Groundworth Partners පන්නිපිටියේ දී Tranquil Acre එළිදක්වයි

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ විශ්වාසනීය සමාගමක් වන Groundworth Partners විසින් සිය 7 වන ව්‍යාපෘතිය වන පන්නිපිටිය – පලන්වත්තේ පිහිටි Tranquil Acre පසුගියදා එළිදක්වන ලදී. රුපියල් මිලියන 1.2 කින් ආරම්භ වන බිම් කොටස් 19 කින් සමන්විත Tranquil Acre සියලු පහසුකම් සහිත, ගේට්ටු අඩංගු ආරක්‍ෂිත භුමි ප්‍රදේශයක් වන අතර ආයෝජකයන්ට සහ නිවාස හිමියන්ට නාගරිකත්වයෙන් මිදුණු සුවිශේෂී අත්දැකීමක් සපයයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් Groundworth Partners හි සම නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ කසුන් අන්ද්‍රහෙන්නදි මහතා මෙසේ පැවසුවේය. “Tranquil Acre කියන්නේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ අසමසම වටිනාකමක් ලබාදීමට අප ගන්නා උත්සාහයට කදිම නිදසුනක්. මෙම ව්‍යාපෘතිය මඟින් අපගේ සේවාදායකයන්ට ඔවුන්ගේ සිහින නිවහන තනා ගැනීමට හෝ ඉතා වටිනා ආයෝජනයක් සිදු කිරීමට අවස්ථාව ලබා දෙනවා. සියලු පහසුකම් වලට ආසන්නව පිහිටි, සුවපහසු ජිවන රටාවකට අවස්ථාව ලබා දෙන, කාලයත් සමඟ අගය වැඩිවන ආකාරයේ ඉඩම් පමණක් අප අපගේ සේවාදායකයන් සඳහා තෝරාගනු ලබන අතර ඔවුන්ට හොඳම දේ ලබා දීමට අප නිරතුරුවම කැපවී සිටිනවා.”

නාගරික පරිසරයෙන් මිදුණු සුන්දර ග්‍රාමීය අත්දැකීමක් ලබා දෙන Tranquil Acre, සාමකාමී ආරක්‍ෂිත පරිසරයකින් යුක්ත වන අතර ලාභදායි ආයෝජන අවස්ථා සඳහා සහ නේවාසික ජීවිතය යන දේආකාරයටම ඉතා සුදුසුය. ප්‍රධාන බැංකු, සුපිරි වෙළඳසැල් සහ පාසල් යනාදියට ආසන්නව පිහිටීම නිසා සේවාදායකයන්ට අසමසම පහසුවක් ලබා දෙන අතර ප්‍රධාන බස් මාර්ගවලට ඇති පහසු ප්‍රවේශය සහ මාකුඹුර අධිවේගී මාර්ගයේ සිට මිනිත්තු 15ක දුරින් පිහිටීම තවත් සුවිශේෂී වේ.

සාමකාමී සහ ආරක්ෂිත පරිසරයකින් යුක්ත වීම, අඩි  20 ක පළලකින් යුත් පහසු ප්‍රවේශ මාර්ගයක් සහිත වීම, නිරවුල් ඔප්පු මඟින්  සුමට ආයෝජන ක්‍රියාවලියක්  සහිත වීම, පාසල්, සෞඛ්‍ය පහසුකම්, සාප්පු සංකීර්ණ සහ අනෙකුත් අවශ්‍ය පහසුකම් වලට ආසන්න වීම, කාලයත් සමඟ අගය වැඩිවන ඉඩමක් වීම යන නිර්ණායකයන් 5 අනුගමනය කිරීම මඟින් Groundworth Partners විසින් සිය සේවාදායකයන්ට උපරිම වටිනාකමක් ලබා දෙනු ලබයි.

ඉඩම් මිලඳී ගැනීමේදී මුහුණ දීමට සිදුවන දුෂ්කරතා හොඳින් හඳුනාගෙන සිටින Groundworth Partners, සිය සේවාදායකයන්ට පහසු අත්දැකීමක් ලබාදීම උදෙසා කැපවී කටයුතු කරන කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ. සිය විශ්වාසනීයත්වය සහ සේවාදායකයා  කේන්ද්‍ර කරගත් ප්‍රවේශය හේතුවෙන් තරඟකාරී දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රය තුළ ප්‍රමුඛයෙකු ලෙස කීර්තියක් අත්පත් කර ගැනීමට Groundworth Partners සමත් වී තිබේ.

Tranquil Acre සහ අනෙකුත් ව්‍යාපෘති පිළිබඳ වැඩි විස්තර සඳහා www.groundworthpartners.com වෙබ් අඩවිය වෙත හෝ [email protected] ඔස්සේ අප හා සම්බන්ධ විය හැකිය.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *