මහජන සෞඛ්‍ය පිළිබඳ වඩාත් වැදගත් වෙනස්කම් රාශියක් පිළිබිඹු කරන අන්තර්ජාතික Vape දිනය මේ වසරේ මැයි 30 වැනි දිනට යෙදී තිබේ. Vape භාවිතය සහ එහි අවම හානිදායක බව පිළිබඳ පැහැදිලි පිළිගැනීමක් සහිත ඕනෑම ස්ථානයක දුම්වැටි භාවිත කිරීමේ අනුපාතය සීඝ්‍රයෙන් පහත වැටී ඇත. එමෙන්ම ස්වීඩනය වැනි රටවල් මේ වන විටත් පූර්ණ වශයෙන් දුම්වැටි භාවිතයෙන් නිදහස් වීමේ ඉතා ආසන්න මට්ටමකට පැමිණ සිටින අතර දුම්වැටි භාවිතයේ ඓතිහාසික පහත වැටීමක් නවසීලන්තයෙන් ද වාර්තා වේ. එබැවින් “වසර 20ක කරුණු” යන තේමාව මුල් කරගනිමින් මෙවර අන්තර්ජාතික Vape දිනය සැමරෙන අතර ඒ හරහා Vape භාවිතා කිරීම පසුපස පවතින විද්‍යාත්මක කරුණු සහ ජීවන අත්දැකීම් ඉස්මතු කෙරේ.
වර්තමානය වන විට දුම්වැටි භාවිතය නිසා ඇතිවන හානිදායක බව අවම කිරීම පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇති ස්වීඩනය, එක්සත් රාජධානිය සහ නවසීලන්තය වැනි රටවල දුම්වැටි භාවිත කිරීමේ අනුපාතය වාර්තාගත ලෙස පහළ ගොස් තිබේ.එහෙත් සීමා කිරීම් පිළිබඳ ප්‍රතිපත්ති පමණක් සකස් ඇති රටවල මේ පිළිබඳ තවමත් පවතින්නේ පසුගාමී තත්ත්වයකී. බොහෝදුරට දුම්පානයට සාපේක්ෂව Vape භාවිතය නිසා සිදුවන හානිය අවම බව මෙන්ම නිකොටින් භාවිතය සඳහා පවතින සම්ප්‍රදායික ප්‍රතිකාරවලට වඩා Vape ඉතාමත් ඵලදායි ක්‍රමවේදයක් බව මේ සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ සෞඛ්‍ය බලධාරීන් විසින් සිදුකර ඇති පර්යේෂණ ඔස්සේ තහවුරු වී ඇත.
Vape භාවිතයේ පවතින අවම හානිදායක බව සහ මහජන සෞඛ්‍ය කෙරෙහි එය සිදුකර තිබෙන පරිවර්තනය සම්බන්ධයෙන් අඛණ්ඩව ඉදිරිපත් වන සාක්ෂී සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කළ නොහැකිය. ආරක්ෂාකාරී නිකොටින් නිෂ්පාදන භාවිතය පුළුල් කිරීම ඔස්සේ ස්වීඩනය දුම්වැටි භාවිතය ද තුරන් කර ඇති අතර නවසීලන්තය ද ක්‍රමයෙන් දුම්වැටි භාවිතයෙන් නිදහස් වූ අනාගතයක් කරා ගමන් කරමින් සිටියි. ඒ අනුව වැඩිහිටි පුද්ගලයන්ට නියාමනය කරන ලද Vapes භාවිතා කිරීමට සහ මුඛ නිකොටින් නිෂ්පාදන සඳහා ප්‍රවේශවීමට අවස්ථාව තිබෙන විට දුම්වැටි භාවිතා කිරීමේ අනුපාතය වේගයෙන් පහළ වැටෙන බව මෙම දත්ත තුළින් අනාවරණය වේ.එමෙන්ම ඒ ඔස්සේ ජීවිත වැඩි ප්‍රමාණයක් බේරා ගැනීමට සහ සෞඛ්‍ය අසමානතාවයන් අවම කිරීමටද හැකියාව ලැබේ .
එහෙත්,ගෝලීය වශයෙන් මේ සම්බන්ධයෙන් ගොඩනැගී ඇති කතිකාවත්වලදී මෙම සාර්ථක කරුණු සහ සංවාදයන් බොහෝ දුරට බැහැර කරයි. ප්‍රතිපත්ති සම්පාදකයන් ජනතාව බියට පත් කිරීමට පෙර ඊට අදාළ සැබෑ කරුණු ඉදිරිපත් කිරීම, දුම්වැටි පානය නවතා දැමූ පුද්ගලයන්ගේ සැබෑ අත්දැකීම්වලට සවන්දීම මෙන්ම දුම්පානය නිසා උද්ගත විය හැකි රෝගී තත්ත්වයන් අවම කිරීම උදෙසා නවෝත්පාදන යොදාගත හැකි බව සහතික කිරීම පිළිබඳ දැඩි අවශ්‍යතාවක් පවතින බව මෙම අන්තර්ජාතික Vape දිනයේදී අවධාරණය කරයි.
සැබෑ දත්තයන් මෙලෙස ඉදිරිපත් වී තිබියදී වූවද, විශේෂයෙන්ම මැයි 31 දිනට යෙදෙන ලෝක දුම්කොළ විරෝධී දිනය පදනම් කරගනිමින් ඉදිරිපත් වන විවිධ වැඩසටහන් සහ අවස්ථාවන්වලදී හානි අවම කිරීම ආදී කරුණු සියල්ල සම්පූර්ණයෙන්ම යටපත් කරමින් බොහෝ විට වෙනත් තොරතුරු සමාජ ගත කිරීමට උත්සහ කරයි. අන්තර්ජාතික Vape දිනයේදී මෙම තත්ත්වය අභියෝගයට ලක් කරයි.