ජනශක්ති ෆිනෑන්ස් හි “ටුක් කෑම්පේන්” 2025 SLIM DIGIS 2.5 හිදී සම්මානයට පාත්‍ර වෙයි

පෙර ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී නමින් හඳුන්වන ලද ජනශක්ති සමූහයට (JXG) අනුබද්ධිත ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී, 2025 SLIM DIGIS 2.5 සම්මාන උළෙලේ දී සම්මානයට පාත්‍ර වීම සාඩම්බරයෙන් නිවේදනය කරයි. මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සේවා අංශයේ ඩිජිටල් තාක්ෂණයෙන් මෙහෙයවනු ලබන, නවෝත්පාදනයන්ට සහ පාරිභෝගිකයින්ට සෑම විටම ප්‍රමුඛස්ථානය දෙන මූල්‍ය විසඳුම් සපයන්නෙකු ලෙස සමාගමේ ස්ථාවරය තවදුරටත් ශක්තිමත් කරයි.

මෙවර සම්මාන උළෙලේදී, ‘ඩිජිටල්/සමාජ වේදිකා ඒකාබද්ධ කිරීම (Digital/Social Platform Integration) සඳහා රිදී සම්මානය සහ ‘බැංකු, මූල්‍ය සහ රක්ෂණ සන්නාම සඳහා අලෙවිකරණ ව්‍යාපාරයක ඩිජිටල් මාධ්‍යයේ හොඳම භාවිතය’ (Best Use of Digital in a Marketing Campaign for Banking, Finance and Insurance Brands) සඳහා වන රිදී සම්මානය වශයෙන් සම්මාන දෙකක් දිනා ගැනීමට සමාගම සමත් විය. 2024 ඔක්තෝම්බර් මාසයේදී හඳුන්වා දුන් “ටුක් සගයා” වැඩසටහන අගයමින් මෙම සම්මාන හිමි වූ අතර එම වැඩසටහන ශ්‍රී ලාංකේය සංස්කෘතිය සමඟ හොඳින් මුසු වීම, නිර්මාණාත්මක දිගහැරීම සහ ඩිජිටල් ප්‍රවේශයක් භාවිත කිරීම හේතුවෙන් කැපී පෙනුණි.

ජනශක්ති ෆිනෑන්ස් හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී සිතම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා 

ශ්‍රී ලාංකේය ජන ජීවිතයේ අනිවාර්ය අංගයක් වන ත්‍රිරෝද රථ ප්‍රජාව ඇගයීමට ලක් කළ මෙම වැඩසටහන, ජනශක්ති ෆිනෑන්ස් සමාගම හුදෙක් මූල්‍ය සේවා සපයන්නෙකු ලෙස පමණක් නොව, ඔවුන්ගේ ජීවනෝපාය සවිබල ගන්වන සහ ජීවන ගමනට ශක්තියක් වන විශ්වාසවන්ත සහකරුවෙකු ලෙස ද ස්ථානගත කළේය. මෙම වැඩසටහන, Facebook, Instagram, සාම්ප්‍රදායික මාධ්‍ය සහ ප්‍රායෝගික වැඩසටහන් කිහිපයක් හරහා දිවයින පුරා සිටින ගනුදෙනුකරුවන් සමඟ වඩා ශක්තිමත් චිත්තවේගීය සම්බන්ධතා ගොඩනගා ගැනීමට සමත් විය.

තවද, මෙම වැඩසටහන පහත දැක්වෙන කැපී පෙනෙන ප්‍රතිඵල ද ලබා ගත්තේය.

  • මිලියන 6.5කට අධික පිරිසකට ඩිජිටල් මාධ්‍ය ඔස්සේ ළඟා වීම
  • මිලියන 21කට අධික Impressions ප්‍රමාණයක් ලබා ගැනීම.
  • මිලියන 1.4ක් හා සම්බන්ධ වීම.
  • මෙය පුද්ගලයන්, බලපෑම් කරන්නන් (Influencers) සහ ප්‍රජා කණ්ඩායම් විසින් විශාල වශයෙන් බෙදා හැරීම.
ජනශක්ති සමූහය ව්‍යාපාරයේ (JXG) සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ගාමික ද සිල්වා මහතා

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරී, සිතම්බරම් ශ්‍රී ගනේන්ද්‍රන් මහතා මෙසේ පැවසීය. “මෙම සම්මානය ඩිජිටල් විශිෂ්ටත්වය සහ නවෝත්පාදනය කෙරෙහි සමාගමේ අවධානය පිළිබිඹු කරනවා. උපායමාර්ගික සැලසුම්කරණය, නිර්මාණශීලීත්වය සහ සහයෝගීතාව තුළින් අපගේ ගනුදෙනුකරුවන් සඳහා ආකර්ෂණීය සහ අර්ථවත් අත්දැකීම් ලබා දිය හැකි බව පෙන්වීමට මෙම ටුක් වැඩසටහන කදිම නිදසුනක්. ඒ වගේම මූල්‍ය සේවා අංශය තුළ ඩිජිටල් අලෙවිකරණය සඳහා නව මිනුම් සලකුණු තැබීමට ශක්තියක් වූ අපගේ කණ්ඩායමේ කැපවීම ගැන මම ආඩම්බර වෙනවා. තවද, නායකත්ව කණ්ඩායම වශයෙන්, තාක්ෂණය සහ දත්ත මත පදනම් වූ නිගමන උපයෝගී කරගනිමින් ගනුදෙනුකරුවන්ගේ අනාගත අවශ්‍යතා හඳුනා ගැනීමටත්, සමාගම තිරසාර වර්ධනයක් කරා මෙහෙය වීමටත් අපි කැප වී සිටිනවා. මෙම ජයග්‍රහණය, ශ්‍රී ලංකාවේ මූල්‍ය සේවාවල අනාගතය නැවත අර්ථ දැක්වෙන මෙවැනි පුරෝගාමී වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීමට අපව දිරිමත් කරනවා”

ජනශක්ති සමූහය ව්‍යාපාරයේ (JXG) සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ගාමික ද සිල්වා මහතා, ගනේන්ද්‍රන් මහතාගේ අදහස් සමඟ එකඟතාව පළ කරමින් මෙසේ පැවසීය. “අපි බලාපොරොත්තු වූ පරිදිම ‘ටුක් සගයා’ වැඩසටහන, නිර්මාණශීලීත්වය තුළින් දිවයින පුරා සිටින ජනතාව වෙත ළඟා වී අර්ථවත් සම්බන්ධතා ඇති කර ගැනීමට සමත් වුණා. නිර්මාණශීලිත්වය ඵලදායී ලෙස භාවිතා කරමින්, මෙම වැඩසටහන පුළුල් ප්‍රේක්ෂක පිරිසක් හා සම්බන්ධ වූවා පමණක් නොව, ජනතාවගේ ජීවනෝපායන්ට සහාය වීමට සහ ඔවුන්ගේ ජීවන ගමන නංවාලීමට ද උපකාරී වුණා. මෙම සම්මානය දිනාගත් එකම මූල්‍ය සේවා සමාගම වීම ගැන ජනශක්ති ෆිනෑන්ස් ආඩම්බර වෙනවා වගේම මෙම වැඩසටහන ඉතා ඵලදායී හා අර්ථවත් ලෙස ශ්‍රී ලංකාව පුරා කැපී පෙනෙන බලපෑමක් ඇති කළා.”

ඩිජිටල් අලෙවිකරණ විශිෂ්ටත්වයන් හඳුනා ගන්නා ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන SLIM DIGIS සම්මාන උළෙල,  විවිධ කර්මාන්තවල නිර්මාණශීලීත්වය, නවෝත්පාදනය සහ ඵලදායීත්වය ඇගයීමට ලක් කරයි. ව්‍යාපාර, අලෙවිකරණය සහ ඩිජිටල් උපාය මාර්ග පිළිබඳ ගෞරවනීය වෘත්තිකයින් කිහිප දෙනෙකු විසින් ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව විනිශ්චය කරනු ලබන මෙම සම්මාන, කලාපයේ ඩිජිටල් ක්ෂේත්‍රය හැඩගස්වන විශිෂ්ට කාර්යයන් ඇගයීමට ලක් කිරීම වෙනුවෙන් පිරිනමයි.

ඔරියන්ට් ෆිනෑන්ස් පීඑල්සී වෙතින් ජනශක්ති ෆිනෑන්ස් පීඑල්සී ලෙස මෑතක දී සිදු කරන ලද උපායමාර්ගික සන්නාමකරණයෙන් පසු, SLIM DIGIS 2.5 සම්මාන උළෙලේ දී ජනශක්ති ෆිනෑන්ස් හිමි කරගත් මෙම ජයග්‍රහණය සමාගමේ ගමන්මගේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරයි. වසර 44කට අධික විශ්වාසය සහ ස්ථාවරත්වය සමඟින් ශාඛා 37කින් යුත්, වර්ධනය වන සේවා ජාලයේ සහ ජනශක්ති සමූහයේ සහය ද ඇතිව, සමාගම සිය අභිමානවත් උරුමය ඉදිරියට ගෙන යයි. ජනශක්ති ෆිනෑන්ස්, ගනුදෙනුකරුවන් කේන්ද්‍ර කර ගත් දැක්ම ක්‍රියාවට නංවමින්, ඩිජිටල් පරිවර්තනයන් ඔස්සේ වැඩි පිරිසකට මූල්‍ය පහසුකම් ලබා දීමට සහ දිගුකාලීන වටිනාකමක් අත්පත් කර දීමට අඛණ්ඩව කටයුතු කරයි.

අවසානයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *