ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය 2025 වසරේ ‘‘විශිෂ්ටතම කාන්තාව” ලෙස පිදුම් ලබයි.

ස්වදේශී කර්මාන්තායතනයේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සියවස් සැමරුමට සමගාමීව පැවැත්වුණු Top C සඟරා උත්සවයේ දී, 2025 වසරේ ‘‘විශිෂ්ටතම කාන්තාව” (Iconic Woman 2025) ලෙස ස්වදේශී  සමාගමේ සභාපතිනි අමරි විජයවර්ධන මැතිණිය සම්මානයට පාත්‍ර විය. සමාගම ලැබූ විශාලතම ගෞරවයක් සේ සලකන මෙම සම්මානය,  කාන්තාවන් සවිබල ගැන්වීම, ශ්‍රී ලාංකේය උරුමය සංරක්ෂණය කිරීම සහ සදාචාරාත්මක ව්‍යාපාර පිළිවෙත් තුළින් තිරසාර වර්ධනයක් සඳහා ඇය විසින් ලබා දුන් විශිෂ්ට නායකත්වය, දැක්ම සහ කැපවීම වෙනුවෙන් පිරිනමන ලදී.

ස්වදේශී කර්මාන්තායතනයේ නියෝජ්‍ය සභාපතිනි/කළමනාකාර අධ්‍යක්ෂිකා චුලෝධරා සමරසිංහ මැතිණිය, “අපගේ සභාපතිනිය ස්වදේශී සමාගමේ ශක්තිය හා දැක්ම බවට පත්ව සිටිනවා. ඇයගේ නායකත්වය යටතේ අපගේ නිෂ්පාදන පෙළ පුළුල් කිරීම, නව වෙළඳපොළවල් වෙත පිවිසීම සහ ගුණාත්මකභාවය රැක ගනිමින් නවෝත්පාදන ප්‍රවර්ධනය කිරීමට අපට හැකියාව ලැබුණා. තවද ඇය සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරන, ශාක මත පදනම් වූ සහ පරිසර හිතකාමී නිෂ්පාදන ක්‍රියාවලි වෙනුවෙන් අපට සහයෝගය ලබා දුන්නා. ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීමට  ලක්ව තිබීම, අපගේ සමාගමේ ඉදිරි පිළිවෙත් පරිසර හිතකාමී, සදාචාරාත්මක තෝරා ගැනීම් සිදු කිරීමට පාරිභෝගිකයින්ට උපකාර කිරීම සඳහා වූ කැපවීම පිළිබඳ සාක්ෂියක්. නායකත්වයන් දරන කාන්තා ප්‍රජාව වෙත ඇය ආදර්ශයක්. දේශීය උරුමය තුළින් පිහිටුවා ඇති සමාගමක් ලෙසත්, තිරසාර සහ සදාචාරාත්මක සුන්දරත්වය සංවර්ධනය කිරීමට නිරන්තරයෙන් කටයුතු කරන සමාගමක් ලෙසත් ස්වදේශී සමාගම ඉදිරියට ගෙන යාමට ඇයගේ ජයග්‍රහණ අපව දිරිමත් කරනවා.” යනුවෙන් මේ පිළිබඳව අදහස් දැක්වීය.

සැබෑ ශ්‍රී ලාංකේය සමාගමක් ලෙස ස්වදේශී ශ්‍රී ලංකාවේ සංස්කෘතිය හා සාම්ප්‍රදායික උරුමය ආරක්ෂා කිරීමේ සහ ප්‍රවර්ධනය කිරීමේ සිය වගකීම අඛණ්ඩව පවත්වා ගෙන යයි. දිවයින පුරා පූජනීය ස්ථාන ආලෝකමත් කරමින්, විජයවර්ධන මැතිණිය විසින් “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය” වැනි වැඩසටහන් මෙහෙයවා ඇති අතර, එමඟින් ජාතියේ උරුමය සුරක්ෂිත කිරීමේ වැදගත්කම පිළිබඳව තරුණ පරම්පරාව දැනුවත් කරමින් ජාතික උරුමය පෝෂණය කිරීමට දායක වී ඇත.

2013 වසරේ දී, අමරි විජයවර්ධන මැතිණියගේ මඟපෙන්වීම යටතේ සිරි දළදා වහන්සේ වැඩසිටි ඓතිහාසික දඹදෙණිය රජ මහා විහාරයේ සිතුවම් පිළිසකර කර, එහි පැරණි ශ්‍රී විභූතිය යළි ගෙන ඒමට දායක වී ඇත. දේශීය උරුමය සංරක්ෂණය වෙනුවෙන් ස්වදේශී සමාගමේ කැපවීම මෙවැනි වැඩසටහන් තුළින් කැපී පෙනෙන අතර, එමඟින් සංස්කෘතික අභිමානය ශක්තිමත් කරමින් ප්‍රජාවන් ද දියුණු කරයි.

ස්වදේශීය ව්‍යාපාරයක් ලෙස ස්වදේශී කර්මාන්තායතනය, සියලු ශ්‍රී ලාංකිකයන්ගේ යහපත වෙනුවෙන් සමාජය ගොඩ නැංවීමේ සත්කාර වැඩසටහන් වෙත සිය අඛණ්ඩ අවධානය යොමු කර ඇත. ස්වදේශී කොහොඹ සන්නාමය සොබාදහමේ ආරක්ෂාව සහ සංස්කෘතික වටිනාකම් ඉහළ නැංවීම උදෙසා තිරසර ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම වෙනුවෙන් කැප වී සිටියි. සමාගමේ බොහෝ සමාජීය වැඩසටහන් තුළින් ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය ඔස්සේ දිවයින පුරා විහාරස්ථානවල වාර්ෂික ආලෝකකරණයට දායක වෙමින් “ස්වදේශී කොහොඹ ආලෝක පූජා සත්කාරය”, කොහොඹ රුක් රෝපණ ව්‍යාපෘතිය “ස්වදේශී කොහොඹ මිහිතල සත්කාරය”, වියළි කලාපයේ පාසල් සහ විහාරස්ථාන සඳහා ජල ටැංකි පරිත්‍යාග කිරීම “ස්වදේශී කොහොඹ ගමට සත්කාරය”, ළදරු රැකවරණය පිළිබඳ මවුවරුන් දැනුවත් කරන “ස්වදේශී කොහොඹ බේබි  මාතෘ සත්කාරය” ලෙස ප්‍රජා සත්කාර වැඩසටහන් ශ්‍රී ලංකාව පුරා සිදු කිරීමට ස්වදේශී කර්මාන්තායතනය කටයුතු කරයි.

“ශ්‍රී ලංකාවේ පෞද්ගලික ශාකසාර නිෂ්පාදනයේ පුරෝගාමී සමාගමක් ලෙස අපි අපගේ සියලුම නිෂ්පාදන සඳහා භාවිතා කරන ශාකසාර අමුද්‍රව්‍යවල ක්‍රියාකාරී ප්‍රතිලාභ පිළිබඳව පාරිභෝගිකයන් දැනුවත් කිරීමට කැමැත්තෙන් සිටිමු. අප හොඳම ශ්‍රී ලංකීය ශාකසාර පමණක් භාවිතා කරන අතර, සෑම අමු ද්‍රව්‍යයක්ම පුළුල්ව පරීක්ෂණයන්ට ලක් කිරීමෙන් අනතුරුව නිෂ්පාදන සඳහා භාවිත කරයි. ස්වදේශී සියලු නිෂ්පාදන 100%ක් ශාකසාර අමු ද්‍රව්‍ය අඩංගු නිෂ්පාදන වන අතර, සතුන් ආශ්‍රිත පර්යේෂණ සිදු නොකරයි. ස්වදේශී කොහොඹ , රාණි සඳුන් , ස්වදේශී කොහොඹ බේබි ඇතුළු ස්වදේශී නිෂ්පාදන බ්‍රිතාන්‍ය නිර්මාංශ සංගමයේ පිළිගැනීම ලත් එකම ශ්‍රී ලාංකේය නිෂ්පාදන පෙළයි.” මෙය සමාගමේ ඉදිරි චින්තන භාවිතයන් මෙන්ම පාරිභෝගිකයන් සදාචාරාත්මක හා පරිසර හිතකාමී තෝරා ගැනීම් වෙත යොමු කිරීමට සමාගමේ ඇති කැමැත්ත පෙන්වන මිනුමකි. ස්වදේශී කර්මාන්තායතනය සෑම විටම සිය නිෂ්පාදනවල සෞඛ්‍යයමත්බව හා පාරිසරික බලපෑම සලකා ඇති අතර, එයට ප්‍රමුඛත්වය ලබා දෙමින් අඛණ්ඩව නිෂ්පාදන සිදු කරයි. ශ්‍රී ලාංකික සමාගමක් වන ස්වදේශී,  පසුගිය දශක 08 තුළ කර්මාන්ත ප්‍රමුඛතා ගණනාවක් අත්කර ගෙන ඇත.

ශාකසාර සබන් නිෂ්පාදනයේ පුරෝගාමියා සහ වෙළඳපල ප්‍රමුඛයා වන ස්වදේශී කර්මාන්තායතනය 1941 වසරේ ආරම්භ කරන ලද අතර ISO 9001 – 2015 සහතිකය ලත් සමාගමකි. ස්වදේශී කර්මාන්තායතනය මගින් වෙළඳපලට නිකුත් කරන ජනප්‍රිය වෙළඳ නාම අතර ස්වදේශී කොහොඹ, රාණි සදුන්, ස්වදේශී කොහොඹ බේබි, පර්ල්වයිට්, සේෆ් ප්ල්ස්, ලක් බාර්, බ්ලැක් ඊගල් පර්ෆියුම්, කොහොඹ සහ රාණි ෂවර් ක්‍රීම් නිෂ්පාදන පෙළ ඇතුලත් වේ. එසේම ස්වදේශී විසින් ශ්‍රී ලංකාවේ අංක 01 ශාකසාර සන්නාමය, ස්වදේශී කොහොඹ සහ රුව දිදුලන රාණි සදුන් නිෂ්පාදනය හා අලෙවිය සිදු කරයි.

සියලුම ස්වදේශී නිෂ්පාදන ශ්‍රී ලංකා සෞඛ්‍යය අමාත්‍යාංශයේ ජාතික ඖෂධ නියාමන අධිකාරිය (NMRA) යටතේ ලියාපදිංචි කර ඇති අතර ස්වදේශී නිෂ්පාදනවල භාවිතා වන සියලුම සුවඳ විලවුන් ගෝලීයව පිළිගත්, ජාත්‍යන්තර සුවඳ විලවුන් සංගමය (IFRA) විසින් සහතික කර ඇති අතර ISO 9001 – 2015 ප්‍රමිතීන් යටතේ නිෂ්පාදනය කෙරේ.

අමරි විජයවර්ධන මහත්මිය ඇයගේ දූරදර්ශී නායකත්වය තුළින් ස්වදේශි හි විශිෂ්ටත්වය සඳහා අඛණ්ඩව මඟ පෙන්වන අතර, සමාගම ශ්‍රී ලාංකේය උරුමයන් මත ගැඹුරින් මුල් බැස ගනිමින්, අනාගතය සඳහා තිරසාර රූපලාවන්‍ය නිෂ්පාදන සංවර්ධනය කිරීම සහතික කරයි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *