FACETS 2025 – 31 වැනි වරටත් පැවැත්වෙන මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය ජනවාරි මාසයේදී පැවැත්වෙයි

ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමය (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය (NGJA) සමඟ එක්ව සංවිධානය කරන 31 වන FACETS මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය 2025 ජනවාරි 4 සහ 6 අතර කොළඹ Cinnamon Grand හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.

නව වසරේ ආරම්භයත් සමඟින් ක්ෂේත්‍රයේ සැවොම බලාපොරොත්තුවෙන් සිටි FACETS 2025 ප්‍රදර්ශනය මෙලෙස දියත් කිරීම තුළින් ලොව පුරා සිටින ප්‍රමුඛ මැණික් හා ස්වර්ණාභරණ වෙළෙන්දන්, නිෂ්පාදකයින්, මැණික් තාක්ෂණික ශිල්පීන් සහ එකතුකරන්නන් එකට එක් වීම සිදුවෙයි. වසර ගණනාවක සිට පැවැත්වෙන, FACETS ප්‍රදර්ශනය යනු දිගු ඉතිහාසයක්, කීර්තියක් මෙන්ම වර්ණවත් මැණික් 75 කට අධික සංඛ්‍යාවකට හිමිකම් කියන ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ  ක්ෂේත්‍රයේ පැවැත්වෙන විචිත්‍රවත් සැමරුමකි. දේශීය ස්වර්ණාභරණකරුවන් සහ වෙළෙන්දන් වෙනුවෙන් පවත්වන මෙම ප්‍රදර්ශනය, සාම්ප්‍රදායික මෙන්ම නවීනත්වය මුසු වූ ශ්‍රී ලාංකේය ශිල්පීයත්වය සැමගේ අවධානයට පාත්‍ර කිරීමට දායක වෙයි. 

FACETS Sri Lanka 2025 ප්‍රදර්ශනය මඟින් රත්නපුර, ඇළහර, බේරුවල, ඇහැලියගොඩ, ගාල්ල, පැල්මඩුල්ල, කහවත්ත සහ කොළඹ යන ප්‍රදේශ වල ව්‍යවසායකයින් උදෙසා සිය අද්විතීය මැණික් සහ ස්වර්ණාභරණ ප්‍රදර්ශනය කිරීමට අවස්ථාව සලසයි.  ක්ෂේත්‍රයේ දැවන්තයන්ට ලොව පුරා සිටින වෘත්තිකයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට වේදිකාවක් ලබාදෙන මෙම ප්‍රදර්ශනය මැණික් හා ස්වර්ණාභරණ අපනයනය තුළින් ඇ.ඩො. බිලියන 01 ක පමණ අදායමක් ඉපයීමට අරමුණු කරයි. 

මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලාංකේය නිල් මැණික් සහ විවිධ වර්ණයන්හි මැණික් පිළිබඳ ලෝකයේ අවධානය ඇඳගන්නා අතරම ශ්‍රී ලංකේය සංස්කෘතිය සහ උරුමය ලොව වෙත ගෙන යයි. FACETS 2025 ප්‍රදර්ශනය නිසැකවම ගෝලීය මැණික් හා ස්වර්ණාභරණ කේන්ද්‍රස්ථානයක් ලෙස ශ්‍රී ලංකාවේ ස්ථානය තහවුරු කිරීමට මෙන්ම මැණික් හා සංචාරක කර්මාන්තයට ජාත්‍යන්තර සහයෝගීතාවයන් ලැබීමට අවස්ථාවක් උදා කරයි.

FACETS Sri Lanka 2025 හි ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ Sapphire මැණික් අවධානයට යොමු කිරීම සඳහා Sapphire Night යනුවෙන් සැමරුමක් සංවිධානය කර ඇති අතර ක්ෂේත්‍රයේ කාන්තාවන්ගේ දායකත්වය අඟයමින් Women’s Power යනුවෙන් උදෑසන ආහාර වේලක් සංවිධානය කර ඇත. දේශීය පතල් චාරිකාවක්, වෙළඳපලට පැමිණීමට පෙර සිදුවන පතල් ක්‍රියාවලිය පිළිබඳ අවබෝධයක් ලබා දීම සහ කොළඹ වරාය නගර පරිශ්‍රයේ සංචාරයක් වැනි සුවිශේෂී අත්දැකීම් රැසකින් මෙය සමන්විත වෙයි. VIP ගොල්ෆ් තරඟාවලියක් ද මෙයට ඇතුළත් අතර එමඟින් මෙහි කීර්තිය තව දුරටත් වැඩි කරයි. මෙය කර්මාන්තයේ තිරසාර, වගකීම් සහගත භාවිතයන් සහ කර්මාන්තය හැඩගස්වන ප්‍රජාවන් වෙත වඩාත් අර්ථවත් ගමනක් ලබා දෙනු ඇත.

FACETS Sri Lanka සිය 31 වන වසරට පා තබන බැවින්, එළඹෙන ප්‍රදර්ශනය එහි නරඹන්නන් හට ඉතා විචිත්‍රවත් අත්දැකීමක් ලැබෙන පරිදි සංවිධානය කිරීමට කටයුතු සුදානම් කර ඇත. ශ්‍රී ලංකාවේ මැණික් හා ස්වර්ණාභරණ අංශයේ වඩාත් උත්කර්ෂවත්ම උළෙල වන මෙහි ශ්‍රී ලංකේය මැණික් වල සුන්දරත්වය, විවිධත්වය සහ අසමසම ගුණාත්මකභාවය ලොවට ගෙනයනු ඇත. ප්‍රදර්ශනය පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීම සඳහා www.facetssrilanka.com හෝ FACETS Sri Lanka හි  Facebook හෝ Instagram ගිණුම් වෙත පිවිසිය හැකිය.

FACETS 2025 හි සංවිධාන කමිටුවට ස්තූතිය පළ කරන අතරම ඔවුන්ගේ වෙහෙස මහන්සියේ ප්‍රතිඵල මෙම වසරේ ප්‍රදර්ශනයෙන් දැකබලා ගත හැකිය.

ENDS

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *