Delmege සහ Shell Lubricants හවුල්කාරිත්වය 2025 ජුනි 11 වන දින කොළඹ ෂැංග්‍රි-ලා හෝටලයේදී උත්කර්ෂවත්ව සමරයි

ශ්‍රී ලංකාවේ ඉහළම  විශ්වාසයක් දිනා ගත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරයක් වන Delmege සමාගම විසින් කීර්තිමත් ගෝලීය බලශක්ති සන්නාමයක් වන Shell සමඟ ඇරඹි ලිහිසි තෙල් හවුල්කාරිත්වය සනිටුහන් කරමින් පසුගියදා  කොළඹ ෂැන්ග්‍රි-ලා හෝටලයේදී උත්සවයක් පවත්වන ලදී. Shell සහ Delmege සමාගම් ද්විත්වය නියෝජනය කරමින් ඉහළ කළමනාකාරීත්වයන් රැසක් මෙම සුවිශේෂී අවස්ථාවට සහභාගී වී සිටි අතර මෙම සහයෝගීතාවය ඔස්සේ ශ්‍රී ලංකාව වෙත ලිහිසි තෙල් පිළිබඳ මනා විසඳුම් පිරිනැමීම සහ එහි ප්‍රගතිය තවදුරටත් ඉහළ නැංවීම අරමුණු කරයි.

Delmege Forsyth Energy’s සමාගම ශ්‍රී ලංකාවේ Shell සඳහා බලයලත් නිල බෙදාහැරීමේ සමාගම ලෙස නිළ වශයෙන් පත් වීම සිහිගන්වමින් මෙම විශේෂ අවස්ථාව සංවිධානය කර තිබිණි. Shell සමාගම අන්තර්ජාතික මට්ටමෙන් අත්පත් කරගෙන තිබෙන ඉහළ පිළිගැනීම සහ Delmege සතු සවිමත් බෙදාහැරීම් ජාලය ඉවහල් කරගනිමින් ශ්‍රී ලාංකිකයන් වෙත ගෝලීය මට්ටමේ ලිහිසි තෙල් විසඳුම් ලබාදීමට මෙමඟින් අපේක්ෂා කෙරේ.

Shell Lubricants Asia-Pacific හි කළමනාකාරීත්ව කණ්ඩායමේ සාමාජිකයන් මෙන්ම Delmege හි ජ්‍යෙෂ්ඨ කළමනාකාරිත්වය ද මෙම අවස්ථාව සමඟ එකතු වී සිටියහ. එමෙන්ම ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්‍රීඩා නියෝජිතයන්   සහ නිළ Shell සන්නාම තානාපතිවරුන් වන මෝටර් රථ ධාවන ශූර අෂාන් සිල්වා මහතා සහ  යතුරුපැදි ධාවන ශුර ජැක් ගුණවර්ධන මහතා ද මෙම අවස්ථාවට සහභාගී වීම ඔස්සේ විශිෂ්ටත්වය වෙනුවෙන් Delmege සමාගම දක්වන කැපවීම තවත් සවිමත් විය.

Delmege සමාගමේ උපායමාර්ගික ව්‍යාපාර සංවර්ධන සහ සැලසුම් අධ්‍යක්ෂ අම්රිත් ආදිහෙට්ටි මහතා මේ පිළිබඳ ඔහුගේ අදහස් එකතු කළේ මෙසේය. “Shell සමඟ අපි ඇරඹි හවුල්කාරිත්වය හුදෙක්   ව්‍යාපාරික සන්ධිස්ථානයක් නොවේ. එය ඉන් ඔබ්බට ගමන් කරන නවෝත්පාදනය, විශ්වසනීයත්වය සහ දිගුකාලීන වර්ධනය පිළිබඳ වූ සාමුහික කැපවීමක්. ශ්‍රී ලංකාව තුළ දැනට තිබෙන  බලශක්ති විසඳුම්වල ප්‍රමිතිය ඉහළ නැංවීමට ඒකරාශීව කටයුතු කිරීම අපගේ අරමුණයි.”

Shell ලිහිසි තෙල් පිළිබඳ ආසියා පැසිෆික් කලාපයේ නිල බෙදාහැරීමේ ව්‍යාපාර කළමනාකරු ජොනස් සර්මියන්ටෝ මහතා මෙසේ ප්‍රකාශ කළේය. “ශ්‍රී ලංකාවේ දිගු ඉතිහාසයක් සහිත විශිෂ්ට  සමාගමක් වන Delmege සමාගම සමඟ හවුල්කාරිත්වයකට එළඹීමට ලැබීම ගැන අපි නිහතමානීව සතුටු වෙනවා. ඉහළ කාර්යසාධනයක් සහිත අපගේ ලිහිසි තෙල් විසඳුම් ශ්‍රී ලංකාවේ  ප්‍රධාන කර්මාන්ත ඔස්සේ පාරිභෝගිකයන් සහ ව්‍යාපාරිකයන් අතර බෙදාහැරීම සඳහා උපකාරී වන උපායමාර්ගික ඉදිරි පියවරක් ලෙස  මෙම දියත් කිරීම හැඳින්විය හැකියි.මෙම සහයෝගීතාවය මඟින් අපගේ ව්‍යාපාර පැවැත්ම ශක්තිමත් කරමින්, දිවයින පුරා සිටින අපගේ පාරිභෝගිකයන්ට සහ කර්මාන්ත සඳහා නව වටිනාකමක් නිර්මාණය කිරීමට හැකියාව ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් Vallibel One PLC සහ Delmege සමූහයෙහි කළමනාකාර අධ්‍යක්ෂිකා දිනුෂා භාස්කරන් මහත්මිය විසින් මෙසේ පවසන ලදී.”ගෝලීය වශයෙන් ඉහළ විශ්වාසයක් දිනා ගෙන ඇති සන්නාමයන් ශ්‍රී ලංකාවේ වෙළෙඳපල වෙත හඳුන්වාදීම සඳහා අප දක්වන කැපවීම මැනවින් පිළිබිඹු කරන පියවරක් ලෙස Delmege සහ Shell අතර ආරම්භ කළ මෙම සහයෝගීතාවය හැඳින්විය හැකියි.මෙය මෙරට කර්මාන්ත ක්ෂේත්‍රය  නඟා සිටුවමින් රටේ අභිවෘද්ධිය සඳහා මග විවර කරන  දිගුකාලීන හවුල්කාරිත්වයක් ලෙස අපි  විශ්වාස කරනවා.එම දැක්ම ක්‍රියාත්මක වීම කෙරෙහි ප්‍රබල නිදසුනක්  Delmege සමාගම ඔස්සේ Shell සන්නාමය මෙරට දියත් කිරීම  තුළින් සපයනවා.”

වසර 18ක් පුරා අන්තර්ජාතික වෙළෙඳපල තුළ Shell විසින් ගොඩනගා ගෙන ඇති ප්‍රමුඛස්ථානය සහ  Delmege සතු ප්‍රවීණ දැනුම සහ සේවා පළපුරුද්ද සමඟ ශ්‍රී ලංකාව වෙත හඳුන්වා දෙනු ලබන මෙම සුවිශේෂී මෙන්ම  වෙනස් නිෂ්පාදන හරහා  තරඟකාරී ප්‍රතිලාභ රැසක් ඉස්මතු  කරනු ඇත.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *