Mercedes-Benz Club of Sri Lanka, ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ 635ක් සමඟ  ලෝක වාර්තාවක් පිහිටුවයි

Mercedes-Benz Club of Sri Lanka විසින්, Mercedes-Benz මෝටර් රථ 635ක් එක් ස්ථානයක රැස් කරමින් ලෝකයේ විශාලතම Mercedes-Benz රථ එකතුව ලෙස නව ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. මෙය  BDO Partners Chartered Accountants විසින් නිල වශයෙන් තහවුරු කර ඇත.                                            

මෙම නව වාර්තාව, 2021 ඔක්තෝබර් 16 වන දින ඉක්වදෝරයේ කීටෝ නගරයේ Mercedes-Benz Ecuador විසින් පිහිටුවා තිබූ, ගිනස් වාර්තා පොතේ සඳහන් වාහන 479ක පැරණි වාර්තාව ද ඉක්මවා යාමකි.  

මෙම ඓතිහාසික Mercedes-Benz රථ එකතුව Mercedes-Benz Pageant 2025 දී ප්‍රදර්ශනය වූ අතර, පසුගිය වසර අවසානයේ රටට බලපෑ ස්වභාවික විපත් හේතුවෙන් කල්දමා, 2026 පෙබරවාරි 8 වන දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී  (BMICH) පැවැත්විණි.  නවීන මෝටර් රථයේ උපතට මඟ පෙන්වූ  Mercedes-Benz නවෝත්පාදනයට වසර 140ක් පිරීමත් සහ Mercedes-Benz Club of Sri Lanka සඳහා වසර 35ක් පිරීමත් නිසා Mercedes-Benz Pageant 2025   සුවිශේෂී සන්ධිස්ථානයක් විය.     

Mercedes-Benz Club of Sri Lanka සහ ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා වන DIMO ආයතනය, Mercedes-Benz Pageant උළෙල එහි මූලාරම්භයේ සිට මේ දක්වා සංවිධානය කරනු ලැබීය. මෙහිදී රට පුරා සිටින Mercedes -Benz රථ හිමියන් එක්ව, සන්නාමයේ උරුමය, ඉංජිනේරු විශිෂ්ටත්වය සහ ශ්‍රී ලංකාවේ  Mercedes-Benz  ප්‍රජාව තුළ පවතින ශක්තිමත් සම්බන්ධතාවය සමරනු ලැබීය. පැරණි සහ නවතම Mercedes-Benz රථ එකම ස්ථානයක දී ප්‍රදර්ශනය කෙරෙන විශේෂ උත්සවයක් ලෙස ද  Mercedes-Benz Pageant හැඳින්විය හැක.

මෙම අවස්ථාව පිළිබඳ අදහස් දක්වමින්, Mercedes-Benz Club of Sri Lanka හි සභාපති අස්ගි අක්බරාලි මහතා පැවසුවේ, “මෙය අපට අතිශයින්ම ගෞරවනීය මොහොතක්. අපගේ සාමාජිකයින්ගේ සහ ශ්‍රී ලංකාවේ සමස්ත Mercedes-Benz හිමිකරුවන්ගේ  උනන්දුව, කැපවීම සහ එකමුතුව මෙයින් පැහැදිලිව පෙන්නුම් කරනවා. මෙම Mercedes-Benz රථ එකතුව විගණනය කරමින් BDO Partners විසින් ලබාදුන් සහතිකය, මෙම උළෙල ක්‍රමවත්ව සහ නිවැරදිව සංවිධානය වූ බව තහවුරු කරනවා.” යන්නයි.

ඔහු තවදුරටත් කියා සිටියේ  “මෙම විශිෂ්ට අවස්ථාව සාර්ථක කරගැනීමට දායක වූ  Mercedes-Benz රථ හිමියන්ට, DIMO ආයතනයට සහ අනෙකුත් පාර්ශවකරුන්වන්ට  Mercedes-Benz Club of Sri Lanka  සිය කෘතඥතාවය පළකරනවා.” යනුවෙනි.

DIMO ආයතනයේ විධායක අධ්‍යක්ෂ රජීව් පණ්ඩිතගේ මහතා අදහස් දක්වමින්, “වර්ෂ 85කට අධික කාලයක් පුරා මෝටර් රථ ක්ෂේත්‍රයේ අධිකාරිත්වය දරමින්, ශ්‍රී ලංකාවේ Mercedes-Benz රථ සඳහා එකම බලයලත් බෙදාහරින්නා ලෙස, මෙම ඉතිහාසගත අවස්ථාවට සහය වීමට DIMO සමාගමට හැකිවීම මහත් ගෞරවයක්,” යැයි සඳහන් කළේය.

“වර්ෂ 140ක පුරෝගාමී නවෝත්පාදන උරුමයක් මත ගොඩනැගුණු Mercedes-Benz  සන්නාමය, අදත් අසමසම සන්නාම උරුමයකින් හා හිමිකරුවන්ගේ අඛණ්ඩ විශ්වාසයෙන් ඉදිරියට ගමන් කරයි. මෙම සුවිශේෂී රථ එකතුව එම ශක්තිමත් Mercedes-Benz ප්‍රජාවේ බලයත්, ශ්‍රී ලංකාවේ මෝටර් රථ ක්ෂේත්‍රයේ දිගුකාලීන විශිෂ්ටත්වයත් පැහැදිලි කරයි.” යනුවෙන් ඔහු තවදුරටත් පැවසීය.

1990 වසරේ ආරම්භ වූ Mercedes-Benz Club of Sri Lanka, රට පුරා සිටින Mercedes-Benz  රථ හිමියන් සහ උනන්දුවක් දක්වන පිරිස එකට එක්කරමින්, සන්නාමයේ උරුමය, නවීන තාක්ෂණය සමරන ප්‍රජාවක් ලෙස ක්‍රියා කරයි. විවිධ උත්සව, ප්‍රදර්ශන සහ ප්‍රජා වැඩසටහන් හරහා, Mercedes-Benz පිළිබඳ දැනුම, සම්බන්ධතා වැඩිදියුණු කිරීමට කටයුතු කරමින් සිටියි.

Share

Leave a Reply

Your email address will not be published. Required fields are marked *