DIMO Mega Fiesta 2025 යාපනයේ දී දියත් කරයි

Tata වාහන සඳහා මෙරට බලයලත් බෙදාහරින්නා ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන DIMO, පසුගියදා යාපනයේ දී DIMO Mega Fiesta 2025 සාර්ථකව දියත් කරන ලදී.  ජුනි 24 සිට 28 දක්වා පැවැති මෙම දැවැන්ත Tata වෙළඳ වාහන සේවා කදවුර ඔස්සේ කලාපයේ ප්‍රවාහන කටයුතු සවිමත් කිරීම උදෙසා DIMO දක්වන සුවිශේෂී කැපවීම මැනවින් ඉස්මතු විය.

මෙහිදී Tata වෙළඳ වාහන නොමිලේ පරික්ෂාව සහ උපදේශන සේවාවන් ලබා ගැනීම සඳහා විශාල පිරිසක් සහභාගී වී සිටි අතර වාහනවල බිඳවැටීම් වළක්වා ගැනීම සඳහා නඩත්තු කිරීමේ වැදගත්කම, Tata ජෙනුයින් අමතර කොටස් භාවිතය සඳහා දිරිගැන්වීම මෙන්ම සිදුවිය හැකි යාන්ත්‍රික ගැටළු කල්තියා හඳුනා ගැනීම ආදී කරුණු සම්බන්ධයෙන් පාරිභෝගිකයන් දැනුවත් කිරීම සහ ඒ වෙනුවෙන් ඔවුන්ට සහයෝගය ලබා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ විය. තවද, මෙහිදී Tata ජෙනුයින් අමතර කොටස් සඳහා 50%ක් දක්වා වට්ටම් සහ DIMO නිෂ්පාදන සඳහා සුවිශේෂී දීමනා රැසක් ද පාරිභෝගිකයන් වෙත පිරිනැමිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් DIMO හි Automotive Engineering Solutions හි ප්‍රධාන මෙහෙයුම් නිලධාරී මහේෂ් කරුණාරත්න මහතා මෙසේ ප්‍රකාශ කළේය. “වෙළඳ වාහන හිමිකරුවන්, කලාපීය ආර්ථිකයේ කොඳුනාරටිය ලෙස හඳුන්වන්න පුළුවන්. ඔවුන් භාවිතා කරන වාහනවල විශ්වසනීයත්වය ඔවුන්ගේ ජීවනෝපායේ රඳා පැවැත්ම කෙරෙහි මහත් බලපෑමක් ඇති කරනවා. අපගේ පාරිභෝගික ජනතාව වෙත විශේෂඥ දැනුමක්, මෙන්ම තාක්ෂණික සේවාවන්  ලබාදීමට ද යාපනයේ පැවැති DIMO Mega Fiesta 2025 ඔස්සේ අපට හැකියාව ලැබුණා. කලාපීය ප්‍රවාහන කටයුතු සවිමත් කිරීමට මෙන්ම අපගේ පාරිභෝගික ජනතාවගේ ඵලදායිතාව ඉහළ නැංවීමට DIMO දක්වන නොසැලෙන කැපවීම මෙමඟින් හොඳින් ප්‍රදර්ශනය වෙනවා.” 

මෙම  වැඩසටහන මගින් DIMO Retail, DIMO Agri Machinery, Tata Passenger සහ Commercial Vehicles sales අංශයන් මෙන්ම  බැංකු, ලීසිං සමාගම් සහ රක්ෂණ සමාගම්වල නියෝජිතයන් ඇතුළු විවිධ සේවාවන් රැසක් එකම වහලක් යටට ගෙන එන ලදී. පාරිභෝගික ජනතාවට සිය වාහන මිලදී ගැනීම සඳහා සුදුසු මූල්‍ය විසඳුම් මෙන්ම ඒ පිළිබඳ උපදේශන සේවාවන් එම ස්ථානයේදීම පහසුවෙන් ලබාගැනීමට මෙහිදී හැකියාව ලැබුණි.

DIMO Mega Fiesta 2025 ඔස්සේ වෙළඳ වාහන සේවාවන් පමණක් නොව එහි පැමිණි සියලු දෙනා සඳහා නොමිලේ අක්ෂි, දන්ත සහ සෞඛ්‍ය පරික්ෂාව ද සංවිධානය කර තිබිණි.

මේ පිළිබඳව තවදුරටත් කරුණු දක්වමින් මහේෂ් කරුණාරත්න මහතා මෙසේ සිය අදහස් එකතු කළේය. “අපගේ ඉලක්කය වන්නේ වාහන සේවා සැපයීම පමණක් නොවෙයි. වෘත්තීයමය වශයෙන් මෙන්ම පෞද්ගලිකව ද පරිපූර්ණ වටිනාකමක් අපගේ පාරිභෝගික ජනතාව වෙත පිරිනැමීමට අපි අපේක්ෂා කරනවා. සම්ප්‍රදායික අලෙවියෙන් පසු සේවා සැපයීමේ ක්‍රමවේදයන් අතික්‍රමණය කරමින් අපගේ පාරිභෝගික ජනතාව සමඟ ශක්තිමත් සම්බන්ධතා ගොඩනඟා ගැනීමට මෙවැනි වැඩසටහන් අපිට උපකාරී වෙනවා.”

Tata වෙළඳ වාහන සඳහා අවශ්‍ය  ග්‍රීස් කිරීම සමඟ ලිහිසිකරණ සේවා, ධාවන අලුත්වැඩියාව, එන්ජින් අලුත්වැඩියාව සහ ඒකක අලුත්වැඩියාව මෙන්ම අනතුරුවලට ලක්වූ වාහන සම්පූර්ණයෙන් ටින්කරින් කිරීම සහ පින්තාරු කිරීම ඇතුළු සේවාවන් රැසක්  DIMO යාපනය ශාඛාව හරහා පාරිභෝගිකයන්ට පිරිනමයි.

DIMO Mega Fiesta 2025 වැඩසටහන වෙත පාරිභෝගික ජනතාවගේ ඉමහත් ප්‍රසාදය හිමි වූ අතර නොමිලේ වාහන පරීක්ෂා කිරීම, නියම අමතර කොටස් ලබා ගැනීමට හැකි වීම, විශේෂඥ මග පෙන්වීම සහ සෞඛ්‍ය පරීක්ෂාවන් සහ සේවාවන් ඔවුහූ සැබවින්ම අගය කළහ. මෙම අවස්ථාව සමඟ සම්බන්ධ වී සිටි DIMO හි විශේෂඥ කාර්මික ශිල්පීන් විසින් වාහනයේ දිගුකාලීන පැවැත්ම සහ ක්‍රියාකාරිත්වය පවත්වා ගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර පිළිබඳව වාහන හිමියන් දැනුවත් කළ අතර පාරිභෝගික ජනතාව, තාක්ෂණික මග පෙන්වීම සහ ක්‍රියාකාරී නඩත්තු සහාය ඔස්සේ  සවිබල ගැන්වීම මෙහිදී සිදු විය.

සියලු සේවා අංශ එකට සම්බන්ධ කරමින් පාරිභෝගික ජනතාව වෙත සුවිශේෂී වටිනාකමක් ලබා දුන් යාපනයේ පැවැති DIMO Mega Fiesta 2025 මඟින් ප්‍රජාවන්ගේ සිහින හා අභිලාෂයන් බලගැන්වීම පිළිබඳ DIMO හි කැපවීම මැනවින් විදහා දැක්විණි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *