරු සේවාවක් ඊට ඇතුළත් වේ. එමෙන්ම සෑම වාහනයකටම අමතර ගාස්තුවකින් තොරව නිවසේදී සහ සංචාර අවස්ථාවලදී භාවිතය සඳහා ආරෝපණ සහ බැටරි මෙන්ම Drive train සහ බැටරි සඳහා කිලෝමීටර් 200,000ක වගකීමක් ද හිමි වේ. ලිසිං පහසුකම් වාහනයේ වටිනාකමෙන් 90%ක් දක්වා ලබා ගැනීමේ හැකියාව ද මෙමඟින් ලබාදීම ඔස්සේ විවිධ මට්ටම්වල සිටින විශාල පාරිභෝගික ජනතාවකට මේ සඳහා පහසුවෙන් ප්‍රවේශ විය හැකි මග සකස් කර දී තිබේ.
මෙම වසරේ ඔක්තෝබර් සහ දෙසැම්බර් මාස වලදී තවත් නවීන වාහන මාදිලි රැසක් හඳුන්වාදීමට Euro Motors සහ Dongfeng බලාපොරොත්තු වේ. Dongfeng ශ්‍රී ලංකාව වෙත හඳුන්වාදීම දිගුකාලීනව මෙරට මෝටර් රථ කර්මාන්තය තුළ පාරිභෝගිකයන් වෙත දැනෙන නව්‍ය වෙනසක් ඇතිකිරීම මූලික අරමුණ කරගන්නා අතර විද්‍යුත් වාහන ප්රමුඛයෙකු ලෙස Dongfeng රථය ශ්‍රී ලංකාව තුළ සකස් සකස් කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.