
NEXT Ventures සිය නවතම ගෝලීය මෙහෙයුම් මධ්‍යස්ථානය වන NEXT Ventures Lanka (Pvt) Ltd සමාගම නිල වශයෙන් පසුගියදා කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 24 මහලේ දී විවෘත කරන ලදී. මෙම නව ආරම්භය පුද්ගල ජිවිත සංවර්ධනය මෙන්ම වේගයෙන් වෙනස්වන FinTech කර්මාන්ත ක්ෂේත්‍රය තුළ ගෝලීය වශයෙන් බලපෑමක් ඇතිකිරීමේ සමාගමේ මෙහෙවරෙහි නව පියවරක් ලෙස සැළකිය හැකිය.
මෙම විවෘත කිරීමේ උත්සවය සඳහා NEXT Ventures හි CEO සයිඩ් අබ්දුල්ලා ජයෙඩ් සහ CSO සයිඩ් අබ්දුල්ලා ගලිබ් යන මහත්වරුන් සහභාගී වූ අතර එන්වෝයි ඕර්ටස් සමූහය, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව, ACMI සමූහය, ඕවර්සීස් රියල්ටි සිලෝන්, ඩයලොග්, SLT සහ ලැප්ටොප් LK ඇතුළු දිවයිනේ ප්‍රමුඛතම ආයතන නියෝජනය කරමින් ආරාධිත භවතුන් රැසක් මෙම අවස්ථාවට සහභාගී විය. එසේම ව්‍යාපාරික සබඳතා තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සංවාද සැසියක් ද මෙහිඳි සංවිධානය කර තිබුණි.
මෙම අවස්ථාව පිළිබඳව NEXT Ventures හි මානව සම්පත් ප්‍රධානී සුරිත් දේවගිරි මහතා මෙසේ සිය අදහස් දැක්විය. “NEXT Ventures ගමන්මඟේ තීරණාත්මක සන්ධිස්ථානයක් ලෙස කොළඹ නගරයේ මෙහෙයුම් මධ්‍යස්ථානය විවෘතවීම සැළකිය හැකියි. එසේම නිර්මාණශිලි පිරිස් අගයනු ලබන, දක්ෂතා වලින් පරිපුර්ණ , අධිෂ්ඨානශීලී නව පරපුරක් බිහිකිරීම වෙනුවෙන් අපි නිරතුරුවම අවධානය යොමුකළ යුතුයි.”

ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් අනුමත කරන ලද සමාගමක් ලෙස NEXT Ventures Lanka (Pvt) Ltd හඳුන්වාදිය හැකිය. එසේම එක්සත් අරාබි එමීර් රාජ්‍ය පදනම් කරගත් මව් සමාගම වන NEXT Holdings L.L.C-FZ යටතේ ක්‍රියාත්මක වනු ලබන මෙහෙයුම් මධ්‍යස්ථාන කිහිපයකින් එකක් ලෙස NEXT Ventures Lanka PVT Ltd සැළකිය හැකි අතර එය ගෝලීය ව්‍යාප්තියේ තවත් එක් වැදගත් සන්ධිස්ථානයකි. ශ්‍රී ලංකාවේ වර්ධනය වනු ලබන තාක්ෂණික කුසලතා මත සිය ව්‍යපාරික මෙහෙයුම් පුළුල් කරමින්, නව තාක්ෂණික සංවර්ධන ක්‍රම පදනම් කරගත් පාරිභෝගික විසඳුම් ලබාදෙමින්, ගෝලීය වශයෙන් සිය ගනුදෙනුකරුවන් වෙත වඩාත් උසස් සේවාවක් ලබාදීමට NEXT Ventures Lanka සමාගමේ ක්‍රියාකාරීත්වය බෙහෙවින් ඉවහල් වනු ඇත.
NEXT Ventures Lanka PVT Ltd ජනාකීර්ණ කොළඹ නගරයේ ක්‍රියාත්මක වන අතර, පුද්ගලයා ප්‍රමුඛ කරගත් සංකල්පයක් මත පදනම්ව ක්‍රියාත්මක වනු ලබයි. වැඩබිම සංකල්පයෙන් ඔබ්බට ගොස් වඩාත් නිර්මාණශිලි හා සහයෝගීතාවයෙන් යුත් කණ්ඩායමක් තුළින් නව නිර්මාණයන් සමාජගත කිරීම මෙම මධ්‍යස්ථානයේ මූලික අරමුණ වනු ඇත.