සම්පූර්ණ තහනම ප්‍රතික්ෂේප කරන ‘Prohibition Does Not Work’ වාර්තාව, අවදානම අඩු කළ හැකි විකල්ප සඳහා නියාමනයක් ඉල්ලා සිටී

ආර්. පෙරේරා විසින් ලියන ලද්දකි.

ජාත්‍යන්තර චින්තන කණ්ඩායමක් වන ‘Prohibition Does Not Work’ (PDNW) විසින් වාර්තාවක් ප්‍රකාශයට පත් කරමින්, නිකොටින් නිෂ්පාදන තහනම් කිරීම හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රතිවිපාක වලට මුහුණ දීමෙන් වැළකී සිටින ලෙස රටවලින් ඉල්ලා සිටී. මෙවැනි, අවදානම අඩු කළ හැකි නිෂ්පාදන සඳහා සම්පූර්ණ තහනමක් පැනවීමෙන් බරපතළ ප්‍රතිවිපාක අත්කර ගත් රටවල් පිළිබඳ ඕනෑ තරම් උදාහරණ පවතී.

ඕස්ට්‍රේලියාව සහ බ්‍රසීලය සම්බන්ධයෙන් සිදු කර ඇති අධ්‍යයනයන් සැලකිල්ලට ගනිමින් මෙම වාර්තාව අවධාරණය කරනුයේ තහනම් කිරීම ප්‍රතිඵලදායක නොමැති බවයි. රජයන් විසින් තහනම් පැනවූ රටවල්වල දත්ත පෙන්නුම් කරන පරිදි දුම්පානය කිරීමේ අනුපාත නොවෙනස්ව ස්ථාවරව පැවතීම හෝ ඉහළ යාම සිදුවී ඇත. තවද නීතිවිරෝධී වෙළඳාම විශාල ලෙස එම රටවල් වල ව්‍යාප්ත වී ඇත. මෙහි ප්‍රතිඵලයන් ලෙස රාජ්‍යයන් දෙආකාරයකට පරාජයට පත්ව ඇත. එනම් මහජන සෞඛ්‍ය වැඩි දියුණු නොවීම සහ නියාමනයෙන් තොර කළු කඩ සීඝ්‍රයෙන් වර්ධනය වී ඇත. ඕස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ දත්ත අනුව, 2018 වසර (12.3%) සහ 2023 වසර (11.8%) අතර දුම්පානය කිරීමේ අනුපාතයේ කිසිඳු වෙනසක් සිදු වී නොමැත. එපමණක් නොව, 2024 වසරේ සැප්තැම්බර් මාසයේ දී 13.2%ක් වූ අනුපාතය 2025 වසරේ මැයි මාසය වන විට 13.5%ක් දක්වා ඉහළ ගොස් ඇති බව Ray Morgan හි නවතම දත්ත අනාවරණය කිරීම කනස්සල්ලට කරුණකි.

මෙවැනි තහනම් කිරීම් මගින් නීත්‍යානුකූල ව්‍යාපාරවලට නියාමනය කරන ලද නිෂ්පාදන විකිණීම සීමා කරයි. එමගින්, වයස් සීමාවන් සහ නිෂ්පාදන ආරක්ෂණ ප්‍රමිතීන් නොසලකා හරින නීති විරෝධී වෙළඳුන්ට වෙළඳපොළ පාලනය හිමි වේ. මෙහි ප්‍රතිඵලයන් වන්නේ දුම් පානය කරන්නන් සඳහා නියාමනය කරන ලද අවදානම අඩු කළ හැකි විකල්ප භාවිතය වෙනුවට ඉහළ අවදානමක් සහිත නියාමනය නොකරන ලද නිෂ්පාදන භාවිත කිරීමට සිදුවීමයි. දැඩි සීමා කිරීමේ ප්‍රතිපත්ති ඇති රටවල, දුම් පානය කරන වැඩිහිටි පුද්ගලයින්ට සාමාන්‍ය සිගරට් භාවිතයෙන් මාරු වීමට ඇති හැකියාව අඩු බව වාර්තාව පෙන්වා දෙයි. එබැවින්, නියාමනය කරන ලද, දුම් රහිත නිකොටින් විකල්ප නිකොටින් නිෂ්පාදන සඳහා අවසර දී ඇති රටවලට සාපේක්ෂව එවැනි රටවල දුම්පානය අනුපාතය ඉහළ මට්ටමක පවතී.

නිකොටින් නිෂ්පාදන තහනම් කළ රටවල් මෙන් නොව, එක්සත් රාජධානිය, නවසීලන්තය සහ ස්වීඩනය සිය දුම්කොළ පාලන උපාය මාර්ගවලට වාෂ්ප (vapour) සහ අනෙකුත් අවදානම අඩු කළ හැකි නිකොටින් නිෂ්පාදන ඇතුළත් කරමින් විද්‍යාව මත පදනම් වූ ප්‍රවේශයන් භාවිතා කර ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම රටවල්වල දුම්පාන අනුපාතය වාර්තාගත ලෙස අඩු වී ඇති අතර, ආරක්ෂිත විකල්ප ඇති විට, එය මහජන සෞඛ්‍යය බෙහෙවින් වැඩිදියුණු කරන බව පැහැදිලිව පෙන්වා දී ඇත.

PDNW වාර්තාව, අනෙකුත් රටවල් අධ්‍යනය කිරීමෙන් වඩා දක්ෂ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට දැනට අද්විතීය අවස්ථාවක් ඇති රටක් ලෙස මැලේසියාව හඳුන්වා දෙයි. මැලේසියාව විසින් පාරිභෝගිකයින්ට ආරක්ෂිත, නියාමනය කරන ලද දුම් රහිත නිකොටින් නිෂ්පාදන සඳහා ප්‍රවේශය ලබා දීම කෙරෙහි ප්‍රමුඛතාව ලබාදිය යුතු බව සහ නියාමනය නොකළ වාෂ්ප නිෂ්පාදන අලෙවි කරන නීති විරෝධී වෙළඳුන් නැවැත්වීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව වාර්තාව මගින් පෙන්වා දෙයි. පාරිභෝගිකයින්ට දඬුවම් ලබා දෙනවා වෙනුවට, නීතිය විසින් කළු කඩ සැපයුම් දාමයන් ඉලක්ක කළ යුතු බවත්, එමගින් තහනමෙන් ලාභ ලබන නීතිවිරෝධී ජාලයන් විසුරුවා හැරිය හැකි බවත් වාර්තාව අවධාරණය කරයි.

තවද, රාජ්‍යයන් තමන්ගේ අභිමතය පරිදි තහනම් පැනවීම මඟින් නීත්‍යානුකූල ව්‍යාපාරවලට හානි වීමේ, නීති විරෝධී වෙළඳපොළ වර්ධනයට අනුබල දීමේ සහ දැනටමත් නිකොටින් නිෂ්පාදන සඳහා නියාමනය කළ ප්‍රවේශයට ඉඩ සලසන ෆෙඩරල් රෙගුලාසි සමඟ පරස්පරතා ඇති කිරීමේ අවදානමක් පවතින බව අවධාරණය කළ යුතු කරුණකි.

මැලේසියාව, සිංගප්පූරුව සහ ශ්‍රී ලංකාව වැනි රටවල් මෙම ගෝලීය අත්දැකීම් හොඳින් අධ්‍යනය කිරීම අත්‍යවශ්‍ය වන අතර, පාරිභෝගිකයින් ආරක්ෂා කිරීම, අඩු හානිකර විකල්ප ලබා දීම සහ තහනමෙන් ලාභ ලබන අයට නීතිය ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා සම්පුර්ණයෙන් තහනම් කිරීම වෙනුවට සංවේදී නියාමනයට ප්‍රමුඛතාව දිය යුතුය. එසේ කිරීමෙන්, මෙම රටවලට වෙනත් රටවල් මුහුණ දුන් අසාර්ථකත්වයන් මඟහරවා ගනිමින්, දුම්පාන අනුපාතය අඩු කරන සහ මහජන සෞඛ්‍ය ආරක්ෂා කරන මාර්ගයක් නිර්මාණය කළ හැකිය.

(ලේඛකයා වෙළඳ ප්‍රචාරණය සහ මහජන සම්බන්ධතා ක්ෂේත්‍රයන්හි වසර 14ක් සේවය කරන පළපුරුදු මාධ්‍යවේදියෙකි. ඔහු මහජන සෞඛ්‍ය, එදිනෙදා පරිභෝජන භාණ්ඩ (FMCG), ව්‍යාපාර ඇතුළු බහුවිධ ක්ෂේත්‍ර ආවරණය වන ලිපි සඳහා දායක වී ඇත.)

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *